තමන් පැහැරගෙන ගොස් මරා දමන්නට සැළසුම් කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාච්චි බව ඊයේ (2)දින වසන්ත මුදලිගේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අනාවරණය කරන ලදී.
සමෘද්ධි නිළධාරියකු……..
මේ මහින්ද විල්ලෝරාච්චි හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිළධාරියකු ලෙස සේවය කර පොලිස් සේවාවට එක් වූ අයෙකි.මොහුට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි පෙළ නිළධාරියකු ලෙස වැජඹෙන්නට වාසනාව උදාවූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දන නිසාය.
සජින් ද වාස් ගුනවර්දන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ එක්සත් ජනතා සන්ධානයේ අනෙකුත් අපේක්ෂකයන් හා සජින් වාස් ගුනවර්දන අතර පැවතියේ දැඩි විරසකයකි.සජින් වාස් ගුනවර්ධන බලපිටිය එක්සත් ජනතා සන්ධානයේ සංවිධායක වරයා ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙද්දී බද්දේගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වූයේ නිශාන්ත මුතුහෙට්ටිගමය.මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කරමින් පවතින කාල සීමාවකදී එක් දිනක සජින් වාස් ගුනවර්දනට උඩුගම පදිංචි සිය පාක්ෂික හිතවතුන් ගෙන් පැමිණිල්ලක් ලැබුණි.ඒ සජින් ද වාස් ගුනවර්දනගේ මැතිවරණ කාර්යාල නිශාන්ත මුතුහෙට්ටිගම හා ඔහුගේ ආධාර කරුවන් විසින් කඩා බිඳ දමන බවය.එම ආරංචිය ලැබීමත් සමග සජින් ද වාස් ගුනවර්දන එදින රාත්‍රියේ සිය හිතවත් මැර කණ්ඩායමක් සමග වාහන හැට හැත්තෑවකින් නිශාන්ත මුතුහෙට්ටිගම පදිංචි උඩුගම ප්‍රදේශයට ඇතුල් වී නිශාන්ත මුතුහෙට්ටිගම වෙනුවෙන් ඉඳි කර තැබූ කාර්යාල කඩා විනාශ කරමින් යකා නටන්නට විය.මේ ප්‍රහාරය වෙද්දී නිශාන්ත මුතුහෙට්ටිගම කොළඹට පලා ගියේය.කොළඹට ආ නිශාන්ත මුතු හෙට්ටිගම දුරකතනයෙන් ජනපති මහින්ද රාජපක්ෂ අමතා තම බල ප්‍රදේශයට සජින් ද වාස් ගුනවර්දන හා ඔහුගේ හිතවත් මැරයන් පැමිණ තමන්ගේ මැතිවරණ කාර්යාල කඩා බිඳ දමමින් සිටින බව පැවසීය.ජනපති මහින්ද රාජපක්ෂ ගේ පිළිතුර වූයේ තමුන් වැපිරූ අස්වැන්න තමන් විසින්ම නෙලා ගත යුතු බවය.උඩුගම ස්ථානාධිපති……..එදින රාත්‍රියේ නිශාන්ත මුතුහෙට්ටිගම ගේ උඩුගම තිබූ මැතිවරණ කාර්යාල විනාශ කරමින් ගිය වාහන කණ්ඩායමේ පෙර ගමන් රථයේ සිටියේ සජින් වාස් ගුනවර්දනය.උඩුගම සිදු වෙමින් පවතින මේ සිදුවීම එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති වරයාට වාර්තා විය.ඔහු සිය නිල රියෙන් පැමිණ සජින් ද වාස් ගුනවර්දන සිටි රිය අසලට පැමිණියේය.ඔහු ආවේ සජින් වාස් ගුනවර්දන වැඳ ගෙන හඬා වැටෙමිනි .අනේ බුදු සර්….මට මේ නිසා ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන් සර් …මේ වැඩේ නවත්වන්න සර් ..පොලිස් ස්ථානාධිපති වරයා ඉල්ලා සිටියේ ඉකි ගසිමිනි.සජින් ද වාස් ගුනවර්දන ඔහු අමතා කීවේ හරි තමුන් හෙට උදේට අම්බලන්ගොඩට ඇවිල්ල මං හමුවෙනවකො යැයි කියාය.එදින රාත්‍රියේ උඩුගම සිදු වූ ආරවුල එතැනින් අවසන් විය.පසුදා පාන්දරඋඩුගම ස්ථානාධිපතිවරයා අම්බලන්ගොඩ පැමිණ සජින් ද වාස් ගුනවර්දන හමුවිය.සජින් ද වාස් ගුනවර්දන ඒ මොහොතේම පොලිස්පති මහින්ද බාලසූරිය ඇමතුමක් ගෙන “මහින්ද මේ උඩුගම ඕඅයිසී අහුංගල්ල ඕඅයිසී කරල දානවා” යැයි නියෝග කෙරුවේය.