උණුසුම් පුවත්

අවලම් කේප්ප වස්සා……….03 වෙනි කොටස , මේජර් ජෙනරාල් නිශාන්ත මාන්නගේ නැමති අවලම්,දුෂිතයෙකු හමුදාපති පදවියට පත්වුව හොත් හමුදාවට දෙයියන් ගේම පිහිටයි

Spread the love

වීර වික්‍රම විභූෂණ පදක්කම………

 සක්‍රීය යුද සේවයේ නිරතව සිටින විට සවේච්ඡාවෙන් ඉදිරිපත්ව නොබියව සතුරාට මුහුණ දී සිය සගයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම හෝ සිය බල සේනාවේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම පහසු කරවීමේ අභිප්‍රායෙන් 
ආත්මාරක්ෂාව නොතකා තමා විසින්ම කරන ලබා  වික්‍රමාන්විත වූද අභීත භාවය ප්‍රදර්ශණය කෙරෙන්නාවූද ස්නික ස්වභාවයේ  උත්කෘෂ්ඨ ක්‍රියා අරභයා හෝ දියෙහි ගිලීම⁣ට නොහොත් ගින්නට ගොදුරු වූ ජීවිත බේරා ගැනීමේදීද පතල් ගංවතුර හා වෙනති එවැනි උපද්‍රව වලට භාජනය වූ අය බේරාගැනීමේදී තමාට සිදු විය හැකි ශාරිරික හානිය නොතකා හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා හුදු දයා පරවශම උත්කෘෂ්ඨ ක්‍රියාවක නොහොත් ක්‍රියාදාමයක යෙදුනා වූද යුද්ධ හමුදාපති නාවුක හමුදාපති ගුවන් හමුදාපති යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද , ශ්‍රී ලංකා ජනරජයේ යුද නාවුක හා ගුවන් හමුදාවන්හි නිත්‍ය හා සෙවෙච්ඡා බල සේනාවල සේවයේ නියුක්ත සෑම තරාතිරකම අයෙකුට

කමල් ගුණරත්නගේ *** දෙක මිරිකීමේ ප්‍රතිඵළය……….

මෙම වීර වික්‍රම විභූෂණය ප්‍රදානය කළ යුතුය යනුවෙන් වීර වික්‍රම විභූෂණ පදක්කම හිමි වන ආකාරය විස්තර කර ඇති අතර එහි වැඩි දුරටත් දැක්වෙන්නේ මෙම විභූෂණය හිමි සෑම අයෙකුටම තම නමට පසුව ඩබ්ලිව්.ඩබ්ලිව්.වී යන ඉංග්‍රීසි අක්ෂර යොදා ගත හැකි බවය. 
එහෙත් මේජර් ජනරාල් නිශාන්ත මාන්නගේ මෙම පදක්කම එල්ලා ගෙන සිටින්නේ ඉහත කොන්දේසි කිසිවක් සපුරා නොවේ.ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ *** දෙක මිරිකීමේ ප්‍රතිඵළයක් ලෙස ඔහු එම පදක්කමට හිමිකම ලබා තිබෙන බව පැහැදිලිය.

බ්ලැක් ලේබල් විස්කි බෝතල හා ස්මාර්ට් වොච්………..

