උණුසුම් පුවත්

රටම දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමා මාස 14 කින් මෛත්‍රි යන්න යයි

Spread the love

තමාව ලෝකයට ඔනි බවත්, තමාට ලෝකයේ අනික් රටවල් අවශ්‍ය නොවන බව සිතුවේ එදා මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපති මහින්දය.

ඒත් වැඩිමනක් දින යාමට නොදි මහින්දව ලෝකයට අනවශ්‍ය බවත් මහින්දට ලෝකයා ඔනි කරන බව ඉතා හොදට වටහා දුන්නේ තමාගේ ජනාධිපති පුටුවටද කෙලවා ගනිමිනි.

ඒ වන විට මෛත්‍රි ජනාධිපති හිටියේත් මහින්ද ගේ ඔඩොක්කු ලේකම් ලෙසය. ඒ සන්තෑසියම තමාටත් අත් විදීමට මහත් ආශාවෙන් පෙලෙන මෛත්‍රි ඊට ඔහුම දැන් පාර කපා ගෙන අවසන්ය.

රටේ ජනතාව මේ වනවිට දැඩි ආර්ථික හා සාමාජීමය ප්‍රශ්න රාශියකට මුහුණ දි සිටින නමුත් ආණ්ඩුව ඒ පිලිබදව කිසිදු තැකීමක් නැති බව ඕනෑම අයකුව පෙනීයයි.

මෛත්‍රි ජනතා දැඩි දෝශ දර්ශනයට ලක්වී හමාරය .ඒ 2015 දී ජනතාවට දිවුරා පොරොන්දු වු මෛත්‍රි මහින්ද ගේම අඩි පාරෙනුත් එපිට යාම නිසාය.

තමාට නැතිවු ජනතා ප්‍රසාදය ඉදිරි මාස 14 දී ලබාගැනීම වෙනුවෙන් මෛත්‍රි දැන් හදන්නේ රටේ ආර්ථිකයත කෙලවා දමා “යන යකා කොරහත් බිදඟනම ” යෑමටය.

ලෝකයම විරැද්ධ උවත් ………. “මම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා මට ලෝකේ කතා වැඩක් නෑ …….” මෙහෙම ජනතාවට කියා මෛත්‍රි කරන්නේ ජනතාව ගේ බෙල්ලට ආර්ථික තොන්ඩුව දමා ඔහු ගෙදර යාමටය.

එල්ලුම් ගහ ක්‍රියා ත්මක කොට රටේ අපරාධ නැති කරනවා යැයි සිතන මෛත්‍රි ට ඇත්තේ නොමේරූ බුද්ධියක බව ලෝක නායකයන් හිතා ගෙන හමාරය.

යුරෝපා සංගමය ,එක්සත් ජාතින් ගේ සංවිධානය, හා අපේ රටේ අපනයනයන්  ගන්නා සියලුම රටවල් මේ වනවිට ශ්‍රි ලංකා රජයර අනතුරු අඟවා ඇත.

මෙන්න මේ නිසා ජනාධිපති මෛත්‍රි සිතනවානම් ලෝකය නැතුව මට ජනතාව සිටිනවා කියා එය ද විහිළුවකි. ජනතාව මේ වනවිට මෛත්‍රි හා රනිල් දෙදෙනාම කුණු කුඩයකට දමා බොහෝකල්ය.

රටේ හිටපු අගමැති කුඩු කන්ටේනර් රථයක් මුදා හලේ ජනතාව පොට්ටයන් කියා හිතා ගෙන විය යුතුය. ඒ වනවිට ජනාධිපත් මෛත්‍රි පක්ෂ මහලේකම්ය. නමුත් ඔහුට කොරපු කෙන් ගෙඩියක් නැති බවත් ලාංකීය මෝඩ ජනතාව ඉතා හොදින් දනී.

ජනාධිපතිට හා අගමැතිට අපි අභියොග කර කියා සිටින්නේ රටේ සිදුවන සියලුම අපරාධ හා මත් කුඩු මුළු මනින්ම නතර කිරීමට නම් ජනාධිපතිත් අගමැතිත් කල යුත්තේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කලහැකි දේශපාලන නායකත්වයකට එම අමාත්‍යංශය භාර දීමය

මාස 03 ක කාලයක් ෆිල්ඩ් මාෂල් ෆොන්සේකාට
නිතිය හා සාමය අමාත්‍යංශය දුන්නානම් පොලිසියේ ,හා හ්මුදාවේ දුෂිතයන් එලියට පනිනවා නොවනු මානය.  .එතනින්ම රටේ අපරාධ හා කුඩු ජාවරම නතර වෙන බවට අපිට සහතිකවම කිව හැකිය.

එසේ නොමතිව ජනාධිපති මෛත්‍රි හා රනිල් තටමන්නේ එල්ලුම් ගහේ ලනුව ජනතාව ගේ බෙල්ලට දැමා උන් ගෙදර යාමටය.


Spread the love

Leave a Comment

You may also like