පැය විසි හතරක් ගෙවී යන්නට පෙර උඩුගම පොලීසියේ ඕඅයිසී අහුංගල්ල ඕඅයිසී ලෙස වැඩ බාර ගත්තේය.මේ ඕඅයිසී වෙනින් කවුරුවත් නොවේ මහින්ද විල්ලෝරාච්චිය.මහින්ද විල්ලෝරාච්චි ගේ පොලීසියේ ඉහළට නැගීම ඇරඹුනේ මෙතැන් සිටය.අහුංගල්ල ඕඅයිසී……..අහුංගල්ල ඕඅයිසී ලෙස රාජකාරි කරමින් සිටි මහින්ද සජින් ද වාස් ගුනවර්දනගේ ඉතා සමීපතම විශ්වාස වන්ත පොලිස් නිළධාරියා විය.ඒ කාල සීමාවේදී අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ධුරය හිස් වූ අතර සජින් ද වාස් ගුනවර්දන ඒ තනතුර සඳහා පොලිස් පරීක්ෂක මහින්ද පත් කර ගත්තේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙසය.එතැන් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස පත්වන තුරුම මහින්ද අම්බලන්ගොඩ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස රාජකාරි කටයුතු කළ අතර ඉන් පසුව ඔහු එම තනතුරේ ස්ථිර විය.කෝසල ගේ අමුඩ හෝදන්න විලෝආරච්චි…….
මේ අතර තුර කාලයේදී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ අතර සජින් ද වාස් ගුනවර්දන එම පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කරේ නැත.යහපාලනයත් සමගම අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ දිගටම රැඳී සිටින්නට මොහු අම්බලන්ගොඩ එජාපයේ ක්‍රියාකාරිකයකුගේ අමුඩ හෝදන්නට විය.ඒ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරු කෝසල ගේය.කෝසල ගේ මැදිහත් වීමෙන් යහපාලනයේ අමාත්‍ය ගයන්ත කරුනාතිලක මගින් මහින්ද විල්ලෝරාච්චි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක කම තහවුරු කර ගැනීමටද හැකි විය.සුජීව හා මහින්ද විල්ලෝරාච්චි අතර………..මේ අතර තුර කාලයේදී අම්බලන්ගොඩ නගරයේ සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධව කොස්ගොඩ සුජීව පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කරන්නට මූපොප මහින්ද කටයුතු කරන ලදී.ඒ වන විට කොස්ගොඩ සුජීව නම් පාතාලයා සිටියේ ඩුබායි රාජ්‍යයේය.එහි සිට කොස්ගොඩ සුජීව මූපොප මහින්දට දුරකතන ඇමතුමක් දී තර්ජනය කරන ලද්දේ මහින්දගේ දියණිය හා බිරිද මරා දමන බවය.මහින්ද ඉන් අතිශය බියට පත්ව සිංගර් කෝසල ගේ පිහිට පැතීය.ඒ වන විටත් කොස්ගොඩ සුජීවගේ හා තෙල්වත්තේ ලැසී විසින් හික්කඩුව හා අම්බලන්ගොඩ ව්‍යාපාරිකයන්ට තර්ජනය කොට ඊසි කෑෂ් ක්‍රමයෙන් ලබා ගත් කප්පම් මුදල් බැර වූයේ සිංගර් කෝසලගේ ගිනුමටය.සිංගර් කෝසල විසින් කොස්ගොඩ සුජීව හා මහින්ද විල්ලෝරාච්චි අතර මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නගන ලදී.මේ අතරේ මහින්ද විල්ලෝරාච්චි බලපිටිය එවකට සිටි මහේස්ත්‍රාත්වරිය සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගත් අතර ඒ සම්බන්ධය අම්බලන්ගොඩ පොලීසියේ පහල නිළධාරීන් හැඳින්වූයේ “විජය මාලනී’ ලව් එක විදියටය.මහේස්ත්‍රාත්වරිය………මහේස්ත්‍රාත් නිල නිවසේ රාත්‍රී කාලයේදී මේ යුවල රැඟූ පෙම් රැගුම් දෑසින් දුටු එහි ආරක්ෂක මුර රාජකාරිවල නිරත පොලිස් නිළධාරීන් තවමත් පොලිස් සේවයේ සිටී.මෙම මහේස්ත්‍රාත්වරිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ස්ථාන මාරුවීමක් යන විට මහින්ද විල්ලෝරාච්චි කොළඹ ග්‍රෑන්ඩ් ෆාස් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස පත් විය.මහින්ද හා ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු………
