උණුසුම් පුවත්

ජීවිත 03 ක් බිලිගත් වව්නියාව බස් අනතුරේ බස් රථයට අවුරුදු 05 වලංගු මාර්ග බලපත්‍රයක් හෝ මගී රක්ෂණ නෑ – අයිතිකරු ගේ රැකවරණයට පොලිස් ලොක්කෙක්

Spread the love

යාපනය සිට කොළඹට මගීන් ප්‍රවාහනය කල “අන්නෙයි මුතුමාරෙයි ” නමින් මාර්ග බලපත්‍ර නොමතිව හා මගි ප්‍රවාහණයට වලංගු රක්ෂණ ආවරණයක් නොමතිව අවුරුදු 05 නිති විරෝධීව ධාවනය කල බස් රථයක් පසු ගිය දා වව්නියාවේදි රිය අනතුරකට භාජනය විය.

එම බස් රථයේ ගමන් කල පුද්ගලයන් 03 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියේය මෙහිදි වයඹ ප්‍රදේශයේ පදිංචි ඉතාම දුප්පත් පවුලක වයස අවුරුදු 23 ක වෛද්‍ය ශිෂාවක් දි මිය ගියේය .ඇයගේ දෙමාපියන් කතා කිරීමට නොහැකි ආභාධයකින් පසු වීම ඉතාම කණගාටුදායකය.

පසුව වව්නියාව  පොලීසිය මෙම අනතුර පිලිබදව විමර්ශණයක් ආරම්භ කොට ඇත. එහිදි හෙලිවී ඇත්තේ වසර 05කට ආසන්න කාලයක් මෙම බස් රථය කොළඹ යාපනය වැල්වැටිතුරේ අතර මහීන් ප්‍රවාහනයට කිසිදු වලංගු මගි ප්‍රවාහන බලපත්‍රයක් ලබාගෙන නොමති බවට හෙලිවිය. එසේම එම බස් රථයේ ගමන්කල මගීන්ට කිසිදු රක්ෂණ ආවරණයක් ද නොමති බවට ද කරුණු තහවුරු වී තිබේ. මෙම බස් රථයට මාර්ග බලපත්‍රයක් ලබා දෙන ලෙසට උතුරු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය විසින් ජාතික ගමනා ගමන කොමිසමට ලිපියක් ද යවා තිබේ.

එත් මේ බස් රථයේ අයිතිකරු ජය චන්ද්‍ර මුර්ති සුබ්‍රමනියම් නැමති පුද්ගලයාය. මොහු සතුව යාපනය පිහිටි හෝටල් හා අනිකුත් ව්‍යාපාරයන් නිසා ත්‍රිවිද හමුදාව පොලිසිය ඔහු සමඟ ඉතාම සමීපව කටයුතු කිරීම නිසාම අද එම බස් අනතුරේ විමර්ශණයන් පවා බස් රථයේ ගමන්ගත් මගීන්ටම විරුද්ධව කණපිට හැරවීමට තරන් ප්‍රභල වී තිබේ.

යාපනය – කොළඹ ගමනාන්ත අතර මගී ප්‍රවහන බලපත්‍ර නිකුත් කිරිම(7)

අද වන විට මේ බස් රථයේ අනතුරි තුවල ලැබු හා ජිවිතය අහිමි වු කිසිවෙකුටත් කිසිදු වන්දියක් වත් ලැබි නොමැත. මියගි 03 දෙනාට අමතරව 27 ඉතාම බරපතල ලෙසට තුවාල ලබා තිබේ ඊට අමතරව තවත් 15ක් සුළු තුවාල ලබා ඇත. අද වන විට පොලිසිය අපරාධකරුවාගේ පිටුපස සිටගෙන සිටිනවා සේම මේ වනවිට මෙවනි කාලකන්ණි බස් හිමියන් ගේ ද මුදලට පොලිසිය යටවී තිබීම  ඉතාම අප්‍රසන්නය. එවනි පොලිස් නිලධාරින් වන්නේ පොලිස් සේවාවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීම රටේ අනාගතයට හා රටේ පොලිසියේ අනාගතයට දෙයියන්නේම පිහිටය .

වහාම නිතිය හා සාමය ඇමතිවරයා මීට මැදිහත්ව දැඩි විමර්ෂණයක් ආරම්භ කොට එවනි පොලිස් නිලධාරින්ට විරුද්ධව ක්‍රියා කරනවා සේම මියගිය හා තුවාල වු අයට සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම ඔහු ගේ වගකීමකි.


Spread the love

Leave a Comment

You may also like