උණුසුම් පුවත්

පොලීසියේ තක්කඩි කෙරුවාව ගැන ජනපති අවධානයට

Spread the love

පසුගියදා අබිරහස් ලෙස ඝාතනය කරන ලද දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට බාර නොදී පොලිස්පතිවරයා විසින් නොවිසඳුන අපරාද විමර්ශන ඒකයේ අධ්‍යක්ෂ ඡ්‍යෙ.පො.අධිකාරී හේමාල් ප්‍රශාන්තට එම රාජකාරිය පැවරීම පිළිබඳව අපට ඇතිවූ සැකය අප විසින් වාර්තා කෙරිණි.
අපට ඒ පිළිබඳව සැකයක් ඇතිවූයේ ඡ්‍යෙ.පො.අධිකාරී හේමාල් ප්‍රශාන්ත හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නි ආරච්චි අතර පවතින ඥාති සම්බන්ධය නිසාය.එහිදී ⁣ඡ්‍යෙ.පො.අධිකාරී හේමාල් ප්‍රශාන්තට එවැනි සම්බන්ධතාවක් නැති යැයි අපට දෝස්මුර එල්ල කළ බොහෝ පොලිස් ලොක්කන්ද විය.එහෙත් අප විසින් අනාවරණය කළ පුවත සත්‍යයක් බව ජනපතිවරයා වෙත වාර්තා වීමෙන් පසු ජනපතිවරයාගේ නියෝගයෙන් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති බවට අපට වාර්තා වී තිබේ.

පොලීසියේ සමහර  කෙරුමන් ගේ පජාත කෙරුවාව ගැන තවමත් ජනපතිවරයාට හා නීතිය හා සාමය බාර අමාත්‍යවරයාට නිසි වැටහීමක් නැති බව අපට  විශ්වාසය.මේ කෙරුමන් පිරිස මෙරට පාතාලයන් සමග යටි බිම්ගතව කරන ගණුදෙනු පිළිබඳව ජනපතිවරයා ඉතා අවංකව සොයා බැලුවේ නම් ජනපතිවරයාට ඉන්න හිටින තැන අමතක වන බව නිසැකය.
ඒ සොයා බැලීම ජනපතිවරයා විසින් සිදු කළ යුත්තේ පෞද්ගලිකවමය.එසේ නැතුව ජනපතිවරයා සමීපයේ ඉන්නා පොලීසියේ කූඩැල්ලන් යොදවා නම් එවැන්නක් ඉටු කර ගත නොහැකි අතර ඒ අරමුණ ⁣කිසි දිනක ඉටු නොවන බවද පැහැදිලිය.
පොලීසියේ මේ කෙරුමන් ආශ්‍රය කරන පාතාල නායකයකු සතුව මේ වන විට රොකට් ලෝන්චරයක් පවා තිබෙන බවද අපි දනිමු.එය මේ වන විට පැරණි සොහොන් ගැබක නිදන්ගත කර ඇතත් කවදා හෝ එලියට එන්නට බැරි නැත. මේ රොකට් ලෝන්චරය ගැන පසුගියදා නෙත් එෆ් එම් ගුවන් විදුලි සේවාව මගින් අනාවරනය කෙරිණි.මේ ගැන තොරතුරු අවශ්‍ය නම් සැබෑවටම ඒ ගැන පරීක්ෂණ කළ හැකි නිළධාරියෙකුට අපට ඒ ගැන සාක්ෂි සැපයීමටද හැකිය.
මෙරට ඇතැම් නගර තුළ පවතින සම්භාහන ආයතන වලින් එම නගරයේ පිහිටි පොලීසියේ ස්ථානාධිපතිවරයාට හා අපරාද අංශයේ ස්ථානාධිපතිවරයාට මාසිකව ලැබෙන මුදල රුපියල් ලක්ෂය ඉක්මවා යයි.ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පෞද්ගලික දේපොල හා වත්කම් පිළිබඳව සොයා  බැලුවේ නම් ඒ සත්‍යය තේරුම් ගත හැකිය.බොහෝ පොලිස් ලොක්කන්  බිස්නස් කාරයන්ය.එහිදී ඔවුන් හෙරොයින් ජාවරම් කාරයන් හා පවත්වාගෙන යන සම්බන්ධතාවන් පිළිබඳව අසා දැන ගත යුත්තේ නගරයේ සිටින තුන් රෝද රථ රියදුරන්ගෙන්ය.
මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ අනෙක් පාර්ශවය වන්නේ මෙරට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය.
රට හදන්නට ඕනෑ නම් ප්‍රථමයෙන් කරන්නට අවශ්‍ය වන්නේ පොලීසිය සුද්ධ කිරීමය.එසේ නැතුව නම් මෙරට සමාජය තුළ සිද්ධ වන සංවිධානාත්මක අපරාද වැලැක්වීම කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.ආණ්ඩුවට ඒ අවස්ථාව අහිමි වී ඇත්⁣තේ ආණ්ඩුවේ 
ලොක්කන්ගේ ඔඩොක්කු කුක්කන් වී ඇත්තෙ පජාත ⁣කැරැට්ටු සහිත පොලිස්  ලොක්කන් නිසාය.එයට හොඳම එක උදාහරණයක් ලෙස අපට අනාවරණය කළ හැක්කේ නීතිය හා සාමය බාර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී ගුණරත්නය.මොහු පෝද්දල පොලිස් ස්ථානයේ සේවය කරද්දී හොර හරක් පැටවීම ගැන චෝදනා ලැබූවෙකි.
නීතිය හා සාමය බාර ඇමතිවරයා ⁣ඔහුගේ එම දූෂිත පැටිකිරිය ගැන හාංකාවිසියක් නොදැන සිටිනවා වෙනවා වන්නට පුළුවන.එහෙත් අප මේ ලියන්නේ සත්‍යය බව හොයාගන්නට ජාතික බුද්ධි තොරතුරු සේවාවේ පරණ ගොනු අවුස්සා බැලුවා නම් හරිය.

Spread the love

Leave a Comment

You may also like