කෙසේවෙතත් වත්මන් පොලිස්පති වික්‍රමරත්න හා මහින්ද විල්ලෝරාච්චි අතර පෞද්ගලික සමීප සම්බන්ධතාවක් පැවතුනි.මේ සම්බන්ධතාවය නිසාම මහින්ද හා ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා ගජමිතුරු හිතවත් කමක් ඇති විය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොස්ගොඩ සුජීව අතර සම්බන්ධතාවක් ඇති වූයේ මහින්ද විල්ලෝරාච්චිගේ මැදිහත් වීම නිසාය.දේශබන්දු තෙන්නකෝන් විසින් මහින්ද පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස පත් කර ගන්නා ලද්දේ පොලීසියේ හා පාතාලයන් අතර අඹ යාළු මූලස්ථානය පෑලියගොඩ පොලීසිය ආශ්‍රිතව පවත්වාගෙන යන නිසාය.සුඛෝපභෝගී මාලිගාවක්………පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරන විට මහින්ද විසින් ඒ වන විටත් ඉඳි කරමින් තිබූ සිය නිවසේ සියළු වැඩ කටයුතු අවසන් කිරිිමට සිදු විය.අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස අතේ සතේ නැතුව නිවසක් සෑදීම ආරම්භ කළ මහින්ද විල්ලෝරාච්චිට එම නිවස අත්තිවාරම දැමීමට සජින් වාස් ගුනවර්දන ලක්ෂ හතක් ලබා තිබුණි.එහෙත් මහින්ද පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස එම නිවස ඉඳි කිරීම අවසන් කෙරුවේ සුඛෝපභෝගී මාලිගාවක් විදියටය.මහාධිකරණ විනිසුරුට……..මෙම නිවස හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වූ හිරිඹුරේගෙදර ගේ පෞද්ගලික නිවසට යාබදව ඉඳිවී තිබේ. මහාධිකරණ විනිසුරුටත් මහින්ද විසින් ඉඳි කරන ලද මාලිගාවක් නැත.මහින්දට එම මාලිගාව ඉඳි කිරීමට මුදල් හදල් එවන ලද්දේ කොස්ගොඩ සුජීවය.පාතාල ක්‍රියාකාරිකයකු වූ මදූෂ් අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ මේ කාලයේදීය.මදූෂ් ගේ හා ඔහුගේ සමීපතමයන්ගේ ගිනුම් වල තිබූ කෝටි ගනන් මුදල් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට බැර වෙන ආකාරයට ගේම ගැහැව්වේ මහින්දය.මදූෂ් මරා දමන ලද්දේ මහින්ද විල්ලෝරච්චි…….ඒ සියල්ල අවසන් වීමෙන් පසුව මදූෂ් මරා දමන ලද්දේ මහින්ද විල්ලෝරච්චි ඇතුළු කණ්ඩායමයි.මෙහිදී විශේෂ සිදුවීමක් විය.මහින්ද විල්ලෝරාච්චි විසින් මරා දැමීමට ගෙන ගිය මදූෂ්ට වෙඩි තැබීමට කැඳවා තිබුණේ පොප රංඟජීවය.ඒ මදූෂ් විසින් රංඟජීවට කර තිබූ තර්ජනයක් හේතුවෙනි.මදූෂ්ට වෙඩි තැබීමට පැමිණි රංගජීව එම වෙඩි තැබීමට පෙර මදූෂ්ට අපහාස නින්දා කර පහරදී මූනට කෙල ගැසූ බවද දැන ගැන්මට තිබේ.ඒ වනවිටත් රංගජීව සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ චෝදනා ලබා පොලීසියේ වැඩ තහනමට ලක් වීය.එහිදී සාමාන්‍ය පුරවැසියකු වූ රංඟජීවට ගිණි අවි ලබා දී මදූෂ් ඝාතනය කිරීමට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති වරයා ලෙස මහින්ද විල්ලෝරාච්චි බරපතල වැරැද්දක් කර තිබේ.මේ ඝාතන නියෝගය කරන ලද්දේ ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. (මේ පිලිබදව් විඩියෝ පටයක් හා හඩ පටයක් අප විසින් එක්සත් ජාතින්ගේ සංවිදානයට භාර දි තිබේ.)
