උණුසුම් පුවත්

පොලීසියේ අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් හත් දෙනෙක් බඩගින්නේ සෙත්ත පෝච්චි

Spread the love

පොලීසි⁣යෙන් උණු උනුවේම අපට ලැබුණ ආරංචිය හද කම්පා කරවන එකකි.ඒ පොලීසියේ අශ්වාරෝහක කොට්ඨාශයේ සුපිරි අශ්වයන් හත් දෙනෙකු බඩගින්නේ මිය ගොස් ඇති බවය.පොලීසිය බාර ඇමතිට හා පොලීසියේ ලොකු මහත්තයාට මේ සිදුවීම හරිම සිම්පල් වන්නට පුළුවන.
ඒ මන්ද යත් හෙට අනිද්දාට විදේශයකින් අළුත් අශ්වයන් ගෙන ඒම සඳහා සිදු කරන ගනු දෙනුවෙන් ලොකු කොමිස් කුට්ටියක් කඩා ගන්නට පුළුවන් වෙන නිසාය.පොලිස් ඇමතියා එල්ටීටී ත්‍රස්තවාදීන්ට ආයුද ගන්නට මුදල් තොගයක් ගෙන ගොස් දී කොමිස් සාක්කුවේ දාගත් තක්කඩියෙකි. තමන් ජාතක වුන මවුබිමේ සහෝදර ජනතාවගේ ආරක්ෂාව උකසට තැබූ මේ තක්කඩියාට පොලීසියේ අශ්වයන් මිය යාම ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මඟුල් වෙනවා  වාගේ ගානක් කපා ගත හැකි සිද්ධියක් වෙන බව නම් නිසැකය.මේ වන විට අශ්වයන් මිය යාම පිළිබඳව එහෙන් මෙහෙන් වාර්තා කැඳවනු බව අපට දැන ගැන්මට තිබේ.ඒ වාර්තා කැඳවීම් ඇස් බැන්දුම් වැඩ බව අපි දනිමු.

අශ්වයා යනු සංවේදී සත්වයෙකි.අවට පරිසරයේ දේශගුණික විපර්යාසය ආහාරපාන ව්‍යායාම ගෘහස්ත අශ්වයකුගේ ජීවිතයට බෙහෙවින් බලපාන සාධකයන්ය.මරන්නට හදන කුකුළන් හදනවා වාගේ අශ්වයන් ඇති දැඩි කරන්නට බැරිය.බල්ලන් පූසන් වාගේ හදන්ටත් බැරිය.පොලීසියේ අශ්වාරෝක කොට්ඨාශය බාර ලොක්කන් මේ බව නොදන්නවාත් නොවේ.එහෙත් අපට වාර්තා වී ඇති ආකාරයට අශ්වයන් ගේ සෞඛ්‍ය සම්බන්ධව සොයා බලා ඇත්තේ පොලීසියේ සුනඛ කොට්ඨාශයේ පශු වෛද්‍යවරයා වේ.පොලීසිය මේ අශ්වයන් ගැන දැක්වූ නොසැළකිල්ල කෙතරම්ද යන්න ඉන් සිතා ගන්නට පුළුවන.

⁣මිය ගොස් ඇති එක අශ්වයෙකුගේ වට්නාකම ඩොලර් තිස්පන්දාහකි.මේ ඩොලර් තිස්පන්දාහ හතෙන් වැඩි කළ විට අශ්වයන් හත් දෙනාගේ වටිනාකම කොපමනද යන්න ගනන් හදා ගන්නට පුළුවන.ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් වලට ගනන් බැලීමෙන් මේ අශ්වයන් මියගිය පාඩුවේ තරම සිතට දැනෙනවා ඇත.මියගිය අශ්වයන් ගේ හිස් තැන් පිරවීමට අශ්වාරෝහක කොට්ඨාශයට  අළුතෙන් අශ්වයන් මිලයට ගත යුතුමය.ඒ සඳහා වැය කරන්නේ මහජනතාවගේ මුදල්ය.ඒ හන්දා පොලිස් ඇමතියාටවත් ⁣,පොලිස් ඇමතියාටවත් මේ සතුන්ගේ මිය යාම එතරම් බරපතල කාරණයක් නොවිය හැකිය.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයට දීර්ඝ කාලයක් තිස්සේ අශ්ව ආහාර සපයා ඇත්තේ කොළඹ දකුණු දිසාව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියෙන් බව වාර්තාවේ.එහෙත් මෙම සැපයීම් කටයුතු හදිසියේම යාපනයේ පොලිස් කොට්ඨාශයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට බාර දී ඇතැයිද අපට වාර්තා වේ.එහිදී අශ්ව ආහාර සපයා ඇති සැපයුම්කරු ගේ නම හා ලිපිනය සඳහන්ව ඇත්තේ කොළඹ  මරදාන ලිපිනයකි.දැන් සොයා බලන විට දැන ගැන්මට ඇත්තේ එවැනි ලිපිනයක පදිංචිකාරයකු නැති බවය.

අශ්ව ආහාර සඳහා කොල්ලු කඩල මුංඇට වැනි ධාන්‍ය වර්ගද කැරට් වැනි ශාකමය ආහාරද ලබා දිය යුතුය. එහෙත් මිය ගිය අශ්වයන්ට මෙම පෝශ්‍යදායී ආහාර නිසි ආකාරයෙන් ලැබී නැත.ලිපිනයක් නැති සැපයුම්කරුවකු ගේ කෙරුවාව ඉන් සිතා ගත හැකිය.

සැපයුම් බාර පොලිස් ලොක්කා ලිපිනයක් නැති සැපයුම්කාර⁣යකු මේ ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත්තේ අශ්ව ආහාර පිල්ලි ගහන  කල්ල මරේ බිස්නස් එකට මිස වෙන කෙහුරකට නොවන බව පෙනී යයි.

මේ අශ්වයන් මිය යාමට පෙර රාජ්‍ය උත්සව විසි තුනකට තැනින් තැනට ගෙන ගොස් තිබේ.එම ප්‍රවාහනයේදී සිදුවූ වෙහෙසකර බව හා නිසි පෝෂණය සහිත ආහාර නොලැබීමද පශු වෛද්‍යවරයකු  නොමැති වීමද මේ සත්වයන් මිය ගිය බව නිශ්චය කළ හැකිය.සැබැවින්ම මේ සත්වයන් මිය ගියා නොව ඕනෑ කමින්ම මරා ගත් බව  සඳහන් කළ යුතුය.
කන්න නැතුව මිනිසුන් මැරෙන රටේ අශ්වයන් ගැන මොන කතාදැයි කවරකු හෝ ප්‍රශ්ණ කරන්නට පුළුවන.ඔව් එය ඇත්තය.ඒ මිනිසුන් මිය යන්නේ අතේ මිටේ වියදම් කරන්න සල්ලි බාගය නැති නිසාය.ඒත් මේ අශ්වයන්ගේ ආරක්ෂාව හා ශුභ සාධනය වෙනුවෙන් වෙන් කළ නිශ්චිත මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එහෙත් අශ්වයන් අකාලයේ මිය ගොස් ඇත්තේ ඒ මුදල් ප්‍රතිපාදන පොලිස්  ලොක්කන් හොරට සාක්කුවේ දමා ගෙන ඇති නිසා බව පැහැදිලිය. වරද ඇත්තේ එතැනය.


Spread the love

Leave a Comment

You may also like