අගමැති ඩඩ්ලි සේනානායක හෙලිකොප්ටරයකින් ඌව පලාතේ සංචාරයකට යන විට දියතලාව බණ්ඩාරවෙල ආශ්‍රිත කඳු වල විශාල වශයෙන් වැවී තිබුණ මානා පඳුරු දැක තිබේ.එහිදී ඔහු තමන් සමග ගිය රාජ්‍ය නිළධාරියාගෙන් විමසා ඇත්තේ ඒ මොනවාද යන්න කියාය.රාජ්‍ය නිළධාරියා ඒ අහිංසකයා අන්දවා ඇත්තේ කඳු මුදුන් වල පවා මිනිසුන් වී ගොවිතැන් කර ඇති බව පවසමිනි.
ඒ සිඳුවීම සිහිපත් කරන පුවතක් ඊයේ පෙරේදා මෙරට මාධ්‍ය තළු මරමින් ප්‍රචාරය කරනු දක්නට ලැබුණි.එසේ ප්‍රචාරය වූයේ ගලිගමුව ප්‍රදේශයේ පුද්ගලයකු තමන් විසින් වගා කරන ලදැයි ප්‍රකාශ කරමින් කොල ඇපල් කූඩයක් ජනපති රනිල් රාජපක්ෂට ප්‍රධානය කරන අවස්තාවක් පිළිබඳව වූ ප්‍රවෘත්තියකි.ඇපල් වලට ජනපති රනිල් රාජපක්ෂ කැමති අද ඊයේ නොවේ.ඔහු යහපාලනය දවස්වල කුලියාපිටිය ප්‍රදේශයේ අක්කර පනහක ඉඩමක ඇපල් වගා කිරීමට සැලසුම් කරන ලදී.එම ඉඩමට ඕස්ට්‍රේලියාවෙන් පස් පවා ගෙන ආ බව කියවේ.එහෙත් එම ඉඩමේ මේ වන විට ඇපල් තියා පැපොල්වත් නැති බව අපට අනාවරණය විය.පසුගියදා මෙරට වගා කළ ඇපල් බව ප්‍රකාශ කරමින් යම් පුද්ගලයකු ජනපති රනිල් රාජපක්ෂට දුන්නේ මෙරට වැවෙන මසං යනුවෙන් හැඳින්වෙන පළතුරුය.මසං පළතුර හැඩයෙන් ඇපල් ගෙඩියක් හා සමානය.එය ඉංග්‍රීසි බසින් බර් ලෙසත් දෙමළ බසින් ඉලංකායි ලෙසත් හැඳින්වේ.වියලි කලාපයේ දෙබර යනුවෙන් හැඳින්වෙන්නේද මේ මසං පළතුරය.කොල කහ තැඹිලි ආදී විවිධ වර්ණයන් ගෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසකින් යුතුය.විදේශ රටවලින් මෙරටට ආනයනය කර වැඩි දියුණු කළ මසං ප්‍රභේද වල දේශීය විශේෂයන්ට වඩා උසස් ලක්ෂණ පෙන්නුම් කරයි.මේ හයිබ්‍රිඩ් ප්‍රභේදයන් ඇපල් හා පෙයාර්ස් වලට සමානය.දේශීය මසං ගෙඩියක බර ග්‍රෑම් 5-8ත් අතර වේ.හයිබ්‍රිඩ් විශේෂයන් වල බර ග්‍රෑම් 50-90ක් පමණය.අගමැති ඩඩ්ලි සේනානායක ගොයම් ලෙස මුලා වූයේ මානා වලටය.ඩඩ්ලි සේනානායක ගේ චරිතය දෙස බලන විට ඔහු කුඩා දරුවෙකුට පවා රැවටිය හැකි අහිංසක චරිතයක් බව කියවේ.එහෙත් ජනපති රනිල් රාජපක්ෂ යනු ඔහුගේ හෙංචයින් පවසන ආකාරයට ඇවිදින පුස්තකාලයකි.මසං පලතුර මෙරට වගා කරන ඇපල් ලෙස රැවටුන “ඇවිදින පුස්තකාල රනිල් රාජපක්ෂ” ගැනත් ඒ ප්‍රවෘත්තිය “බුදු අම්මෝ මාර වැඩක්” ලෙස ප්‍රචාරය කළ මෙරට මාධ්‍ය ගැනත් අපට හිනාවෙන්නට ඇත්තේ අධෝ මුඛයෙන් පමණය.පහතින් ඇත්තේ එංගලන්තයේ කොල ඇපල් ගසකි.



