උණුසුම් පුවත්

ළමා හා කාන්තා අංශයේ ඕඅයිසී අම්මා සිය දියණිය ⁣අනියම් සැමියාට බිලි දීලා

Spread the love

කඳාන පොලීසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂකවරියක ගේ දියණිය අපයෝජනයට ලක් කළ බව කියන එම නිළධාරිණියගේ අනියම් සැමියා අද (21)සවස පමුනුගම පොලීසිය මගින් අත් අඩංගුවට ගැනිනි.

12 හැවිරිදි දියණියට සිඳු කළ මෙම අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම පිළිබඳව මුල් වරට අනාවරණය වී ඇත්තේ දුම්මලසූරිය පොලීසියට දුරකථන මාර්ගයෙන් ලද පැමිණිල්ලකට අනුවය.ඒ වන විට වින්දිත දැරිය දුම්මලසූරිය පිහිටි සිිය මව වූ පොලිස් නිළධාරිණියගේ දෙමවුපියන් ගේ නිවසේ ජීවත් වී ඇති අතර ඇය එහි ඇරලවා ඇත්තේද මව විසිනි.
කඳාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරිය වන මේ පොලිස් පරීක්ෂක වරියගේ සැමියා බන්ධනාගාර ජේලර් වරයකු වන අතර ඔහු මෙි වන විට මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් 
බන්ධනාගාර ගතව ඇතැයි වාර්තා වේ.
සැමියා බන්ධනාගාරගත වීමෙන් පසු ඇය ව්‍යාපාරිකයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන තිබේ.ඇය එම අනියම් සැමියා හා දරු දෙදෙනා සමග ජාඇල නිවසක එකට ජීවත්වී තිබේ.අනියම් සැමියා විසින් දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ එම නිවසේදීය.අනියම් සැමියා විසින් දැරිය දිගින් දිගටම අපයෝජනය කිරීම නිසා පොලිස් පරීක්ෂක වරිය ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග නොගෙන දුම්මලසූරිය පිහිටි තම දෙමවුපියන්ගේ නිවසට දැරිය ඇරලවා තිබේ.

Spread the love

Leave a Comment

You may also like