මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් සිරගත කිරීම පීඩාවට පත් කිරීම,හෝ රජයේ ඔත්තු සේවාවන් වල නිරීක්ෂණයට ලක්වීම හේතුවෙන් මානව හිමිකම් කඩ කිරීම යටතේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 193ක් අසාදු ලේඛන ගත කළ රටවල් 42 ක් අතරට ලංකාවත් එකතු වී ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ වාර්ෂික වාර්තාවෙහි මානව හිමිකම් කඩ කිරීම් වලට ගොදුරු වූවන් මානව හිමිකම් ආරක්ෂකයන් හා මාධ්‍යවේදීන් රාජ්‍ය රාජ්‍ය නොවන ක්‍රියා කාරිකයන්ගේ පලි ගැනීම් වලට හා බිය ගැන්වීම් වලට ගොදුරු වූ ආකාරය විස්තර කර තිබේ .මීට පුද්ගලයන් රඳවා තබා ගැනීම නීති මගින් ඉලක්ක කිරීම සේම මාර්ගගතව හා වෙනත් ක්‍රම මගින් නිරීක්ෂණය කිරීමද ඇතූළත්ය.
මෙම වාර්තාවට අනුව 2021 මැයි 1දින සිට 2022 අප්‍රේල් මස 30දක්වා කාලයේදී මානව හිමිකම් කඩ කළ රටවල් 42 ක් නම් කර ඇති අතර ශ්‍රී ලංකාවටඅමතරවඇෆ්ගනිස්ථානය,බහරේන්,බ්‍රසීලය,සයිප්‍රස්,කියුබාව,මියන්මාරය,ඊජිප්ව,පලස්තීනය,වෙනිසියුලාව වැනි රටවල් ඒ අතර වේ.