වෙනත්

හිටුපු අමාත්‍ය විමල් වීරවංශගේ ශරීරක්ෂක ලෙස කටයුතු කළ මොනරාගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා බිස්නස් කරලා

Spread the love

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ හදිසි මෙහෙයුමකදී ගංජා කිලෝ 15 ක් හා නිදන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග මොණරාගල කොට්ඨාශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ඊයේ (8)

අත්අඩංගුවට පත් වී තිබේ.
මොණරාගල ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ නිදන් හාරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලැබුණ බුද්ධි තොරතුරක් මත විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දින කිහිපයක් ඒ පිළිබඳව විමර්ශනය කොට දියත් කරන ලද වාහන පරීක්ෂාවකදී සැක කටයුතු ප්‍රාඩෝ රථයක් පරීක්ෂා කරන විට එහි සිටි මොණරාගල කොට්ඨාශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හා ඒ  වාහනයේ ගමන් ගත් සැක කටයුතු කාන්තාවක එම පරීක්ෂා කිරීම ගැන දැඩි විරෝධතාව දක්වා තිබේ.
ඉන්පසුව ⁣පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස පරීක්ෂා කර ඇති අතර එහි සිවිලිමේ තිබී ගංජා කිලෝ 15 ක් හා නිදන් හෑරීමට ගන්නා උපකරණ රාශියක් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.මෙහිදී එම නිල නිවසේ රැඳී සිටි සැක කටයුතු තරුණයන් හය දෙනෙකු ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීම පරිදි නිදන් හෑරීම පිණිස මොරටුව ප්‍රදේශයෙන් පැමිණි බවද හෙළි කර ඇත.තවදුරටත් ඔවුන් ප්‍රශ්ණ කිරීමේදී නිදන් හෑරීමට ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගෙන තිබේ.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර  හේරත් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ශරීරාරක්ෂක නිළධාරියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.
මොහු මීට ඉහතදී සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස මොණරාගල රාජකාරි කරන අවධියේදී එම ප්‍රදේශය තුළ ජීවත්වන ගංජා ජාවරම්කරුවන් ගණිකා නිවාස පවත්වාගෙන යන්නන් සමග සම්බන්ධතා පවත්වන බවට හා හොර දැව ජාවාරම්වල නිරත වෙතැයි එවකට මොණරාගල ⁣පොලිස් අධිකාරී බල ප්‍රදේශය බාරව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් රහස් වාර්තාවක් පොලිස්පති වරයා වෙත යවා තිබිණි.
අප එම තොරතුර ගැන “ලංකා දවසෙන්  ” අනාවරණය කරන ලදී.එහෙත් එහිදී සිදු වූයේ එම රහස් වාර්තාව යොමු කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාට හදිසි ස්ථාන මාරුවීමක් ලැබීම හා සහකාර පොලිස් අධිකාරීවරයා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස උසස් කිරීමද වේ.
අත්අඩංගුවට පත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිදහස් කර ගැනීම සඳහා ශෂින්ද්‍ර රාජපක්ෂ හා තවත් පොහොට්ටු දේශපාලඥයන් කීපදෙනෙකුම පොලිස්පතිට කතා කොට ඇති බව වාර්තාවේ

Spread the love

Leave a Comment

You may also like