පසුගිය දිනවල කොළඹ පැවැති විරෝධතාවන් සම්බන්ධයෙන් පොලීසිය හැසිරුනේ පිස්සු බල්ලන් විදියටය.
පොලීසිය විරෝධතා කරුවන් අත් අඩංගුවට ගත්තේ මෙරට නීතියක් නැති ගානටය.සැබැවින්ම එහිදී පොලීසියේ ඇතැම් නිළධාරීන් හැසිරුණේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.එහෙත් එලෙස පොලීසිය වැපිරූ භීෂණයේ අස්වැන්න දැන් ඔවුන්ටම නෙළා ගැනීමට සිදුු වෙමින් තිබෙන බව පෙනී යයි.
පසුගිය සැප්තැම්බර් 24 දින සමාජවාදී තරුණ සංඟමය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදී තමන්ට නිකරුණේ පොලීසිය පහරදී අත් අඩංගුවට ගත් බවත් එම අයුක්ති සහගත ක්‍රියාවෙන්
තම මුලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් නීතිඥ ජානක අධිකාරී හා නීතිඥ ලක්දිනු ධීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
එම අත් අඩංගුවට ගැනීම සහ පහර දීමට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් අදාල වග උත්තරකාර පාර්ශවයන් ගෙන් ලබා දෙන ලෙස එම පෙත්සම මගින් ඉල්ලා ඇත.මෙම නීතිඥ වරු දෙපොළ ගොනු කර තිබූ එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති ත,බස්නාහිර පලාත් බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,කොටුව,මරදාන, වේල්ලවීදිය,සහ කුරුදුවත්ත, පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කර ඇත.
සැප්තැම්බර් 24 දින පැවැත්වූ අදාල විරෝධතාව අතරතුර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු විරෝධතා කරුවන් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.