උණුසුම් පුවත්

ඉන්දියාවේ නාවුක ලොක්කාගේ දුරකථනය මෙරටදී සොරකම් කරලා

Spread the love

අපේ රට මේ වන විට බලවත් ජාතීන්ගේ කෙළි බිමක් බවට පත් වී තිබේ.එහි පාර්ශවකරුවන් වන්නේ ඉන්දියාව ,ඇමරිකාව හා චීනයයි.මෙරට නැවත බෙදුම්වාදය ක්‍රියාත්මක කරමින් ජාතිවාදී ආරවුලක් නිර්මාණය කිරීමේ වටපිටාවක්ද දැක ගත හැකිය.රනිල් රාජපක්ෂ සිය බලය රැක ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක නිරත වෙමින් සිටී.⁣රට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින මේ මොහොතේ මොහු  බලය බෙදීම පිළිබඳව සාකච්ඡාවක් අරඹා තිබේ.

ඒ අතරේ අපට ලැබී ඇති තොරතුර ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව පවා දැඩි විමතියට පත් කළ බරපතල සිදුවීමක් වූ නමුත් මෙම සිදුවීම මෙරට මාධ්‍ය වලින් අනාවරණය නොවීම ගැන අපට ඇත්තේදැඩි සැකයකි.
පසුගියදා (12) මෙරට සංචාරයකට පැමිණි ඉන්දීය නාවුක හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ත්‍රිකුණාමලය නාවුක ඇකඩමියේ නාවුක නිළධාරීන් අධිකාරියට පත් කිරීමේ ප්‍රධාන ආරාධිතයා විය.මෙම සංචාරයේදී ඔහු ජනපතිවරයා අගමැතිවරයා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමගද මෙරට නාවුක හමුදා කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
කෙසේ වෙතත් දැඩි ආරක්ෂක රැකවරණ යටතේ සංචාරය කළ ඉන්දියා නාවුක හමුදා ප්‍රධානියාගේ ජංගම දුරකථනය මෙරටදී සොරකම් කර තිබේ.
අද ස්මාට් දුරකතනයක් යනු දත්ත ගබඩාවකි.එවැනි තොරතුරු ගබඩාවක් නැතිවීම යනු ඒ දුරතකනය හිමියාගේ අනන්‍යතාව පිටස්තරයන් වෙත හෙළිදරව් වීමකි.ඉන්දියාව වැනි ප්‍රබල රටක ආරක්ෂක අංශ ප්‍රධානියකුගේ දුරකථනය සොරා ගැනීම ලේසි පහසු සිදුවීමක් නොවන්නේ ඒ නිසාය.එය ඉන්දියාවේ ආරක්ෂක අංශය තුළ දැඩි කම්පනයට හේතුවන කාරණයක් විය හැකිය. 

Spread the love

Leave a Comment

You may also like