දේශබන්දු තෙන්නකෝන් ගේ අධීකෂණය යටතේ ඇති බොරැල්ල පොලිස් වසමේ මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර පදිංචිව සිටි. ඔහුව මරාදැමීමට සියල්ල සුදානම් බවත් ඊට බස්නාහිර පලාත භාර දේශ බන්දුතෙන්නකෝන් ගේ අනුග්‍රහය ලැබෙන බව අපි මීට මාස ගානකට පෙරදි හෙලි කලෙමු.
ඒ ශානි රාජපක්ෂලට විරුද්ධව හා දේශ බන්දුට විරුද්ධව අපරාදමය වැරදි පිලිබදව විමර්ෂණය කිරීමය.පසුව වැඩ බැරි ටාසන් ගෝතා පමිණි පලමු දිනම අස්ගිරි විහාරයේදි ශානි විනාශ කිරීමේ පලමු අණ නිකුත් කලාය . ඉන්පසුව බලයෙන් පහවීමට පෙර ශානිව නිතියානුකූලව මරණයට පත් කර ලීමට කොතෙකුත් උත්සහා කලාය. අවසානයේ ගෝතට රට හැර යාමට සිදු විය.
ඊට පසුව ශානි තම ආරක්ෂාව පතා අධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලීය. එය තුට්ටුවකට මායිම නොකල දේශ බන්දු හා ගොබ්බ පොලිස්පති අවසානයේ අධිකරණයෙන් සමාව ඉල්ලා ආරක්ෂාව ලබාදි තිබේ. පසු ගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එතෙක් තමාට ආරක්ෂාව නොදුන් බව කිව නිසාම මේ වනවිට බොරැල්ල පොලිසියේ ආරක්ෂාව ලබාදි තිබේ. පසු ගිය දා ශානි ගේ පුද්ගලික කාර් රථය නතර කොට තිබෙයදි කිසියම් ආකාරයකට කාර් රථයට වෙඩි වැදි ඇත. මේ පිලිබදව අපි සොයා බැලීමේදි දැන ගැනීමට හැකි වුයේ ආරක්ෂාවට සිටි නිලධාරියකුගේ අතින් ගිනි අවිය පත්තු වු බවකි.
ඒත් එම ස්ථානයේ ශානි සිටියානම් ස්ථිරවම ඔහු ගේ ජිවිතය විනාශ වෙනබව නියතයි. දේශබන්දු හා රාජපක්ෂලා යනු ගසයි පොත්තයි සේ සිටින නිසාම අත් වැරදීමක් දමා හෝ ශානි මරා රාජපක්ෂලා ගේ නඩුවලින් නිදහස් විය යුතුමය. ඉතාම අවාසනාවන්තම තත්වය රාජපක්ෂලාට එරෙහිව රටේ නිතිය ඉටුකල ශානි අද මරාදැමීමට සුදානම් වන්නේ එදා රාජපක්ෂලාට විරුද්ධව විමර්ෂණයන් ඇරබීමට කටයුතු කල රනිල් වික්‍රමසිංහ පුර්ණ බලති විධායක ජනාධිපති ලෙසට සිටින මොහොතකය.
අවාසනාව අද ශානි රාජපක්ෂලා සමඟ නොසිටින ඒකය. එත් රාජපක්ෂලාගේ වාසනාව අද රනිල් සිටින්නේ විධායක ජනාධිපති ලෙසට රාජපක්ෂලාගේ එකම ගැලවුමකරුවා ලෙසටය.මෙම සිද්ධිය යට ගැසුවේ කාගේ උවමනාවට දැයි වහාම විමර්ෂණයක් ආරම්භ කලයුතුය.
එ නිසාම ශානි ගේ ජීවිතය උණ්ඩයකට බිලි වීමේ ප්‍රවනතාවය ඉතම ඉහලය. කෙසේ වෙතත් ජනාධිපති රනිල් කලයුත්තේ වහාම ශානිට එස්. ටී.ෆ් ආරක්ෂාව ලබාදි කොළබින් දෙශ බන්දු ඉවත් කිරීමය. එසේ නොවන තාක් ශානි ගේ මරුවා කොළඹම සිටීම කිසි විටකත් නතර කල නොහැකිය.