උණුසුම් පුවත්

බෙලිඅත්ත OIC පොලිස්පතිගේ අමුඩෙත් ලිහයි

Spread the love

“…මෙතැන ඉන්නවා නම් මම කියන විදියට වැඩ කරනවා .මෙි අවසාන අවවාදය.මට ලොකු මහත්වරුන්ගෙන් බැණුම් අහන්න බෑ.අරක්කු අල්ලන්න එපා කියල මම තමුසෙලට කියල තියෙනවා.ඒක පොලිස් පති තුමා ගෙන් ඉහළම දාපු නියෝගයක්.තමුසෙලට කිව්වෙ මත් ද්‍රව්‍ය අල්ලන්න.අරක්කු අල්ලන්න නොවෙයි.දැන් මට කතා කරනවා හතර අතේ…….”

ලංකාවෙම සිද්ධ වෙන්නෙ එහෙමයි.මේ බෙලිඅත්ත.බෙලිඅත්ත විදියට ඉන්නවා

මාව මෙතැනින් යවන්න බෑ මොකාටවත්.මම මෙතැනින් යන්නෙ ඒඇස්පී වෙලා.අගමැතියි නාමල් සර් ගෙයි කැමැත්තෙන් මම ආවෙ.ඉන්නවා නම් ඒ විදියට ඉන්නවා .වටයක් ගහලනේ ආවෙ.ආයෙ වටයක් ගහන්න තමයි තමුසෙ මේ තමුසෙ හදන්නෙ…”

බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයේ හොර අරක්කු අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරියෙකුට බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති වරයා බැණ වදින අයුරු ඇසෙන හඬ පටයක් මේ වන විට සයිබරයේ පාවෙමින් තිබේ.‍

මේ හඬ පටයෙන් ඇසෙන ආකාරයට   පොලිස් ස්ථානාධිපති වරයා බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ධුරයට පත් වී ඇත්තේ අගමැතිවරයාගේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම නිසාය.ඔහු එම පොලිස් ස්ථානයෙන් කවදා හෝ ස්ථාන මාරුවක් ලබා යන්නේ ඒඇස්පී වරයෙකු වීමෙන් පසුව බවද හඬ පටයේ දැක්වේ

.https://uk.mail.yahoo.com/d/folders/1/messages/242374

ඒ අතරේම මෙම පොලිස් ස්ථානාධිපති වරයා හොර අරක්කු අත් අඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පති වරයා නියෝග කර ඇති බවද පවසයි.

⁣බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති වරයා ගේ මේ හඬ තුළින් තහවුරු වන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක ⁣කෙරෙන තක්කඩි හැඩයයි.පොලිස්පති වරයා මෙරට හොර අරක්කු ඇල්ලීම තහනම් කොට නියෝග පනවා තිබේ නම් ⁣එය කෙතරම් ශෝචනීයද යන්න අමුතුවෙන් ලිවිය යුතු නැත.අනිත් අතින් මේ පොලිස් ස්ථානාධිපති වරයා  පොලිස්පතිට හෝ මහජන සාමය ඇමතිවරයාට පවා මේච්චල් කළ හැකි පොලිස් කාරයෙක් නොවේ.ඔහු මේච්චල් කළ හැක්කේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් අගමැතිවරයාටත් පමණි.රෙද්ද බැනියම ඇඳ සිංහල බෞද්ධ පිරුවටය ඇඳ ගත් අගමැති වරයා ගේ රෙද්ද අස්සේ මෙවැනි තක්කඩි පොලිස් කාරයන් හැංඟී නීතියට කොකා පෙන්වීමද මරුය.

හැබැයි මේ පොලිස් කාරයා නාමල් රාජපක්ෂලාගේ කෙරුවාවට අපූරුවටම ගැලපෙන හාදයෙකි. 

අප මේ පොලිස්කාරයා ගැන නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ලොක්කාගෙන් අසන්නේ නැත.ඒ මන්ද යත් මේ හාදයා නීතිය හා සාමය ඇමතිටත් වඩා බලයක් සහිත ලොක්කෙක් නිසාය.

  මේ හඬ පටය ගැන අපට දැන් ඉතින්  ලියන්නට ඇත්තේ “පොලිස්පති ”  දැන් තමුසේ ඉන්නේ අමු හෙළුවෙන් අඩුම හෙළුව වහ ගන්න නම් මෙකව ඉන්ටඩික් කරල පෙන්නනවාකියා පමණය.   


Spread the love

Leave a Comment

You may also like