කොස්ගොඩ සුජීවගේ බිරිඳගේ මාමා……….මහින්ද විල්ලෝරාච්චි පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරන අවදියේ කොස්ගොඩ සුජීවගේ බිරිඳගේ මාමා සී.අයි.ඩී.යෙන් පොලීසියෙන් අත් අඩංගුවට ගන්නා ලද්දේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය.මොහු අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වරයා විය.මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිනුමේ කෝටි හතලිස්පහක මුදලක් ඇති බවට සී.අයි.ඩී. විසින් පරීක්ෂණ වලදී සොයගත් බව ඒ දිනවල ජාතික පුවත් පත් වල පල විය.එහෙත් අත් අඩංගුවට ගත් කොස්ගොඩ සුජීවගේ මාමා කිසිදු චෝදනාවක් නැතුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හරින ලදී.දේශබන්දු තෙන්නකෝන්……ඒ සැකකරුට නිදහස ලබා ගැනීමට මැදිහත් වූයේ මහින්ද විල්ලෝරාච්චිය.කොස්ගොඩ සුජීවගෙන් ඒ සඳහා මුදල් තොගයක් මහින්දට ලැබුණ අතර ඒ මුදල් තොගය ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග බෙදා ගන්නා ලදී.කොස්ගොඩ තාරක නොහොත් තාරක විජේසේකර මරා දැමීම……….අනතුරුව මහින්ද විල්ලොරාච්චිට කොස්ගොඩ සුජීවගෙන් කොන්ත්‍රාතුවක් ලැබුණි.ඒ සිය ප්‍රතිවාදියා කොස්ගොඩ තාරක නොහොත් තාරක විජේසේකර මරා දැමීමටය.ඒ අනුව අත් අඩංගුවට ගත් කොස්ගොඩ තාරක පෑලියගොඩ පොලීසියට ගෙනවිත් ඔහුගේ බැංකු ගිනුම් වල ගිනුම් ගත කර තිබූ මුදල් හා ඔහු සිය හිතවතුන් අසල සඟවා තිබූ කෝටි ගනනක රත්තරං ආදිය ප්‍රපො මහින්ද හා පොලිස් කණ්ඩායම විසින් සැළසුම් සහගතව ලබා ගන්නා ලදී.ඒ සඳහාද අණ දුන්නේ ඡ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වේ.මෙහිදී තාරක විජේසේකර ගේ මව විසින් මානව හිමිකම් සංවිධාන හා පාම චන්දිම වීරක්කොඩි හරහා සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීම් කළද මහින්ද ඇතුළු කණ්ඩායම කොස්ගොඩ තාරක මේලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරන ලදී.මේ සිදුවීමට සම්බන්ධ සියළු තොරතුරු තාරක ගේ මව වන ජානකී විජේසේකර සතුව තිබේ.හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි………..කොස්ගොඩ තාරක මාතරදී පොලිස් නිළධාරියකු ඝාතනය කොට පලා යද්දී පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා සිටියදී ඔහුට කරාපිටිය රෝහලට ඇතුළත් වී ආරක්ෂාව සලසා දීමේ සැලසුම නිර්මාණය කෙරුවේ එවකට හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩිය. තාරක ගේ මව චන්දිම වීරක්කොඩි ගේ සමීපතම පාක්ෂිකාවකි.