පොලීසිය කුණු වී ඕජස් ගලන තුවාලයක් බවට පත් වී තිබේ. ඒ කුණු වූ තුවාලයේ රහ විඳින නිල මැස්සන් හා ජරා පනුවන් රොත්තකි.පොලීසිය කුණු වී නන්න පෝල් වීම ගැන මේ නිල මැස්සන්ට හා ජරා පණුවන්ට ඇති වී ඇත්තේ මාර ත්රිලකිවෙලේ පඹයා…….හෙට අනිද්දාට පොලිස්පති වීමට කුරුමාණම් අල්ලමින් සිටින ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කුණු වෙමින් පවතින පොලීසිය පිළිබඳව වග කිව යුතු පළමු වග උත්තර කරු වේ.අද මෙරට පොලීසිය පාලනය කරන්නේ මේ තක්කඩියාය.පොලිස්පති වික්‍රමරත්න වෙලේ පඹයා වී හමාරය.
පොලීසියට කෙල වී ඇති කෙල වීම ගැන මේ පොලිස්පති නොදන්නවා නොවේ.ඔහු නිවටයකු ලෙස සියල්ල ඉවසා දරා ගනිමින් සිටින්නේ විශ්‍රාම ගිය පසු ආණ්ඩුවේ තවත් සුපිරි තනතුරකට හෝ එසේත් නැතහොත් විදේශ තානාපති කමකට ඉව අල්ලමින් සිටින නිසා බව පැහැදිලිය.වර්තමානයේ මෙරට රජයේ උසස් තනතුරු දරණ බොහෝ දෙනෙකු ගේ හෘද සාක්ෂිය දේශපාලනික ගණිකා වෘත්තිය හා බැඳී ඇත්තේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුවද දොළ පිදේනි භුක්ති විඳිය හැකි තනතුරකට සෙට් වීමේ අපේක්ෂාවෙන් සිටින නිසාය.
පොලිස්පතිවරයාද අයත් වන්නේ ඒ කුලකයටය.
ගේම් කාරයකු වන ටිරාන් අලස්………නීතියක් විනයක් නැති ව්‍යාපාරිකයකු හා දේශපාලන ගේම් කාරයකු වන ටිරාන් අලස් පොලිස් ඇමතිවරයාගේ මේ වන විට හොඳම කූට්ටාලියා වී සිටින්නේ දේශබන්දු තෙන්නකෝන්ය.දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ වී සිටින්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් සමග පමණක් යැයිද අපේ ආණ්ඩුව ආ විට උඹට දෙඥං බැටෙි යැයි කල්පනා කරන සමහර විපක්ෂයේ ඇත්තන්ට අපට කියන්නට තියෙන්නේ අනේ ඒ සිතීම සොරි ඩොට් කොම් කියාය.උන් ඔක්කොම යාළුවෝ මල්ලී……….ඒ තරමට දේශබන්දු තෙන්නකෝන් විපක්ෂයේ බොහෝ ප්‍රබල දේශපාලඥයන්ගේ අඹ යාළු සමීපතමයෙකි.දේශබන්දු කවර ආකාරයේ පාදඩකමක් කෙරුවද විපක්ෂය කටෙි කෙල බිඳුවක් හෙලන්නේ නැත්තේ ඒ නිසාය.විපක්ෂයබලයට පත් වූ විට ආරක්ෂක ලේකම් කමට දේශබන්දු පත් වුව හොත් ඒ පත්වීම ගැන පුදුම විය යුතුද නැත.අප එසේ ලියන්නේ ඔය හැම දෙනාගේම කෙරුවාව ගැන අපට හොඳ අවබෝධයක් තියෙන නිසාය.එහිදී අපට මතක් වෙන්නේ රන්ජන් රාමනායක ගේ උන් ඔක්කොම යාළුවෝ මල්ලී යැයි පැවසූ කියමනය.අද අප ගේ ප්‍රවෘත්තියද පොලීසියේ නොසන්ඩාල පික් පොකට් ගැහිල්ලක් පිළිබඳවය.ඒ ගැහිල්ලද සිඳු කර ඇත්තේ තක්කඩි දේශබන්දුගේ ඔඩොක්කු කුක්කන්ය.පොලීසියේ නොසන්ඩාල පික් පොකට් ගැහිල්ලක්……..පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් විසින් නයිජීරියන් ජාතිකයන් දෙදෙනෙකු හා මුසල්මානු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ ලක්ෂ හැත්තෑපහක කළු සල්ලි තොගයක් සමගය.මෙම අත් අඩංගුවට ගත් සැක කරුවන් පිළිබඳව පොලිස්පති වරයාගේ උපදෙස් පරිදි එහි වැඩිදුර විමර්ශනයඅපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.එවකට එහි අධ්‍යක්ෂ වරයා වූයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නය.කසල බාල්දි කුණු පණුවෙකු වන රොහාන් ප්‍රේමරත්න……..පොලිස් දෙපාර්තමේන්තුවේ කසල බාල්දි කුණු පණුවෙකු වන රොහාන් ප්‍රේමරත්නට මේ කළු සල්ලි තොගය හදිසියේ ඇදුන ලොතරැයියක් විය.ඡෙ.පො.