උණුසුම් පුවත්

රනිල් රාජපක්ෂගේ ජාතිවාදී 13 වන ව්‍යවස්ථා බෝම්බය හා අපේ සත දෙක

Spread the love

පලාත්පාලන මැතිවරණයේ උණුසුම රට පුරා ඇවිලෙමින් තිබේ.සටන පවතින්නේ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතරය.පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂයන්ට සමාජය තුළ හිමිව ඇත්තේ කෝළම්කාරයන් ගේ භූමිකාවය.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර දේශපාලන වේදිකා වල වාග් සංග්‍රාමයක් ඇවිලී තිබේ.තරුණ කොටස් වැඩි වශයෙන් ආකර්ශනය වී ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙතය.

ජනතා විමුක්ති පෙරමුණ…….

ජනතා විමුක්ති පෙරමුණ යනු දැඩි නීති රීති පද්ධතියක් තුළ සිය සාමාජිකයන් රඳවා ගෙන සිටින පක්ෂයකි.එහි ක්‍රියාකාරිකයන් තුළ විනය පවත්වාගෙන යාම අනිවාර්ය කාරණයක් විය.පක්ෂය  තුළ යෝද ක්‍රියාකාරිකයන් ලෙස කැප වීම් කළ විමල් වීරවංශ, නන්දන ගුණතිලක ,අමරසිංහ වැන්නන් පක්ෂයෙන් නෙරපා හරින ලද්දේ විවිධ ආකාරයෙන් ව්නය කඩ කිරීමේ හේතුවෙනි.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ විනය කඩ කළ සිය ඡ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයා දේශපාලනිකව ගොඩ නගා ගෙන තිබූ සමාජ පෞරෂය හා කීර්ති නාමය තඹ දොයිතුවකට මායිමි නොකරන ලදී.තවත් පංගුවක් දේශපාලනමය මතවාදී වෙනස්කම් තුළ පක්ෂයෙන් ඉවත්ව පෙරටුගාමී පක්ෂය ආරම්භ කෙරිණි.පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ න්‍යායාත්මකව මතවාදයන් දෙකක් පිහිටා දේශපාලනයේ නිරත වූවද පක්ෂ දෙකම සිය පරම නායකයා ලෙස සළකන්නේ රෝහණ විජේවීරයන්ය.