කොස්ගොඩ තාරක හා කොස්ගොඩ සුජීව සමීප ඥාතීන් වුවද යම් යම් පාතල ක්‍රියාකාරකම් නිසා මේ දෙදෙනා අතර විරසකයක් මතු වී තිබුණි.පාතාල ක්‍රියාකාරකම් අතින් කොස්ගොඩ තාරක කොස්ගොඩ සුජීවට ඉදිරියෙන් සිටි අතරම කිසිම පාතාල ක්‍රියාකාරකමකට බය නැති ඕනෑම කරත්තයකට නගින අයෙකු ලෙස බන්ධනාගාර වල ප්‍රසිද්ධ වී සිටි අයෙකි.ඇතැම් පාතාලයන් බන්ධනාගාරය තුළදී තම විරුද්ධ වාදීන්ට හෝ බන්ධනාගාර ජේලර් වරුන්ට පහර දීමට යොදා ගත්තේ තාරකය.තාරක පළමුවෙන්ම බරපතල පාතාල ක්‍රියාකාරකමක් ලෙස සම්බන්ධ වන්නේ කොස්ගොඩ මහජන බංකුව මංකොල්ල කෑමය.මෙම මංකොල්ලයට පෙර සිය යතුරු පැදිය ගෙන තාරක ප්‍රසිද්ධියේම බංකුව ඉදිරිපිට පෙර පුහුණුවීම් වල නිරත විය.බැංකුව මංකොල්ල කෑමට මොහොතකට පෙර බැංකු පරිශ්‍රය තුළ සිදුවන දේ පිළිබදව තාරකට ඔත්තු සැපයූයේ මෙරට කඳු තරණය කරන්නකු ලෙස ප්‍රසිද්ධ සොයිසා නැමැත්තාය.එහෙත් බැංකුව මංකොල්ල කෑමෙන් පසුව මෙම සොයිසා ගෙන් ප්‍රශ්ණ කරන්නටවත් පොලීසිය කටයුතු කෙරුවේ නැත.සොයිසා මන්ත්‍රීවරයකු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභාව……..මංකොල්ලය සිදු වූ අවස්ථාවේ බැංකුව ආශ්‍රිතව දුරකතන ජාල පරීක්ෂා කෙරුවේ නම් සොයිසා හා තාරක අතර පැවැති ගනුදෙනුව හෙළි කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි.සොයිසා මේ වන විට පොදු ජන පෙරමුණෙහි මන්ත්‍රීවරයකු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරයි.කොස්ගොඩ සුජීවගේ සහෝදරියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරියක ලෙස බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරයි.කොස්ගොඩ සුජීව ගේ පියා සුදු මාමා නමින් හැඳින්වූ ගනිකා නිවාස පවත්වාගෙන ගිය අයෙකි.සුදු මාමා මේ වන විට මිය ගොස් ඇති අතර ඒ වන විටත් බාල වයස්කාර දැරියක අපහරණය කිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවා තිබුණි.යසරත්න නම් පාතාලයා ඝාතනය………….කොස්ගොඩ සුජීව පාතාල ක්‍රියාකාරිකයකු ලෙස අත් පොත් තබන්නේ අම්බලන්ගොඩ යසරත්න නම් පාතාලයා ඝාතනය කිරීමෙනි.යසරත්න කිසි විටක පාතාල ක්‍රියාකාරිකයකු ලෙස සමාජය තුළ ප්‍රසිද්ධ නොවූ පුද්ගලයෙකි.