මේජර් ජනරාල් මාන්නගේ කෙතරම් උද්දච්ච හීන මානයෙන් හා මානසික විකෘතියකින් පෙළෙන හමුදා නිළධාරියෙක්ද යන්න ගැන තහවුරු කෙරෙන තොරතුරුද අප සතුව ඇත.මේජර් ජනරාල් වරයකුගේ අධි සහායකයා ලෙස කටයුතු කරන්නේ කපිතාන් වරයෙකු හෝ මේජර් වරයෙකි.මාන්නගේ දුම්වැටියක් දෙතොලට ගත් විට ඒ අධි සහායක නිළධාරියා විසින් එය දැල්වීමට සූදානමින් සිටිය යුතුය.
මේජර් ජනරාල් මාන්නගේ ගේ උපන්දිනය යෙදී ඇත්තේ එළඹෙන අගෝස්තු 18 වනදාටය.පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ තිබූ උපන්දිනයට පෙර මාන්⁣නගේ ගේ අධි සාහයකයා විජයබා රෙජිමෙන්තු විසි හතරේ අණදෙන නිළධාරීන් අමතා ඔහුගේ උපන්දිනයට  බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් හා ස්මාර්ට් වොච් එකක් එවන ලෙසට මාන්නගේ  ⁣නියෝග කර ඇති බව දන්වා තිබේ.මෙම නියෝගයෙන් අපහසුතාවට පත් බොහෝ අණදෙන නිළධාරීන් සිය රෙජිමෙන්තු වල සෙසු නිලයන්ගෙන් හා අනෙකුත් නිළධාරීන්ගෙන් මුදල් එකතු කර එම දොළ පිදේනිය සපයා තිබේ.
මේජර් ජනරාල් මාන්නගේ විසින් තමන් විසින් ලබා ගත් එම බ්ලැක් ලේබල් විස්කි බෝතල හා ස්මාර්ට් වොච් අලෙවි කර ඇති බව දැනගැන්ම⁣ට තිබේ.මෙවැනි අප්‍රසන්න කෙරුවාවල් නිසා සෙබළුන් අතර මේ තක්කඩියා ප්‍රසිද්ධ වී ඇත්තේ කාලකණ්නි හිඟන්නකු විදියටය.

අබලන්ව  තිබෙන ක්‍රීඩා මණ්ඩපය ප්‍රතිසංස්කරණය…….

යුද හමුදාවේ නිළධාරී නිවස්නයෙන් ආහාර ගන්නා මේ හිඟන්නා එම ආහාර සලාකය සඳහා කිසිම ගෙවීමක් නොකරන බවද  පැවසේ.සාමාන්‍යයෙන් හමුදා කොමිෂන් ලත් නිළධාරියෙකුට
 නිළධාරී නිවස්නයෙන් විශේෂ ආහාර හා මත් ද්‍රව්‍ය ගත් විට වැටුපෙන් අය කර ගැනීමේ පදනම මත බිල් ගත කෙරේ.එහෙත්  මේජර් ජනරාල් මත්පැන් ගන්නෙත් ආහාර ගන්නේත් පිනටය.මැරවරකමින්ය.චන්ඩි කමින්ය.නිළධාරී නිවස්නයේ බට්ලර් වරුන් මේ හිඟන්නාගෙන් ⁣ගුටි කෑමට ඇති බිය නිසා මොහු ගන්නා ආහාර හා මත්පැන් සඳහා බිල් ගත කිරීමක් සිදු නොකෙරේ.ඉන් සිදුවන මුදල් විෂමතාවය බට්ලර් වරුන්  හා නිළධාරීන් විසින් පියවීම සිදු කරමින් පවතී.
විජයබා රෙජිමෙන්තුවේ අබලන්ව  තිබෙන ක්‍රීඩා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමට බව පවසා බෝයගනේ විජයබා කඳවුරු පරිශ්‍රයේ තිබූ කොස් ගස් තේක්ක ගස් සියල්ල  මාන්නගේ ගෝලයන් විසින් කපා දැව බවට පත් කොට හමුදා ට්‍රක් රථ වලින් ඔහුගේ අනුරාධපුර පිහිටි නිවස වෙත ගෙන ගිය බවට හමුදා බුද්ධි තොරතුරු වාර්තා ති⁣බේ.