මැරෙන්නට තරමෙි භක්තියකි……..
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන ⁣බලවේගය ලෙස රූපාන්තරණය වීමෙන් පසුව මෙරට දේශපාලනය තුළ ග්‍රහණය කරගනිමින් සිටින පාක්ෂිකත්වය  ජවිපෙ කාඩරයට වඩා බොහෝ වෙනස්කම් වලින්ද විවිධ වර්ණයන් ගෙන් හා  හැඩයන්ගෙන්ද නිර්මාණය වී තිබේ.ජවිපෙ සාමාජිකයකු දේශපාලනික අභ්‍යාසයෙන් ලබා ගෙන සිටින සංයමය දැනුම අවබෝධය ජාතික ජන බලවේගය හා සම්බන්ධව සිටින පාක්ෂිකයන් තුළ නැත.ඔවුන් ඇතමකු දැන් සිටින්නේ  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් මරාගෙන මැරෙන්නට තරමෙි භක්තියකිනි.මෑතකදී පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකදී අනුර කුමාර දිසානායක පැවසුවේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සිය විරුද්ධවාදියාට අඩුම තරමේ ගලකින් වත් පහර දීම නොකළ යුතු බවය.එහිදී එම රැස්වීම් භූමිය තුළ පාක්ෂිකයකු  කෑගැසුවේ ගල් ගහන්නෑ ඔිකුන් කපන්න ඕනෑ බව  කියමිනි.මෙය ආවේගශීලී පාක්ෂිකයකු ගේ හුදුු සිල්ලර ප්‍රකාශයක් ලෙස සිනහවී අමතක කළ යුතු ප්‍රකාශයක් නොවන බව අපගේ අදහසයි.අප මෙය සළකන්නේ බරපතල ලෙස අවධානයට ගත යුතු අනාවැකියක් ලෙසය.මේ වන වි⁣ට මෙරට සමාජය පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ගැන සමාජයේ වැඩි පිරිසක් සිටින්නේ බරපතල වෛරයකින් බව අප අමතක කළ යුතු නැත.
බරපතල වෛරයකින්……….
ඉදිරි පලාත් පාලන මැතිවරණයක ජයග්‍රණය ජාතික ජන බලවේගයට හිමි වූව හොත් ඒ ප්‍රතිඵළය එහි පාක්ෂිකයන් භුක්ති විඳින ආකාරය ගැන දැන් සිටම සිතන්නට ඕනෑ වන්නේ ඒ නිසාය.ජනතා විමුක්ති පෙරමුණට සිය පාක්ෂික සාමාජිකයා එක නිවෙිදනයකින් හසුරවා ගත හැකිය.එහෙත් ප්‍රශ්ණය වන්නේ ජාතික ජන බලවේගයට සම්බන්ධව සිටින සම්ප්‍රදායික දේශපාලන පාක්ෂිකයා එසේ හසුරවා ගත හැකිද යන්නය. 
පරිවර්තනීය දේශපාලන රැල්ල…….
 ජනතා විමුක්ති පෙරමුණ යනු අනුර කුමාර දිසානායක නොවන බව ජාතික ජන බලවේගයේ පරිවර්තනීය දේශපාලන රැල්ලට දැනුමක් අවබෝධයක් නැත.සම්ප්‍රදායික දේශපාලනය භූමියක අත් දැකීම් ඇති මේ සාමාජිකයාට ජනතා විමුක්ති පෙරමුණ තුළ පවතින ප්‍රතිපත්ති හා එහි යාන්ත්‍රණය ගැන ඉගැන්වීමටද නොහැකිය.එය එසේ වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණට වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලනය තුළ මැදිහත් වීමට සිදුවී ඇත්තේ සිය න්‍යායාත්මක කන්‍යා භාවය ආරක්ෂා කර ගනිමිනි.එහි බරපතල බව මතු වන්නේ පලාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය හිමි කරගන්නා ජයග්‍රහණයේ කෝටාව මෙහෙයවීම තුළය.ජාතික ජන බලවේගයට සම්බන්ධව මැතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරි පලාත් පාලන මැතිවරණයට තරග කරන ඇතැම් අපේක්ෂකයන් තවමත් සිටින්නේ සම්ප්‍රදායික මන්ත්‍රී සිහිනයේ බව පෙනී යයි.