විවිධ හැඩයේ කුමන්ත්‍රණ දියත් කර ඉදිරි පලාත්පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ.එහිදී ආණ්ඩුවට හිතවත් විවිධ පාර්ශවයන් මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව නොයෙකුත් අගතිගාමී ප්‍රචාරයන් කරමින් සිටින බව පෙනී යයි.ඊයේ පලවුන සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් මැතිවරණ කොමිෂමට අනියම් ආකාරයේ තර්ජනයක් කර තිබුණි.
පින් ජනපති රනිල් රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වී සිටින වජිර ලියනගේ නැමැත්තා “පුංචි ඡන්දෙ නීති කැඩුවොත් කොමිසමට ඇප නැතිවෙයි” යන සිරස්තලයෙන් ප්‍රවෘත්තියක් සිළුමිණ පුවත්පතෙහි පල කර තිබූ අතර එහි සඳහන්ව තිබුණේ පලාත්පාලන මැතිවරණයට අදාලව නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර නැති නම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායමි තැන්පත් කරන ලද ඇප මුදල් කොමිෂමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදු වෙනු ඇති බවට නීති විශාරදයන් කණ්ඩායමක් රජයට දන්වා තිබෙන බවය.මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පින් ජනපති රනිල් රාජපක්ෂ ඉකුත් බ්‍රහස්පතින් හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
මෙම ප්‍රවෘත්ති වාර්තාව මැතිවරණ කොමිෂම අනියම් ආකාරයෙන් බිය වැද්දීම සඳහා පල කරන ලද ප්‍රවෘත්තියක් බව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුවට මෙම උපදේශය ලබා දුන් නීති විශාරදයන් කවරෙක්ද යන්න එම ප්‍රවෘත්තියේ සඳහන්ව නොතිබුණි.