එහෙත් අම්බලන්ගොඩ නගරය තුළ සිදු කරන ලද ඝාතන අටක් සිදු කරන ලද්දේ ඔහු හා කණ්ඩායමය. 1989 භීෂණය පැවැති යුගයේ අම්බලන්ගොඩ පොලීසියේ සේවය කළ ලෙනෝරා නම් උප පොලිස් පරීක්ෂක වරයා සමග එක්ව නිවාස මංකොල්ල කෑ යසරත්න ඇතුළු දේශප්‍රේමී බලකාය බව අඟවමින් අම්බලන්ගොඩ නගරය තුළ සියළු සිල්ලර කඩා වසා දැමීමට තුණ්ඩු කෑලි යවා තම ඥාතීන් වූ සුමනදාස ව්‍යාපාරයට අයත් කඩ විවෘත කර බිස්නස් කර බොහෝ ආදායම් උපයා ගන්නා ලදී.උප පොලිස් පරීක්ෂක ලෙනෝරා……මෙහිදී අම්බලන්ගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ලෙනෝරා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාත්‍රියේ නිවාස වලට කඩා වැදී තරුණයන් පැහැරගෙන ඒම සිදුකරයි.එම තරුණයා පැහැර ගෙන ඒමට පෙර ලෙනෝරා එම නිවස පරීක්ෂා කිරීමේ ව්‍යාජයෙන් එහි ඇති රත්තරන් හා මුදල් ගැන සොයා බලයි.පසුව තරුණයා පැහැර ගෙන යමින් සිටින විට යසරත්න ඇතුළු කණ්ඩායමට එම නිවසේ තිබෙන රත්තරං හා මුදල් ගැන සංනිවේදනය කරයි.යසරත්න ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.ඔහු සිය කණ්ඩායම රැගෙන පැහැරගත් තරුණයාගේ නිවසට ගොස් පැහැරගත් තරුණයා බාර දීමට දොර අරින ලෙස පවසයි.බියෙන් තැතිගෙන සිටින එම නිවැසියන් දොර විවෘත කරනවාත් සමගව සන්නද්ධව නිවස තුළට කඩා වදින යසරත්න ඇතුළු කණ්ඩායම එහි තිබෙන මුදල් හා රත්තරං මංකොල්ල කා පලා යයි.මේ ජාවාරම 89 භීෂණය අවසන් වන තුරුම ගජරාමෙට සිදු විය.මෙලෙස මංකොල්ල කා ගත් රත්තරං බඩු හා මුදල් ආරක්ෂා කිරීම සඳහා යසරත්න ඇතුළු කණ්ඩායම බාර දුන්නේ අම්බලන්ගොඩ ප්‍රේමසිරි හෝටලයේ ගාමිණි වෙතය.අවසානයේදී භීෂණය අවසන් වන කාලයේදී යසරත්න හා සුමනදාස ව්‍යාපාරිකයන් එක්ව හමුදාව මගින් ගාමිණී ඝාතනය කරවන ලදී.ඒ සියළු ජාවාරම් අනාවරණය වේයැයි බියටය.උප පොලිස් පරීක්ෂක ලෙනෝරාද සුමනදාස පවුල සමග වාහනයක යන විට අනතුරකට ලක්ව මිය ගියේය.එම අනතුරින් මිය ගියේ එම වාහනයේ සිටි උපොප ලෙනෝරා පමනක් වීමද සුවිශේෂී සිදු වීමකි. මෙම යසරත්න ඇතුළු මිනීමරු කණ්ඩායම හමුදාවේ උප ලුතිනන් වරයෙකු, ඌරවත්තේ රාජිත තව අයෙකු ,ගල් සුද්දා හා තවත් අයෙකු,තලයා ,චණ්ඩි මල්ලී ,මහ අම්බලන්ගොඩ අහිංසක මිනිසකු ,නාගරික මන්ත්‍රී දීප්ති,හා තවත් තරුණයන් තිදෙනෙකුගේ ඝාතන සිදු කරන ලදී.එහෙත් මේ වන තුරුත් අම්බලන්ගොඩ පොලීසිය මෙම ඝාතන වල සැක කරුවන් ලෙස සිතා සිටින්නේ වෙනත් තැනැත්තන් වීම මෙරට පොලීසියේ කෙරුවාව ගැන හොඳ නිදර්ශනයකි.මේ හැම ඝාතනයකම බිල් ලියවුනේ වෙනත් වෙනත් පාතාලයන් වෙතටය.