රොහාන් ගුණරත්න මෙම මුදල් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර කරන ලද අතර එහි සඳහන් කරන ලද්දේ මෙම විත්තිකරුවන් එම මුදල් සාධාරණව උපයා ගත් බවය.පසුව විත්තිකාර මුසල්මානු ජාතිකයන් හා නයිජීරියන් ජාතිකයන් මුදා හැරිණි.මෙම අත්අඩංගුවට ගන්නා ලද මුදල් තොගය හා එම සිද්ධිය හා සම්බන්ධ සැකරුවන් ගැන ඡෙ.පො.රොහාන් ප්‍රේමරත්න ගේ සැක සහිත රාජකාරිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික ජනරාල් වෙත නිර්නාමික පෙත්සමක් ලැබුණි.එහි සඳහන් වී තිබුණේ අත් අඩංගුවට ගත් මුදල් ඡෙ.පො.රොහාන් ප්‍රේමරත්න හා ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් සම සමව බෙදාගෙන ඇති බවය.අමාත්‍යංශ ලේකම්වරයා විසින් වහාම පෙත්සම තුළින් අනාවරනය වූ මේ අපරාධ වරද පිළිබඳව අවධානය යොමු කරන ලද අතර ඔහු විසින් මේ සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස එෆ්සීඅයිඩී යට නියෝග කරන ලදී.එම පරීක්ෂණය ඡෙ.පො.ලෝරන්ස්ගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ජයරත්න විසින් ආරම්භ කෙරිණි.එහිදී සැකකාර මුසල්මානු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූයේ ඔවුන් මීට ඉහතදී අත් අඩංගුවට ගෙන මුදා හැරීමේදී පොලීසිය විසින් ගත් මුදල් තොගය ආපසු නොදුන් බවය.එහිදී වැඩිදුරටත් මෙම මුදල් තොගය ඡෙ.පො.රොහාන් ප්‍රේමරත්න විසින් වංචනිකව ලබා ගෙන ඇති බව තහවුරු විය.මේ වංචාකාරී සිදුවීම ගැන එෆ්සීඅයිඩීය විසින් ඡෙ.පො.රොහාන් ප්‍රේමරත්නට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.පසුව මහජන හා සාමය බාර අමාත්‍යංශයේ අමාත්‍ය තනතුර හා ලේකම් තනතුර වෙනස් වූ අතර ඇමති වරයා වශයෙන් ටිරාන් අලස්ද අමාත්‍යංශ ලේකම් වරයා ලෙස හෙට්ටිආරච්චිද පත් විය.තක්කඩි දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුව පාලනය කරන නොනිල පොලිස් පති බවට පත් විය.කලු සල්ලි පිල්ලි ගැහිල්ල…….මේ වන විට ඉහත සදහන් කළ කලු සල්ලි පිල්ලි ගැහිල්ල පිළිබඳ වංචාව කණපිට හැරවී තිබේ.එය කෙතරම් දුරට කණපිට හැරවී තිබේද යත් මේ වන විට එෆ්සීඅයිඩී අධ්‍යක්ෂ ඡෙ.පො ලෝරන්ස් හා ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න එම අංශයෙන් ස්ථාන මාරු කොට යවා තිබේ.ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හෙට්ටිආරච්චිගේ නියෝග මතය.සෙලිස්ටර් ජනරාල් විකුම් තාබෘ………..දැන් පොලිස්පති ගේ උපදෙස් මත මෙම නිළධාරීන් එරෙහිව පරීක්ෂණයක් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ආරම්භ කර තිබේ.ඒ එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් නිශාන්තය.ඒ අතරතුර එෆ්සීඅයිඩීය මගින් අධිකරණයට වාර්තා කර ඇති කරුණු සාවද්‍ය බවට නීතිපති කාර්යාලයේ සෙලිස්ටර් ජනරාල් විකුම් තාබෘා ලවා ඉදිරිපත් කිරීමේ සැලසුමක් පිළිබඳවද අනාවරණය වී තිබේ.තක්කඩියන් මදාවියන් හා සල්ලාලයන්ගේ රාජධානියක්…….
මේ සියළු සැලසුම් පිටුපස සිටින්නේ තක්කඩි දේශබන්දු තෙන්කෝන් හා ඔහුගේ සහචරයන්ය.පොලිස් දෙපාර්තමේන්තුව තුළ නීති ගරුකව රාජකාරි කරන පොලිස් නිළධාරීන් බිම් මට්ටමට ඇද දමා සමස්ත පොලිසි දෙපාර්තමේන්තුවම තක්කඩියන් මදාවියන් හා සල්ලාලයන්ගේ රාජධානියක් බවට පරිවර්තනය කිරීම මේ කුණු පනුවන්ගේ හා නිල මැස්සන්ගේ අපේක්ෂාව වී තිබේ.
මේ ලුම්පන් නිළධාරීන්ගේ ශාස්තෘවරයා බවට පත් වී ඇත්තේ ඡෙ.පො.දේශබන්දු තෙන්නකෝන් වේ.