එම සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ප්‍රතිපත්ති දේශපාලනයකට පරිවර්තනය වීම තුළ ජනතා විමුක්ති පෙරමුන හා ජාතික ජන ⁣බලවේගය අතර පවතින  පදනම තවදුරටත් ආරක්ෂා කර ගනිමින් සාර්ථක සමාජමය භාවිතාවක යෙදවීම සදහා නව උපාය උපක්‍රමයන් ඉදිරියේදී භාවිතා කිරීමට මෙන්ම අත්හදාා බැලීමටත්  සිදු වනු ඇත.  
සමගි ජන බලවෙිගය…….
ඊළගට කතා කරන්නට ඇත්තේ සමගි ජන බලවෙිගය පාර්ශවය ගැනය.සමගි ජන බලවේගයේ වේදිකා වල එම පක්ෂය සම්බන්ධ දේශපාලන නායකයන් විවිධ ආකාරයේ දේශපාලන පොරොන්දු දෙන බව අපගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.එය එසේ සිද්ධ වන්නේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාලව නොවන බවද පැහැදිලිය.එය එසේ සිද්ධ වන්නේ  ගැලරියෙන් ලැබෙන විසිල් පහරට හා අත්පොලසන් නාදයේ වර්ග අඩි ගනන අනුව සිය පෞද්ගලික දේශපාලනික ප්‍රතිරූපය උස්සා තබා ගැනීම සඳහා බවද පැහැදිලිය.
මෙහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රකාශයන්ට පටහැනිව ඇතැම් අයවළුන් කරන ප්‍රකාශ විහිළුකාර ස්වභාවයක් ගනී. ඒ නිසා සමගි ජන බලවේගයේ ප්‍රචාරක වැඩපිළිවෙල ඒක මිතියක රඳවා තබා ගැනීම වැදගත්ය.
ප්‍රහාරයේ ප්‍රතිඵලය නෙලන්නේ………
මේ වන ව්ට ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය තම ප්‍රතිවාදියා ලෙස එකිනෙකා විවේචනය කරමින් සිටී.එහි වාසිදායක ප්‍රතිලාභ හිමි කර ගන්නේ  දෙපාර්ශවයේම ප්‍රතිවාදියා ලෙස ⁣සැළකෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුව බව වහා අවධානයට ගත යුතු කරුණකි.මේ දෙපාර්ශවයම තමාගේ ප්‍රධාන සතුරා හඳුනාගත යුතුය.එසේ නැති වුව හොත් මෙරට පාවෙන ඡන්ද කළකිරීමට පත් වෙන බව නිසැකය. ඉන් සිදු විය හැක්කේ කළකිරීමට පත්ව ඡන්දය භාවිතා නොකරන පිරිස වැඩි වීමේ ප්‍රවණතාවක් මතු වීමය. 
රනිල් රාජපක්ෂ ආණ්ඩුව…..
රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා විවිධ කඩාකප්පල් කිරීම් කරමින් සිටී.
පලාත් පාලන මැතිවරණය වාර්තා කළ දින සිට ආණ්ඩුවේ රෙදි සෝදන රජයේ නිළධාරීන්ද ⁣ආණ්ඩුවට සම්බන්ධ පර්ලිමේන්තු නියෝජනයන්ද විවිධ කරුණු කාරණා අනාවරණය කරමින්  මෙම මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට සමාජයට අවධාරනය කරමින් සිටී.මින් සමහරක් දෙනා ජනතාව බිය වැද්දීමට තරමේ සාහසික වී තිබේ.
13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක…………
ජනපති රනිල් රාජපක්ෂ  මේ සියළු ආරවුල් අස්සේ 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පියවර ගනිමින් තිබේ.මේ පිළිබඳව සමාජයේ ප්‍රබල කතිකාවතක් මතු වී ඇති බව දැක ගත හැකිය.එහි උස්ව හඬ මතුවෙන්නේ  ආණ්ඩුවට ⁣එරෙහිවය.