අවසානයේදී යසරත්න මරා දැමීමට කොන්ත්‍රාතුව කොස්ගොඩ සුජීව වෙත බාර දෙන්නේ ඔහු විසින් සිදු කළ අපරාද සදහා අත් උදව් සැපයූ ඥාතිවරයකු විසිනි.යසරත්න ගේ බිරිඳගේ සොයුරිය විවාහ වී සිටියේ සුමනදාස ධම්මි නම් අම්බලන්ගොඩ ව්‍යාපාරිකයෙකි.මෙම ව්‍යාපාරිකයා ඌරවත්තේ රජිත විසින් මරා දමන ලද්දේ කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් මූලික කර ගෙනය.ඌරවත්තේ රජිත පසුව යසරත්න විසින් මරා දැමිනි.අම්බලන්ගොඩ සුමනදාස ව්‍යාපාරයේ අදෘශ්‍යමාන ආරක්ෂකයා වූයේ යසරත්නය.යසරත්න හා සුමනදාස වරු ඇවැස්ස මස්සිනාවරුද විය.කෙසේවෙතත් සුමනදාස ධම්මි ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිද ධම්මිගේ සහෝදරයකු වූ ප්රේමසිරිසමග අනියම් පෙම් සබඳතාවක් ගොඩ නගා ගන්නා ලදී.එය දැනගැන්මට ලැබුණ යසරත්න පොල්ලෙන් ගැසූ නයෙකු මෙන් කුපිත විය.මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටි යසරත්න හදිසියේම දිනයක තම කණ්ඩායම සමග ගාල්ල ලයිට් හවුස් හෝටලය වෙත ගොස් එහි රැඳී සිටින විට එම හොටලයෙන් එළියට පැමිණියේ මියගිය ධම්මිගේ බිරිද හා සුමනදාස ප්‍රේමසිරිය.ප්‍රේමසිරි අසලට ගිය යසරත්න උඹ ජීවත් කරන්නේ තව මාසයැයි තර්ජනය කරන ලදී.පැණි වරකා ගහට හෙණ වැදුනේ එදාය.මින් ප්‍රේමසිරි අතිශයින් බියට පත් විය.යසරත්න මරා දැමීමට කොස්ගොඩ සුජීව…….යසරත්න මරා දැමීමට කොස්ගොඩ සුජීවට කොන්ත්‍රාතුවක් දුන් ප්‍රේමසිරි සිංගප්පූරුව බලා පිටත් විය.කොස්ගොඩ සුජීව හා කොස්ගොඩ රණා අම්බලන්ගොඩට පැමිණ යසරත්න ඝාතනය කරන ලදී.කොස්ගොඩ රණා……මෙහිදී යසරත්නට වෙඩි තැබුවේ රණාය.යතුරු පැදිය පැදවූයේ කොස්ගොඩ සුජීවය.කොස්ගොඩ රණාද යසරත්න මෙන් ඝාතන ගනනාවක් කළ එහෙත් පොලීසිය නොදන්නා ඝාතකයෙකි.නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ…..යසරත්න සිදු කළ ඝාතනය පිළිබඳව විමර්ශනය කළ අම්බලන්ගොඩ පොලීසියේ අපරාද අංශයේ ස්ථානාධිපතිවරයා යසරත්නගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ දුරකතන පරීක්ෂාවෙන් පසුව සුමනදාස ප්‍රේමසිරි අත් අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී එවකට දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නියෝග කරන ලද්දේ ප්‍රේමසිරි අත් අඩංගුවට ගැනීමෙන් වලකින ලෙසය. ඡෙ.නි.පො.ලලිත් ජයසිංහ ගේ මැදිහත් වීමෙන් එම අපරාධය පිළිබඳ විමර්ශන අවසන් විය.කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයට පලා යන ලදී.කොස්ගොඩ සුජීව මිලට ගෙන ඇති දේපල…….
