උණුසුම් පුවත්

ශ්‍රි ලංකා ලිංග ක්‍රිකට් ආයතනය

Spread the love

ලිංගික හිංසන හා ලිංගික අල්ලස් අවම කිරීම සඳහා එවැනි ක්‍රියාවලට දැඩි දඬුවම් ලබා දීමට, කැබිනෙට්ටුව මගින් අලුත් නීති ගෙන ඒම මගින් ඉදිරියේ පවතින එවැනි නඩු වලින් බොහෝ දෙනෙකුට සිර දඬුවම් විඳීමට සිදු වනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද මෙවැනි ක්‍රියා ගැන ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි.

පසුගිය කාල සීමාව තුළ එහි සේවය කළ සුරූපී කාන්තාවන් කිහිප දෙනෙකුටම ඉහළ නිලධාරීන්ගෙන් අයුතු යෝජනා ලැබී ඔවුන් සේවය අතහැර ගොස් තිබේ.

මෙසේ සේවය හැර ගිය එක් ලේකම්වරියක් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත පවරන ලද නඩුවක් තවමත් විභාග වෙමින් පවතී.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලිංගික ක්‍රියාවන්ට දඬුවම් කිරීමට ප්‍රථම එහි නිලධාරීන්ගේ ලිංගික අපචාර ක්‍රියා නතර කළ යුතු බව තේ සාදන්නියන් සිට ලේකම්වරියන් දක්වා එහි සේවිකාවෝ පවසති.


Spread the love

Leave a Comment

You may also like