පොළොන්කනරුව දිස්ත්‍රික් නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉවත් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.රොෂාන් රණසිංහ ඉවත් කිරීමෙන් පසු එම තනතුරට පත්ව ඇත්තේ සිරිපාල ගම්ලත්ය.
අමාත්‍ය රොෂන් රණසිංහ දරණ ක්‍රීඩා අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට මීට පෙර පොදුජන පෙරමුණෙන් දැනුම් දී තිබුණි.ඒ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල පත්කිරීම් වලදී ක්‍රීඩා අමාත්‍ය තනතුර නෑමොල රාජපක්ෂට ලබා දීම සඳහාය.මෙම දැනුම් දීම රොෂාන් රණසිංහ ප්‍රතික්ශේප කරන ලදැයි ලංකා දවසට වාර්තා විය.රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි දැන ගැන්මට ලැබුන විට නෑමොල රාජපක්ෂ රොෂාන් රණසිංහට කෝපයෙන් බැණ තර්ජනය කර තිබේ.එහිදී රොෂාන් රණසිංහ ප්‍රතිචාර දක්වා ඇත්තේ තමා කාගේවත් වහළකු නොවන බවත් තමන්ගේ කැපවීම තුළ රාජපක්ෂවරුන්ට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශක්තිමත් පදනමක් සැළසුන බව අමතක නොකළ යුතු බවත්ය. මේ වන විට වරාය හා මහමාර්ග අමාත්‍ය තනතුරු වලින්ද එලෙසම ඉල්ලා අස්වී නව අමාත්‍ය මණ්ඩල පත්කිරීම් වලදී ඒවා රත්තරං රෝහිතට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත ලබා දිය යුතු බවටද නෑමොල රාජපක්ෂ දැනුම් දී තිබේ.දැනට එම තනතුරු දරණ අමාත්‍ය වරුන්ද නෑමොල රාජපක්ෂ ගේ ඒ දැනුම් දීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දැනට අමාත්‍ය තනතුරු හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ කිහිප දෙනෙකු හා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු හැට දෙනෙකුට ආසන්න පිරිසක් ජනපති රනිල් රාජපක්ෂට සහයෝගය පල කරමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටී.පොදුජන පෙරමුන නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් දැනට විපක්ෂය නියෝජනය කරන ඩලස් පාර්ශවයට සම්බන්ධ වීමට සැළසුම් කර ඇතැයිද වාර්තා වේ.පොදුජන පෙරමුණ තුළ ඇති වී මෙම ආරවුල විසඳීමට බැසිල් රාජපක්ෂ ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට අපේක්ෂිත අතර ඔහු පොදුජන පෙරමුණේ නායකයා ලෙස පත් කරන ලදැයිද මේ වන විට නිවේදනය කර තිබේ.කෙසේවෙතත් මෙම අර්බුදකාරී වටපිටාව තුළ පොදුජන පෙරමුණ සතුව දැනට පවතින පාර්ලිමේන්තු බලය බිඳ වැටිය හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත.ඒ ගැන අපට කියන්නට ඇත්තේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බවය.වර්තමානයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ක්රියාකාරිකයකුලංකා දවසට කරන ලද ප්‍රකාශය එහි ඉදිරි අනාගතය පිළිබඳ අනාවැකියක් ලෙස සැළකිය හැකිය” අපි පොදුජන පෙරමුනට සම්බන්ධ වුනේ මහින්ද මහත්තයට තියෙන ගෞරවය නිසා.ඒත් මහින්ද මහත්තයට දැන් කියන දේ දැන් අමතකයි.ඔහු දේශපාලන රැස්වීම්වලට යනව නොවෙයි උස්සගෙන යනව කිව්වත් නිවැරිදියි.ඒ විදියට බලන විට දැන් මේ රටේ පවතින දේශපාලන වාතාවරණය තුළ තවදුරටත් රාජපක්ෂ වරුන්ට මේ දේශපාලන භූමිය තුළ පැවැත්මක් නැහැ.අපි පොදු ජන පෙරමුණ තුළින් රට පුරා ගොඩනගා ගත් පදනම හිටපු ජනපතිවරයා ගේ උද්දච්චකම නිසා විනාශ වුනා.දැන් නාමල් රාජපක්ෂ ඔහුගේ දේශපාලන අපේක්ෂාවන් සඳහා අප පාවිච්චි කරන්න උත්සාහයක නිරත වෙනවා.ඔහු සිතාගෙන ඉන්නෙ අපි රාජපක්ෂ වහළුන් විදියට.ඔහුට අපි මුහුණට නොකිව්වත් දැන් කියන්න තියෙන්නෙ සොරි බබා කියල විතරයි.පොදුජන පෙරමුණේ දේශපාලන පදනම විනාශ කිරීමට නාමල් රාජපක්ෂයි එයාගෙ අනික් සහෝදරයින් දෙන්නත් වගකියන්න ඕන.මෙයාල හිතාගෙන හිටියෙ මේ රටේ මිනිස්සු මෝඩයො කියල.කවදහරි දවසක වැරදිල හරි සරත් ෆොන්සේකා වගේ නායකයෙක් මේ රටේ නායකත්වයට පත් වුනොත් මේ රාජපක්ෂ අයියල මල්ලිලට වැලිකඩ ජම්පර ඇඳගෙන ඉන්න පුුළුවන් වෙයි.ඒක නම් ඉතින් හූනා කිව්ව වගේ කියන්න පුළුවන්.