මෙරට 22 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත විය.ඒ සම්මත වීම ලේසි පහසු කාර්යයක් නොවූ බව අප වටහා ගෙන තිබේ.අප එසේ ලියන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර තිරයෙන් පිටුපස බොහෝ දේවල් සිද්ධ වූ බවට අපට ආරංචි වී ඇති නිසාය.ඇතැම් මන්ත්‍රීවරුන් 22 වන ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්නේ එහි අන්තර්ගතයන් මොනවාද යන්න පිළිබඳව සළකා බලා නොවේ.
ඔවුන්ට තිබුණේ බැසිල් රාජපක්ෂ හා පැවැති ආරවුලක් පමණය. දෙබඩි පුරවැසිකම තිබෙන අයවළුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකිය යන වගන්තිය ඔවුන්ගේ ආස්වාදයට හේතුවක් විය.22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සභාගත වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ,මන්ත්‍රී කුමාර වේල්ගම ආදීන් සිදු කළ ප්‍රකාශයන් ඒ පිළිබඳව හොඳම සාක්ෂි ලෙස ගත හැකිය.ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය එහිදී ප්‍රකාශ කරන ලද්දේ තමන් කාගේවත් කේජු කෑල්ලක් නොවන බවය.ගීතා කුමාරසිංහ කේජු කෑල්ලක් වේ නම් කපුටා කවරෙක්ද යන්න අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත.මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ඉදිරි කාලයේදී දැනට පාර්ලිමෙින්තුව නියෝජනය කරන පුරවැසි දෙබිඩ්ඩන් ගනනාවකගේ මන්ත්‍රී පට්ටම ගැලවී යාමේ අවදානමක් පවතී.ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත පැවසුවේ එය ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියකින් පසුව තීන්දු වන්නක් බවය.දැන් පුරවැසියන්ට මේ පුරවැසි දෙබිඩ්ඩන් පාර්ලිමේන්තුවෙන් එලවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට හැකි ප්‍රවේශයක් මතු වී තිබේ.ඒ 22 වන ව්‍යවස්ථාව නීතිගත වූ පසුය.අප දන්නා ආකාරයට මෙරට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වරිය වූ ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි බවවත් නැත.ඇය බ්‍රිතාන්‍යයේ පුරවැසි කාන්තාවකි.මෙම 22 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා පොදු ජන පෙරමුන තුළ පැහැදිලි දේශපාලනික බෙදීමක් පවතින බව වටහා ගත හැකිය.එය බැසිල් රාජපක්ෂ පාර්ශවය හා ඔහු නොරුස්සන පාර්ශවය ලෙස නිරූපනය වේ.ව්‍යවස්ථාසංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වහසි බස් දෙඩුවේ මරිය කඩේ ජෙමා විදියටය.ඔහු ඒ දිනවල ප්‍රකාශ කරන ලද්දේ 22 වන ව්‍යවස්ථාව සභා සම්මත වීම හෝ නොවීම තීරණය කරන්නේ පොදුජන පෙරමුණට ඕනෑ විදියට බවය.එහෙත් දැන් සාගර ගේ සුනාමි කයිවාරු රැල්ල බාදිය බවට පරිවර්තනය වී තිබේ.22 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින පැවැති පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා තමුසෙ තමයු ඔක්කොම කරන්නේ යැයි තර්ජනාත්මකව කෑගසමින් පක්ෂයේ ලේකමි සාගර කාරියවසම්ට පහර දීමට සූදානම් වී ඇත.එම ආරවුල නිරාකරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධනය.ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රාජපක්ෂ පවුල අතරේද ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.ඒ රාජපක්ෂ පවුලේ වැඩි දෙනෙකු ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ක්‍රියා කරද්දී චමල් රාජපක්ෂ විසින් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ක්‍රියා කරන්න යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා සිටීම නිසාය.චමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ බැසිලි රාජපක්ෂ රට තුළ ඇරඹුන දේශපාලන හා ආර්ථික අර්බුදයට බැසිල් රාජපක්ෂ වග කිව යුතු බවය.නාමල් රාජපක්ෂට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම ලබා දීමට ඇති සැලසුම පිළිබඳවද චමල් රාජපක්ෂ විරෝධය පල කර ඇති අතර පසුගිය දිනවල නාමල් රාජපක්ෂ විසින් කැඳවන ලද රැස්වීම් වලට ඔහු හා ශෂේන්ද්‍ර රාජපක්ෂ සහභාගි වී නැත.මේ වන විට පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් සමග ශෂේන්ද්‍ර රාජපක්ෂ වෙනම කටයුතු කරන බවද අනාවරණය වේ.හිටපු ජනපති මිල්ටරි නන්දසේන චමල් රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරයි.හෙට අනිද්දා වන විට පොදු ජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂ සමග සම්බන්ධ තවත් මන්ත්‍රීවරු ඔහු සමග පවතින සබඳතා අත් හරින්නට ඉඩ තිබේ.ඒ ඔහුට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව දන්නා නිසාය.ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනපති රනිල් රාජපක්ෂ සමග ගනුදෙනු කරන්නට පටන් ගෙන ඇතැයිද වාර්තා වේ.ඒ රාජපක්ෂ වරුන්ට නැවත මෙරට තුළ දේශපාලන පැවැත්මක් නැති බව ඔවුන් දන්නා නිසාය.දැන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ බලය ඇත්තේ අතුරේ යාමක් විදියටය.සමහර විට ඒ අතුර හදිසියේම කඩා වැටෙන්නත් පුළුවන.අතුරට බැඳි කඹය මීයන් කා තිබුනොත් අතුරේ යන්නා බිමට වැටී සෙත් පෝච්චිය.ආණ්ඩුවටද එය සිද්ධ වෙන්ටද බැරි නැත.රනිල් රාජපක්ෂ මොන දහම් ගැට ගැසූවත් ඊළඟ දේශපාලන සුනාමිය එන්නේ උන්දෑත් හෝදාගෙන යන විදියට බව නම් ස්ථිරය.
ආණ්ඩුවේ කේන්දරයට සෙනසුරු අපලය ලබයි