නිළධාරීන්ගේ වැටුපෙන්   බලහත්කාරීව අය කර ගත් මුදල………

යුද හමුදා ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු විශ්‍රාම ගන්නා විට හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීමේ සාදයක් පැවැත්වේ.විජයබා රෙජිමෙන්තුවට අනුයුක්තව සිට 2022/03/12 බ්‍රිගේඩියර් කීර්ති නන්ද  2022/06/04 මේජර් ජනරාල් කොස්වත්ත 2022/07/09 මේජර් ජනරාල් පෙරේරා 2022/10/04 මේජර් ජනරාල් රණවක 2022/12/11 මේජර් ජනරාල් සංජීව විශ්‍රාම ගොස් ඇති අතර එම විශ්‍රාමික නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද සම්ප්‍රදායික සමුගැනීමේ සාද  වලින් ⁣මාන්නගේ ගසා කෑ මුදල් ප්‍රමාණය හිතා ගන්නට බැරි තරමේය.මෙම සාද සඳහා අනෙකුත් නිළධාරීන්ගේ වැටුපෙන්   බලහත්කාරීව අය කර ගත් මුදල රුපියල් පන්දාහකි.රුපියල් 5000 සම්ස්ථ නිලධාරින් 5100 කින් ලබාගත් මුදලදෙකෝටි පනස්පන් ලක්ෂකි. මෙය සෑම මේජර් ජනරාල් හා බ්‍රිගේඩියර් නිලයකින් සිට විශ්‍රාමික යනවිට එකතුකරන ගතමනාවකි. 
මෙහිදී ඇතැම් නිළධාරීන් අප සමග පැවසුවේ සමුගැනීමේ සාද සඳහා මේ ආකාරයෙන් හිතුවක්කාර ලෙස මුදල් අය නොකරන බවය.පසුගිය වර්ෂයේ පැවැති නත්තල් උත්සවය නිමිත්තෙන් විජයබා රෙජිමෙන්තු මූලයේ පැවැති උත්සවයකට කතෝලික හමුදා නිළධාරීන් 560 දෙනෙකු සහභාගිවී ඇත.ඒ උත්සවය සඳහා රුපියල් 20000 ක මුදලක් තම හිතවත් නිළධාරියෙක්ට දෙන ලෙස මාන්නගේ උත්සවයට සහභාගි වූ නිළධාරීන්ට නියෝග කර ඇති බවද ආරංචිය.තම වැටුපෙන් රුපියල් විසිදාහක මුදලක් මේ තක්කඩියා විසින් පැහැර ගැනීම ගැන ඒ හමුද නිළධාරීන් ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය.
මේ සමගම  විජයබා රෙජිමෙන්තුවේ ⁣නිළධාරීන් හා සෙබළුන් සඳහා නිර්මාණය කරන ලද ක්‍රීඩා ඇඳුමකින් මාන්නගේ ගසා කා තිබේ.එම ක්‍රීඩා ඇඳුම හමුදා රණවිරු ඇපරල් ආයතනයෙන් මසා ගැනීමට අවස්ථාව තිබියදී මොහු එම ඇඳුම මැසීමට සිය හිතවත් කාන්තාවකට ලබා දුන් බව පැවසේ.වෙට්ලුක් රෙදි කිලෝ එකක් රුපියල් 1700 වෙලද පොල මිල වුවත් ,නිලධාරින් 16000 කට ලබාදිමට රුපියල් දෙකෝටි හැත්තැ දෙලක්ෂයක් වුවත් මොහු රු ;6000 බැගින් 16000 කට ලබාදිමට සමස්ථ මුදල නව නම කෝටි හැට ලක්ෂයක් ගසා කැවේ දෙන්නා හවුලේ දයි කමල් ගුණේ ගෙන් අපි අසන්නෙමු. මේ පිලිබදව කොපමණ පෙත්සම් දැම්මත් හමුදාපති විකුම් ලියනගේ කිසිත් නොකරන්නේ එයාත් මේකේ කොටස් කරුවෙකු වන නිසාදැයි නිලධාරින් ප්‍රශ්ණ කරයි. පෙත්සම් ,හඩපටි ඕනැවටත් වඩා ඇති අතරම අප සතුවත් එවා තිබේ. 

කේන්දර කාරයන්………

මේ වන විට මේජර් ජනරාල් මාන්නගේ බරපතලම රාජකාරිය වී ඇත්තේ කේන්දර බලන්නන් හමුවට යාමය. ඒ ⁣හමුදාපතිගේ කේන්දරය අරගෙනය.හමුදාපතිවරයාට ඉදිරි කාලය සඳහා සේවා දිගුවක් ලබන්නේද නැද්ද යන්න මේ ගොන් වස්සා දැන බලා ගැනීමට උත්සාහ කරන්නේ එම කේන්දර කාරයන්ගෙනි.

