ජනපති රනිල් රාජපක්ෂ විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ අපනයනය සඳහා මෙරට ගංජා වගා කිරීම සම්බන්ධව අවධානය යොමු කර තිබේ.ගංජා මෙරට අපනයන බෝගයක් ලෙස වගා කළ යුතු බවට පසුගිය දිනවලදී දිගින් දිගටම යෝජනා කරන ලද්දේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරිය වන ඩයනා ගමගේ වේ.
කෙසේ වෙතත් මෙම අය වැය වාර්තාවෙන් ජනපති රනිල් රාජපක්ෂ ත්‍රෛලෝක විජයපත්‍ර ලෙස හඳුන්වා ඇති ගංජා අපනයන බෝගයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට යෝජනා කිරීමත් මේ හා සම්බන්ධ කළ හැකි අපූරු දෛවෝපගත සිද්ධියක් ගැන අපට අනාවරණය වී තිබේ.
අසූව දශකයේ අවසාන භාගයේ පැවැති භීෂණ සමයේ දේශප්‍රේමී පෙරමුණ යැයි ප්‍රසිද්ධ වූ සන්නද්ධ සංවිධානයක් මගින් මෙරට සමාජය තුළ ලුම්පන් දූෂිතයන් ලෙස ප්‍රසිද්ධව සිටි දේශපාලඥයන් ගණනාවක ඝාතනය කෙරිණි.එහිදී ඝාතනය කරන ලද එම දූෂිත දේශපාලඥයන් සමාජය වෙත සිදු කරන ලද සමාජ විරෝධී වැඩ ගැනද එම සන්නද්ධ ව්‍යාපාරය මගින් ප්‍රසිද්ධ කරන ලදී.එවකට වැල්ලවාය මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජිනදාස වීරසිංහ මෙම දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරය මගින් ඝාතනය කරන ලද්දේ ගංජා වගා කරමින් සමාජ විරෝධීව කටයුතු කරන බවට චෝදනා කරමිනි.
ජනපති රනිල් රාජපක්ෂ අයවැය මගින් ගංජා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට සැළසුම් කිරීමට යෝජනා කරද්දී කඩා වැටුන මෙරට ආර්ථිකය ගොඩදාන්නට වෑයම් කරන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අමතක කරන්න බැරි චරිතයකි.