රාජපක්ෂවරුන්ගේ පවුලේ තව මගෝඩි ව්‍යාපාරයක් මේ වන විට අනාවරණය වී තිබේ.මුදල් ආයෝජන සමාගමක් ලෙස අඟවමින් තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවක විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34වන මහලේ පවත්වගෙන ගිය මේ ව්‍යාපාරය මගින් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් ,වෘත්තිකයන් ආරක්ෂක ප්‍රධානීන් හා නළු නිළියන් විශාල පිරිසකගේ බිලියන ගණනාවක මුදල් වංචා කර ඇතැයි හෙළිවී ඇත.තිලිණි ප්‍රියමාලි නම් මේ කාන්තාවට ආරක්ෂාව සළසා ඇත්තේ මේජර් විජිත වැලිකලගේ වොච් ගාර්ඩ් ආරක්ෂක සේවා ආයතනයෙනි.මේජර් විජිත වැලිකල හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයෙකි.රාජපක්ෂවරුන් හා සමීප සම්බන්ධතාවක් ගෙන ගිය මේ කාන්තාවගේ සැමියාද මෙරට විවිධ පක්ෂවල ප්‍රසිද්ධ දේශපාලඥයන් සමග ගනුදෙනු කරමින් මේ කූඨ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ යුවල විසින් වංචා කොට ඇති මුදල මිලියන 4000කට ආසන්නය.
මහා මුදල් වංචාකාරී තිලිණි ප්‍රියමාලිගේ “මායා ජාලයේ” පිටුපස ඉන්නේ තක්කඩි රාජපක්ෂවරුන්ය
තිලිණ ප්‍රියමාලි නම් සැකකාරියගේ සැමියා වන ඉසුරු ශම්මික බණ්ඩාර නම් තැනැත්තා ආචාර්ය වරයකු ලෙස පෙනී සිටිමින් රජයේ විවිධ ව්‍යාපෘති හා සම්බන්ධ වී කටයුතු කර ඇතැයිද වාර්තා වේ.මෙහිදී ඔහු 2020 වසරේදී වැලිගම මද්‍රසා පාසැලකින් ලබා ගෙන ඇති සහතිකයක් විශ්ව විද්‍යාල උපාධියක් ලෙස අඟවමින් 2021 වසරේ සිට ආචාර්ය උපාධිධරයකු ලෙස පෙනී සිට ඇති බවද වැඩිදුරටත් හෙළි වී ඇත.මොහු විසින් උපාධිය ලබා ගෙන ඇත්තේ වැලිගම කොලේදණ්ඩ පාරේ අංක 217 පිහිටි CCAS CAMPUS නම් ආයතනයෙනි.මේ ආයතනයට මෙරට අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචියක් නොමැති අතර වැලිගම නගර සභාවේ ව්‍යාපාරික ආයතනයක් ලෙස ලියාපදිංචි වී තිබේ.
පසුගියදා කොළඹ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශයේ ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු හා සම්බන්ධව කටයුතු කර ඇත්තේ මේ හොර ආචාර්යාය.
මේ හොර දෙටු යුවල සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍යයන් හි විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වී ඇතත් ලංකා දවසේ පිළිබඳ මේ සිදුවීම ගැන කළ ගවේෂණයේදී අනාවරණය වූයේ දේශපාලනික කුමන්ත්‍රණයක තොරතුරුය.
තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තිය පිටකොටුව බෝ ගහ අසල ගණිකා වෘත්තියේ නිරත කාන්තාවකට එහා ගිය කෙනෙකු නොවේ.එහෙත් ඇය රූමත්ය.කිසිදු උසස් අධ්‍යාපනයක් ඇත්තියක්ද නොවේ.මෙම මගෝඩි ව්‍යාපාරයේ මුදල් ආයