උණුසුම් පුවත්

ඇමති ටිරාන් පොලීසි කණපිට හරවා සිඳුකළ පොලිස් ලොක්කන්ගේ ස්ථාන මාරුවීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විරෝධය පායි

Spread the love

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින අඬු ලුහුඬුකම් පිළිබඳව හා එහි සේවයේ නිරත දූෂිත නිළධාරීන් පිළිබඳව අප   දිගින් දිගටම වාර්තා කර තිබේ.එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ මැදිහත් වීම ගැනද අප⁣ට බරපතල විවේචනයක් තිබුණි.අප ඔහුගේ දුර්වලතාවන් දිගින් දිගටම විවේචනය කරන ලද්දේ ඔහු සම්බන්ධයෙන් අපට පැවති පෞද්ගලික අමනාපයක් නිසා නම් නොවේ.

මෙරට ජනතාව පොලීසිය පිළිබඳව අප්‍රසාදය පල කරන්නේ එය දූෂිත හා දේශපාලනීකරණයට ලක්වූ ආයතනයක් විදියටය.සාමාන්‍ය දුප්පත් ජනතාවට පොලීසියේ සහාය ආරක්ෂාව අවශ්‍ය වුවත් ⁣පොලීසියේ කෙරුවාව පිළිබඳව නිතර අනාවරණය වන්නේ වරප්‍රසාද ලත් ඉහළ පන්තිය ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව අනීතිකව සිදු කළ  මැදිහත් වීම් ගැනය.එහිදී තවදුරටත් පොලීසියේ සුදුස්සන් සුදුසු තනතුරුවලට පත් නොකිරීමද මහජනතාවගේ අවධානයට ලක් වී ඇති කාරණයකි.
මේ වන විට අපට පොලීසියෙන් ලැබී ඇති අළුත්ම තොරතුර වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ස්ථාන 260ක් සඳහා නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට ගත් ක්‍රියා මාර්ගයට එරෙහිව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අවලාද මෙහෙයුමක් අරඹා ඇති බවය.
මෙහිදී එම තොරතුර සත්‍යයක් බව අපට තහවුරු වූයේ ආණ්ඩුවේ පීචං ඇමතිවරයකුද අපට කතා කර මහජන ආරක්ෂක අමාත්‍යවරයා පිළිබඳව මඩ ප්‍රහාරයක් කළ නිසාය.අප ඒවා මඩ යැයි කියන්නේ අපට එම තොරතුරු ප්‍රකාශ කළ ඇමතිවරයාගේ තරම හා හැඩය ගැන අප ඉතා හොඳින් දන්නා බැවිනි.සිය අමාත්‍ය මණ්ඩලයේම සගයා පිළිබඳව අතේ ගොතන ලද බොරු සිතුවම් කරන ඔහු මෙරට දේශපාලනයේ ගඳ ගහන උරුලෑවෙක් බව අපි හොඳින් දනිමු.ඒ නිසා ඔහු අපට ලබා දුන් තොරතුරු අපි මේ කණෙන් අසා අනෙක් කණෙන් පිට කිරීමට සාධාරණ වූයෙමු.
මහජන ආරක්ෂක අමාත්‍ය වරයාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ සිය බල ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට ඔවුන් නිර්දේශ කළ පොලිස් අම්බැට්ටයන් පත් නොකළ නිසා බව අපට හැඟී යයි.
 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ⁣දිවයිනේ පොලිස් ස්ථාන ගනනාවකට අළුතෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර ඇත්තේ බොහෝ පොලිස් ස්ථාන වලට දේශපාලන නිර්දේශ මත නුසුදුසු ස්ථනාධිපතිවරු පත් කර ඇතැයි විවිධ මාධ්‍ය වලින් චෝදනා කරමින් සිටින වටපිටාවකය.
2021 වසරේ පොලිස් ස්ථානාධිපතිවරු 126 දෙනෙකු එම තනතුරු වලට පත් කර තිබුණේ  සුදුසුකම් පරීක්ෂණයකින් තොරව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නිර්දේශ සළකා බලමිනි.එම තොරතුර මාධ්‍ය වෙත හෙළිදරව් වූයේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් වෙත  යොමු කරන ලද ලිපියක් නිසාය.ඒ සමගම එම කාලයේදී තමන්ගේ ඔඩොක්කු කුක්කන් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත් කරන ලෙසට මැති ඇමතිවරුන් විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපි පිටපත් සියල්ල අප සතුව පවතී.
කෙසේවෙතත් පසුගියදා පැවැති අරගලය කාල සීමාවේදී කලහකාරීන් තමන්ගේ ගෙවල් ගිණි තබා දේපල විනාශ කරන අවස්ථාවේ තමන් විසින් පත් කරන ලද පොලිස්   ස්නාථාධිපතිවරුන් බොහෝ දෙනෙකු කර ඇරිය බව ඇතැම් ඇමති මන්ත්‍රීවරු එළිපිටම චෝදනා කරන ලද බව අප⁣ට මතකය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරුන් 
