උණුසුම් පුවත්

රනිල් ගේ ගෙට ගිනිතැබීමට සමාජ ක්‍රියාකාරි චිරන්ත අත් අඩංගුවට ගෙන පාස්කුහඩත් නිහඩ කිරීමේ සුදානමක් – පක්ෂ දේශපාලනය පැත්තකට දමා වසන්තලා, සේපාලලා,චිරන්තලා වෙනුවෙන් හඩක්නඟමු.

Spread the love

අරගලයට මුවා වී කිසියම් පිරිසක් ඉතාම මිලේඡ ආකාරයට රාජ්‍ය හා පුද්ගලික දේපල විනාශ කලේය . එම තිරිසන් ක්‍රියාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිවසත් ගොදුරු විය. කුමණ කොයි ආකාරයකින්වත් ප්‍රචන්ඩත්වය හා රාජ්‍ය දේපල ද පුද්ගලික දේපලද විනාශ කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් නොදිය යුතුය. එය රටක පැවැත්මට මහත් බාධාවකි.

එත් එවනි ගිනිතැබීම් හා සිද්ධි දාමයන් පිලිබදව ඇති පරස්පර වු කරුණුය. එවනි හේතු මත අරගලයට නායකත්වය දුන් වසන්ත මුදලි ගේලාව , චිරන්තලාව දඩයම් කොට රටේ ජනතා හඩ යමෙකු නිහඩ කිරීමට උත්සහා ගන්නේ නම් ඊට එරෙහිව අපි කොන්දේසි විරහිතව පෙනි සිටින්නෙමු.

අද වසන්ත මුදලි ගේ සිරකර තබාගැනීමට ආණ්ඩුවට පුද්ගලයෙකු  උපදෙස් දෙනවා නම් ඔහු ගේ කැමැත්තත් ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීම බවයි.

කෙසේ වෙතත් මීළඟ ගොදුර වීඇත්තේ  සමාජ ක්‍රියාකාරි චිරන්ත අමර සිංහව බව අප ගේ බුද්ධි තොරතුරු කරුවන් වාර්තා කොට අද හෙටම අත් අඩංගුවට ගැනීමට නියමිත බව අප හට තොරතුරු ලැබී තිබේ.

තවත් දින කීපයකින් චිරන්ත අමරසිංහ අත් අඩංගුවට ගෙන රටේ සමාජ ක්‍රියාකාරින් නිහඩ කිරීම මෙහි ප්‍රධානම අරමුණයි.

  ඒ අනුව පසු ගියදා ලබ්බක් අල්ලාගෙන සේපාල අමරසිංගව අත් අඩංගුවට ගත්තේය. පසු ගියදා සේපාල අමරසිංහව අත් අඩංගුවට ගෙන රක්ෂිත භාරයට පත් කොට තිබේ . මේ සියල්ලම එකම දම්වැලක පුරුක් ආකාරයට දිස් වුවත් රටේ ගොබ්බ ජනතාව දේශපාලන කල්ලි කණ්ඩායම් වලට බෙදි තමාගේ එකාව පාර්ලිමේන්තු ඇරිමේ ගුදමාර්ග අමාරුවකින් පෙලේ.

දැන්වත් මේ ආණ්ඩුව අමුනන පුරුක් සියල්ලම සමස්ථ ජනතාවම සියසින් දැක දැකත් නිදිකිරා නොසිට, පලමුව රට, දෙවනුව පක්ෂ දේශපාලනය යැයි සිතා එකාවන්ව රටේ ජනතාව පෙල ගැසිය යුතුය. එසේ නොවුන හොත් , තවත් සිටියා සේම වසර 75 ඉදිරියටත් විදවීමට සිදුවනු නොවනු මානය.

එ නිසාම වසන්තලා ,සේපාලවලා, චිරන්තවලා තනි නොකිරීමට රටේ ජනතාව දැන් පෙල ගැසිය යුතුමය.


Spread the love

Leave a Comment

You may also like