රනිල් රාජපක්ෂ යනු මෙම දේශපාලන භූමිය තුළ කපටි නරියෙකි.මේ කපටි නරියා 13 වන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතිකාවත මේ ⁣මොහොතේ දේශපාලන පිටියට දමා ඇත්තේ එක්තරා ආකාරයට තක්කඩි වැඩ පිළිවෙළක් සදහා බව අපට සීයට දෙසීයක් විශ්වාසය.

ජාතිවාදී බෝම්බය පුපුරවා හැරීමෙන්………
දැන් සමාජය තුළ වැඩි ප්‍රවනතාවක් පෙල ගැසෙමින් ඇත්තේ රනිල් රාජපක්ෂට එරෙහිවය.මේ සමාජ පෙල ගැස්ම කඩා විසිරෙන ආකාරයට ජාතිවාදී ආරවුලක් නිර්මාණය කිරීම  රනිල් රාජපක්ෂගේ යටි අරමුණ බව ස්ථිරය.සැලසුමට අනුව ජාතිවාදී බෝම්බය පුපුරවා හැරීමෙන් පසු පලාත් පාලන මැතිවරණය පිළිබඳව පවතින සමාජ  උද්වේගකර බව තුනී වන බවට මේ කපටි නරියා කල්පනා කරමින් සිටී.
මෙරට කළු අරගලයක් අත ළඟ………
ඊළඟට මොහුට අවශ්‍ය වී ඇත්තේ 13 ට එරෙහිව මෙරට කළු අරගලයක් ඇවිලවීමය.ඉන් අනතුරුව පලාත් පාලන මැතිවරණය කල් දැමීම හා හදිසි නීතිය යොදා ගනිමින් තමාගේ ඉතිරි කාලය ගෙවා දැමීමට සැළසුම් කර ඇති බවද පැහැදිලිය.
අසූ තුනේ ජේආර් ජයවර්ධන මාමා…….
රනිල් රාජපක්ෂ ගේ මේ සැලසුම අසූ තුනේ ජේආර් ජයවර්ධන මාමා විසින් අත් හදා බැලූ කලු ජූලි සැලසුමේ අළුත් පිටපත බවද අපට සිතා ගත හැකිය. එහෙත් රනිල් රාජපක්ෂ වැඩ වරද්දා ගන්⁣නේ මෙතැනදීය.ජේආර් ජයවර්ධන මේ සැලසුම ක්‍රියාත්මක කෙරුවේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔඩොක්කුවේ තියා ගනිමිනි
ත්‍රිවිද හමුදාව,පොලිසිය, අධිකරණය රනිල්ට එරෙහිව………
අද පාර්ලිමේන්තුවේ රනිල් රාජපක්ෂ සතුව පවතින බලය සෙලවෙන දතකට සමානය.ත්‍රිවිධ හමුදා අණදෙන්නා ලෙස රනිල් රාජපක්ෂ පිළිබඳව මෙරට ත්‍රිවිධ හමුදා වල පහලම ස්ථරයන් සිටින්නේ දැඩි කළකිරීමකිනි.මෙම කළකිරීම මේ වන විට  පොලීසිය තුළටද කාන්දු වී තිබේ.එහිදී වෙනත් වෘත්තික ක්ෂේත්‍රයන්හිද රනිල් රාජපක්ෂ ගැන ඇත්තේ අප්‍රසාදයකි.විශේෂයෙන් අධිකරණය   මෙහිදී ස්වාධීනව විනිශ්චයන් වලට එළඹෙමින් පවතී.තවමත් ඇතැම් විනිසුරු වරුන් අත ලොස්සක් ආණ්ඩුවේ  ඔඩොක්කු කුක්කන් ලෙස ක්‍රියා කරමින් සිටියද වැඩි දෙනෙකු සාධාරණව ක්‍රියා කරමින් සිටී.මෙය ඉතා සතුටු විය හැකි ප්‍රවණතාවකි.ඒ මන්ද යත් රනිල් රාජපක්ෂට හා පොහොට්ටුවේ රාජපක්ෂවාදීන්ට තමන්⁣ගේ දේශපාලන භාවිතය තහවුරු කර ගැනීමට ඇති එකම තුරුම්බුව වන අධිකරණය හා එහි සිටින පාදඩ විනිසුරුවරුන් ගේ යටි බිම් ගත ක්‍රියාකාරිත්වය අහෝසි වී යාමය.නීතිපති මැදිහත්වීමද හෙට අනිද්දා වන විට  නිරායාසයෙන්ම ස්වාධීන වනු ඇත.
නීතිපති ස්වාධීන…………
එය එසේ නොමැතිව නීතිපති වරයා තවදුරටත් රනිල් රාජපක්ෂ⁣ ආණ්ඩුවේ ජංගි හෝදන්නට ගිය හොත් නම් අපට නීතිපති වරයාට දැනුම් දීමට කියන්නට අනේ සොරි කියා විතරමය.ඉතුරු හරිය මෙරට සමාජය තුළින් තීන්දු කරනවා ඇත.
අප මේ ලියවිල්ල අවසන් කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමග අප කළ සංවාදයකදී ඔහු රනිල් රාජපක්ෂ පිළිබඳව දැඩි කෝපයෙන් අප වෙත දැක්වූ  ප්‍රතිචාරය සටහන් කරමිනි.
“මේ පාහර බල්ලගේ ඔළුවට නයින් මිලි මීටර් බුලට් දෙක තුනක් බස්සන්න පුළුවන්.අර ඉන්දිරා ගාන්ධිට වැඩේ දුන්න වගේ.ඒත් මට මගේ කිරි සප්පයො මතක් වෙන කොට ඒක කරන්න හිත් දෙන්නෑ…නැතිනම් මේ බල්ලා කෑවත් මදි…..”

මේ හුදකලා ප්‍රතිචාරයක් නොවේ.රනිල් රාජපක්ෂ හා ආණ්ඩුවේ එවුන් ගැන ජනතාවගෙන් වැඩි පිරිසකගේ හිතේ තියෙන කේන්තිය මෙහෙමය.

 


Spread the love

Leave a Comment

You may also like