අළුතෙන් පත් කිරීමේදී මේ සියළු තත්වයන් පිළිබඳව අවධානයට ගන්නට ඇතැයි සිතිය හැකිය.මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෑම පොලිස් ස්ථානයක් සඳහාම අළුතෙන් අයදුම්පත් කැඳවන ලෙසත් එහිදී වඩාත් සුදුසු නිළධාරීන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ලකුණු දීමේ ක්‍රියා පරිපාටිය ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්  ⁣පොලිස්පති වරයාට උපදෙස් දී තිබුණු බවට අප දැනුවත් විය.
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවා ප්‍රකාශ කර තිබුණේ දේශපාලන බලපෑම් මත හා හිතවත් කම් මත පොලිස් ස්ථානාධිපති තනතුරු නොදෙන බවත් සුදුසුකම් පරීක්ෂා කොට සුදුස්සාට  තැන ලබා දෙන බවත්ය.විශේෂයෙන් තමන් පදිංචි ප්‍රදේශයේ හෝ තමන්ගේ හෝ බිරිඳගේ මුල් ගම් ප්‍රදේශවලට ආසන්න කිසිදු පොලිස් ස්ථානයක⁣ට පත්වීම් නොදෙන බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.
මේ වන විට මහජන ආරක්ෂක අමත්‍යවරයාගේ උපදෙස් මත පොලිස්පති වරයාගේ නියමය පරිදි පොලිස් ස්ථාන 270 ක් සඳහා නව ස්ථානාධිපතිවරු පත් කර ති⁣බේ.මෙම ස්ථානාධිපතිවරන් තෝරා ගැනීම සඳහා අයදුම්කර තිබූ පොලිස් පරීක්ෂක වරුන් සංඛ්‍යාව 1300 කට ආසන්නය.
අපගේ දැඩි නිරීක්ෂණයට ලක් වුන මෙම අළුත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම බොහෝ දුරට විවෘත හා නිවැරිදි ආකාරයෙන් සිදු වී ඇති බවට අපට සෑහීමකට පත් වීමට හැකිය.විධායක ජනපතිවරයකු මෙරට පත් වීමෙන් පසුව ප්‍රථම වරට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් පොලිස් ස්ථානාධිපති වරුන් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කටයුතු කර ඇති බව කිව යුතුමය.එම පත්කිරීම් සියයට සීයක්ම නිවැරිදි නොවන බවද අපි දනිමු.ඒත් අමාත්‍යවරයා ඒ සඳහා ගත් උත්සාහයට හා එම කාර්යය ඉටු කර ඇති ආකාරය ගැන අපට සෑහීමකට පත් විය හැකිය.
මහජන ආරක්ෂක අමාත්‍ය වරයා දේශපාලනිකව ස්ථාන මාරුවීම් සිදු කර නැති බවට හොඳ උදාහරණයක්ද අපගේ අවධානයට ලක්විය.ඒ පසුගියදා  රාජකාරි කටයුත්තකදී පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙලින් අල්ලා තල්ලු කළ පානදුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පින්තු සාමාන්‍ය රාජකාරි වලට අනුයුක්ත කර තිබීමය.ඒ සමගම අමාත්‍ය අලි සබ්‍රිගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කොට ඔහුගේ නිර්දේශයෙන් ⁣ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායකද සාමාන්‍ය රාජකාරි කටයුතු වලට අනුයක්ත කර තිබේ.මොහු පසුගිය දිනවල වහස් බස් දොඩමින් සිටියේ අමාත්‍ය අලි සබ්‍රිගේ නිර්දේශයෙන් තමන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ලෙස පත් වෙන බවටය.මෙවැනි නිදර්ශන ගනනාවක් අප සතුය.
මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත් කිරීම් ගැන අපි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත අපගේ ආචාරය පිරිනමමු.මේ ස්වාධීන ක්‍රියාකාරකම පොලීසිය තුළ ඉදිරියටත්  පවත්වා ගෙන යාමට අමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් එය මෙරට සාමාන්‍ය ජනතාවට සිදු කරන මානව හිතවාදී සාධාරණයක් වනු ඇත.
පොලීසිය තුළ වෙනසක් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය වරයා ලෙස ටිරාන් අලස් ගන්නා වෙනස කොළඹ ඩීඇස් විද්‍යාලය කියු විට අලස් සර් සිහිපත් වන ආකාරයට පොලීසිය කියු විට ටිරාන් අලස් සිහිපත් වන ආකාරයේ සැබෑ වෙනසක් වන්නේ නම් අපූරුය.
“..සැබෑ මිනිසා ආර්ථික වාසිය රැඳී ඇති මාවත නොසොයයි.ඒ වෙනුවට ඔහු සොයන්නේ යුක්තිය හා සාධාරණත්වය රැඳි මාවතයි.ඒ නිසා මෙළොව ප්‍රායෝගික මිනිසාද ඔහු වේ.අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ රටේ නීතිය වන්නේය..”
(කියුබානු නිදහස් සටනේ පියා ජොසේමාර්ට් )

Spread the love

Leave a Comment

You may also like