මේ ගොන් වස්සා කේන්දර බලන්නන් වෙත අරගෙන යන කේන්දර අතර මේජර් ජනරාල් චම්පක රණසිංහගේ හා මේජර ජනරාල් සංජය වනසිංහ ගේ කේන්දරද තිබෙන බව කියවේ.
එම දෙදෙනාගෙන් කෙනෙකු හමුදාපති වන්නට ඉඩ ඇති බවද මොහුට සැකයක් පවතී.කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ජනපතිවරයකු බලය අල්ලා ගත හොත් මේජර් ජනරාල් සංජය වනසිංහට හමුදාපති විය හැකි බවට අපට අනාවැකියක් කියන්නට හැකිය.රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා යටතේද ඒ අවස්ථාව උදා විය හැකිය.අප එසේ ලියන්නේ මේජර් ජනරාල් සංජය වනසිංහගේ පවුලේ දේශපාලන පසුබිම සළකා බැලීමෙනි.
මේජර් ජනරාල් නිශාන්ත මාන්නගේ යනු හමුදාවේ ලියාපදිංචි කාමාතුරයෙකි.ගෑණු සොඩෙකි.මොහු යාපනය 515 බල සේනා ආඥාපතිවරයා ලෙස රාජකාරියේ නිරතව සිටින විට  සිය නිල කාමරයේදී කාන්තා සෙබලියන් දෙදෙනෙකු සමග ඇති වූ ලිංගික හුටපටයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.එම කාන්තා සෙබළියන් දෙදෙනා හමුදාවෙන් ඉවත් කරන ලද අතර මොහු 515 බලසේනාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.දැනටත් ඇහැට කනට පෙනෙන කාන්තා සෙබලියන් මේ කාමාතුරයාට පෙනෙන්ට බැරිය.

කපිතාන් නුවන් රත්නායක………

මොහු සමග නිදි වදින කාන්තා සෙබළියන්ද ගණනාවකි.සිය රෙජිමෙන්තුවේ කපිතාන්වරුන්ගේ හා මේජර් වරුන්ගේ බිරින්දෑ වරුන්ට දුරකතන ඇමතුම් දී සල්ලාල කතාබහ කරන්නට පොළඹවා ගන්නා වනචර ගතියක්ද මොහුට තිබේ.එවැනි සිදුවීමක් අපටද වාර්තා වී ඇත.විජයබා රෙජිමෙන්තුවේ කපිතාන්වරුන් දෙදෙනෙකු මේ වන විට හමුදාවෙන් ඉවත්වීමට කටයුතු කරමින් සිටින්නේ තම බිරින්දෑ වරුන්ට මාන්නගේ සල්ලලයා විසින් සිදු කරන අයුතු කාම යෝජනා ඉවසා ඉන්නට බැරි නිසාය .කෙසේවෙතත් මේ කාමාතුරයා ගෑනු කතන්දර සඳහා භාවිතා කරන්නේ තමන්ගේ නිල දුරකතන නොවේ.මොහු මේ සඳහා සිය අනන්‍යතාව සඟවාගත් දුරකතනයක් රහසේ භාවිතා කරයි .

පාහරයකු හමුදාපති පදවියට……….

මොහුට කාන්තාවන් සම්බන්ධ කරන පිම්පියා ලෙස ප්‍රසිද්ධව සිටින්නේ කපිතාන් නුවන් රත්නායක නම් අයෙකි.මොහු හත්වන විජයබා රෙජිමෙන්තුවට අයත් කපිතාන්වරයකු වන අතර මේ වන විට මේජර් ජනරාල් මාන්නගේ  ගේ අධිසාහායක වේ.
මේජර් ජනරාල් මාන්නගේ ගේ ජඩ කෙරුවාවෙන් බිඳක් පමණය මේ.මොහු සිදු කළ හා කරමින් තිබෙන වංචා දූෂණ අවලම් වැඩ ගැන කියනවා නම් බයිබලය තරමේ පොතන් අච්චු ගසන්නට පුළුවන.

මොහු වැනි පාදඩ අවලම් පාහරයකු හමුදාපති පදවියට පත්වුව හොත් අපට කියන්නට ඇත්තේ හමුදාවට දෙයියන් ගේම පිහිටයි කියාය. පිහිටයි කියා පමණය.ඒත් අපි ඊට පෙර බලධාරයන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ කුණු වහංගත හොර කේප්ප වස්සා බැඳ දමන ලෙසය.  

************අපව අවහිර කොට සත්‍ය වසා අසත්‍යයෙන් ඔබව අන්ධ කරන ආණ්ඩුවලට එරෙහිව පෙලගස්වන ජන පවුරට,  ලංකා දවස කියවීමට පහත දිගුවට යන්න . අපිව අනික් අයට සම්බන්ධ කරවන්න ඔබේ අදහස් අපිට කියන්න *************එන්න පහත දිගුවට*****…….

 


Spread the love

Leave a Comment

You may also like