සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියකු නොවන බවත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස ව්‍යාජ ලෙස ලබා ගත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් නීති විරෝධීව මෙරට රැඳී සිටින තැනැත්තියක බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට කරුණු වාර්තා කර ඇතිබවට වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව නයනා සමන්මලී හෙවත් නටාෂා කැකුනදුර හෙවත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවකි.බ්‍රිතාන්‍ය පුරවැසි ඇයට මෙරට ජීවත්වීමට ලබා දී තිබුණි වීසා කාලය 2014 දී අවසන් වී ඇත.ඉන්පසු
2014 ජනවාරි මාසයේදී ව්‍යාජ උප්පැන්න සහතිකයක් හා ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇය මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස සිටිමින් නීති විරෝධීව ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති බවය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩු විභාගය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට උපදෙස් දෙන ලදී.