ආධුනික කාන්තා පොලිස් කොස්තාපල් වරියකට ලිංගික හිංසා කිරීමටඋත්සාහ කිරීමේ චෝදනාවට ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට මාරු කර යවන ලද බෙලිඅත්ත පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරාම ගේ ස්ථාන මාරුව සානුකම්පිත සෞඛ්‍ය හේතූන් මත යැයි සඳහන් කර අවලංගු කර ඇතැයි වාර්තා වේ.ඔහුට එරෙහිව චෝදනා කරන ලද ආධුනික පොලිස් නිළධාරිණිය තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්ත කර තිබේ.
සිද්ධිය වාර්තා වූ ආකාරයට මෙසේයමෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරාම නැමැත්තා බෙලිඅත්ත පොලීසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන අතර තුර එම පොලීසියේම සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල් වරියකට ලිංගික බලපෑම් එල්ල කර ඇති බවත් එම බලපෑම හේතුවෙන් ඇය පොලිස් ස්ථානය තුළදීම ගෙල වැල දා ගැනීමට උත්සාහ කළ බවත් කියවේ.මෙම සිදුවීම අනාවරණය වීමත් සමගම ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරාමට බෙලිඅත්ත පොලීසියේ සිට විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.සිද්ධියට සම්බන්ධ ආධුනික පොලිස් කොස්තාපල් වරිය තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්ත කරන ලදී.එහෙත් මේ වන විට විනය හේතු මත ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට මාරු කර යවන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරාම සෞඛ්‍ය හේතු මත යැයි දන්වා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ උපදෙස් මත වින්දිත ආධුනික පොලිස් කොස්තාපල්වරිය සේවයේ නිරත තංගල්ල මූලස්ථාන පොලීසියටම අනුයුක්ත කර තිබේ.මෙහි ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරාම විසින් එම ආධුනික පොලිස්කොස්තාපල්වරියට යවන ලද වට්ස් ඇප් පණිවිඩ වේ.මේ අතර තංගල්ල පොලිස් කොට්ඨාශය තුළ රඳවා ගැනීම නුසුදුසු බව දන්වා පොලිස්පතිවරයා විසින් එම පොලිස් කොට්ඨාශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කොට යැවූ බෙලිඅත්ත පොලීසියේ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ හා උප පොලිස් පරීක්ෂක වරයකුගේ එම ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ක්‍රියා කර ඇති අතර මේ වන විට එම පොලිස් නිළධාරීන්ද තංගල්ල පොලිස් කොට්ඨාශයේම සේවයේ නිරත වන බව වාර්තා වේ.පසුගියදා සමාජ මාධ්‍ය වල මහත් ආන්දෝලනයට පත් සිදුවීමක් වූ බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයේ මත් පැන් වැටලීමක් සිදු කර ස්ථානාධිපතිවරයාගෙන් බැනුම් ඇසූ 58 හැවිරිදි පොලිස් සැරයන් වරයා ඔහු පදිංචි නිවසින් කිලෝමීටර් 300 ක දුරින් පිහිටි මොනරාගල පොලිස් කොට්ඨාශයේ දුෂ්කර පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇති බවද වාර්තා වේ.