මේ වන විටත් කොස්ගොඩ සුජීව අම්බලන්ගොඩ නගරයේ මිලට ගෙන ඇති දේපල වල වටිනාකම කෝටි පනහ ඉක්මවයි.බලපිටිය මාදු ගග ආසන්නයේ ඉඳි කර ඇති සංචාරක හෝටලයේ වටිනාකම කෝටි විස්සක් පමන වේ.පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වන කන්ටේනර් අංඟනයක් පවත්වාගෙන යන අතර හොරෙයින් ගෙන එන්නේ එම කන්ටේනර් හරහාය.ඒ අතරම කොස්ගොඩ විශාල ඉඩමක වගා භූමියක් පවත්වාගෙන යයි.මේ සියළු ව්‍යාපාර වල කොනක ඇත්තේ හෙරොයින් ජාවාරමය.ප්‍රශ්ණය වන්නේ මුදල් විශුද්ධිකරණය ගැන පොලීසිය මේ අයුතු උපයාගැනීම් වලින් හිමි කරගෙන ඇති දේපොල පිළිබඳව විමර්ශනය නොකරන එකය. වර්තමානයේ සුජීව ගේ මෙරට නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ ඒඇස්පී මහින්ද විල්ලෝරාච්චි හා ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන්ය.අනෙකා රහස් පොලීසියේ ඒඇස්පී ළමාහේවාය.
ඒඇස්පී ළමාහේවා…….
ඒඇස්පී ළමාහේවා විසින් පසුගිය දවසක කළුවාමෝදරදී තැඹිලි කපන්නකු මරා දමවන ලද්දේ කොස්ගොඩ සුජීව ගේ සම්බන්ධීකරණය තුළිනි.මෙම තැඹිලි කපන්නා හෙරොයින් ජාවාරම් කළ පොලිස් නිළධාරීන්ට එරෙහි නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙකි.
පොඩි ලැසී ළග දිම ඝාතනයට………..මේ වන විට කොස්ගොඩ තාරක හා බන්ධනාගාර ගතව සිටින පොඩි ලැසී අතර ආරවුලක් ඇති වී තිබේ.ඒ හෙරොයින් ජාවරමෙි ගනුදෙනු ප්‍රශ්ණයක් නිසාය.කොස්ගොඩ සුජීවගේ පාර්ශවයට වඩා පොඩි ලැසී ප්‍රබලය.දැන් කොස්ගොඩ සුජීව සැලසුම සකස් කර ඇත්තේ පොඩි ලැසී බන්ධනාගාරයෙන් එළියට ආ විගස ඒඇස්පී මහින්ද ලවා ඝාතනය කරවීමටය.මෑතකදී පොඩි ලැසී ගේ සමීපතමයකු වූ රාජ්‍ය සේවයේ කළමණාකාර වරයකු ලෙස රැකියාව කළ තෙල්වත්තේ සමන්ත නැමැත්තා පොලීසියේ මත් ද්‍රව්‍ය නිවාරණ අංශය මගින් පැහැර ගෙන ගොස් පහරදී මරා දමන ලද්දේ කොස්ගොඩ සුජීවගේ වුවමනාවටය.ඒ පිටුපස සිටින්නේද ඡෙනිපො දේශබන්දු හා ඒඇස්පී මහින්දය.හොර උපාධිසහතිකයක්………..
පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරද්දී මහින්ද විල්ලොරාච්චි සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අතර එහිදී හොර උපාධිසහතිකයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා නැගුණි.එහිදී ඡෙ.පො.නි.දේශබන්දු තෙන්නකෝන් මැදිහත්ව එම හොර උපාධි සහතිකය සම්මුඛ පරීක්ෂණ ගොනුවෙන් ඉවත් කර මහින්ද සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරන ලදී.මෙි විෂමාචාර ක්‍රියාවට වත්මන් පොලිස්පතිවරයා ද සම්බන්ධය.
පොලිස් ඇමති ටිරාන් අලස්…….
මෑතකදී දිවයිනේ පොලිස් ස්ථාන වලට පත් කළ නව පොලිස් ස්ථානාධිපති වරුන් අමතා පොලිස් ඇමති ටිරාන් අලස් ප්‍රකාශ කෙරුවේ පොලීසියේ නැතිවී තිබෙන ආත්ම ගෞරවය ලබා දීමට තමාට හැකි වූ බවය.හැබැයි අපට ලියන්නට ඇත්තේ පොලීසියට ආත්ම ගෞරවයක් තිබුණා නම් පොලිස් ඇමති ටිරාන් අලස් අද ඔය ඇමතිකමේ නැති බවය.
ලංකාවේ දී කියවීමට……….
වසන්ත මුදලිගේ හෙළි කළ ඒඇස්පී මහින්ද විලෝආරච්චි ගේ කවුරුත් නොදන්නා පාතාල පැටිකිරිය මෙන්න