උණුසුම් පුවත්

හමුදාපති රූකඩයක් කර ජනරාල් කමල් ගුණේ හමුදාවට නියෝග දෙයි

Spread the love

මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වශයෙන් කටයුතු කරන අවදියේ යුද හමුදාවේ සංදර්ශන පැවැත්වූයේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ බිරිඳය.ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකුට දොළ පිදේනි දෙමින් ඔහු සම්බන්ධ ප්‍රවෘත්තියක් අනාවරණය කිරීම සිදු විය.මෙහිදී ස්වරණවාහිනියේ රංගන සිල්වාට උදෑසන පත්තර කියවීමේදී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නැතුවම බැරි චරිතයක් විය.සැබැවින්ම මේ ආටක නාටක ⁣මීඩියා ගේම්ය.
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇඳගෙන සි⁣ටියේ මෙරට අගමැතිකම හෝ ජනපතිකම තමන්ට ලැබෙනු ඇත කියාය.කට්ටඬි මානසික ලෙඩෙක් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ග්‍රහයන් පෙන්වා රාජයෝග ඇති බවට අන්දවා තිබුණි.පදක්කම් එල්ලාගෙන කඳ බඩ තිබුණාට හමුදාවේ සිටින මේජර් ජනරාල් වරු බොහොමයක් කේන්දර වල ග්‍රහයන් ගැන විශ්වාස කරන නැකත⁣ට වැසිකිලි යන තප්ප දෝරු ගොන් වස්සන්ය.ජනරාල් ශවේන්ද්‍ර සිල්වාද ඒ කුලකයට අයිතිය.

අවසානයේදී රාජපක්ෂවරුන්ට ඔහු ගේ කට්ටඩි ගුරුකම් ගැන වාර්තා විය.ඔහු හමුදාපති කමෙන් ඉවත්කරන ලද්දේ ඒ වාර්තා වීමත් සමගය.ඒ මන්ද යත් රාජපක්ෂ වරුන්ද කට්ටඬි ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසය තබා සිටින්නන් බැවිනි.

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අගමැතිකම හෝ ජනපතිකම ගැන විශ්වාසයකින් කට්ටඩි ගුරුකම් වලට නැඹුරුව සිටිද්දී හමුදාව පාලනය කෙරුවේ ඔහුගේ සුන්දර බිරිඳය.ඒ දින වල ගජබා බලකායෙන් ⁣තෝරාගත්  මේජර් ජනරාල්වරුන් කිහිප දෙනෙකු මේ නෝනා හාමුගේ  ඔඩොක්කු කුක්කන් විය.
මුළු හමුදාවම විගඩමක් බවට පත් විය.හමුදාවට හරි හමන් කෑම වේලක් නැතුව පීඩා විඳින විට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විහාරස්ථානවල වැසිකිලි හදන්නට හමුදාවේ මුදල් යොදා ගත්තේය. ඒ දිනවල ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හිටියේ දෙකේ කාසියට වැටිලාය.ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නෝනා හාමු පවා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පඩයකට ගණන් ගත්තේ නැත.එහෙත් දැන් තත්වය වෙනස් වී තිබේ.⁣
මේ වන විට යුද හමුදාවේ සියලු අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට මැදිහත් වී නියෝග දෙන්නා බවට පත් වී සිටින්නේ ආරක්ෂක ලේකම් වරයාය.හමුදාපති රූකඩයක් බවට පත් කර හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂක තනතුරු වලට පත් කිරීම් පවා සිදු කර ඇත්තේ ඔහු බව අපට වාර්තා වී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගේ මේ අධිකාරිවාදී බලපෑමට එරෙහිව යුද හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ දෙනෙකු හමුදාපති ජනරාල් විකුම් ලියනගේ වෙත විරෝධය දක්වා ඇත.
එම නිළධාරීන් පෙන්වා දී ඇත්තේ මිල්ටෙරි නන්දසේන ජනපති තනතුර අත්හැර පලා යාමෙන් පසුව යලිත් රජයේ තනතුරක් බාර නොගන්නා බවට ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම් මේ වන විට රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ ආරක්ෂක උපදේශක වරයා වී ඇති බවය.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුනරත්නනගේ පෞද්ගලික නිවසේ වහලයේ අලුත්වැඩියා කරමින් සිටියදී ඉන් බිමට වැටී මියගිය හමුදා සෙබලකු  පිළිබඳව කළ පරීක්ෂණයද මේ වන විට අත්හිටුවා ඇති බවද වාර්තා වේ.    

Spread the love

Leave a Comment

You may also like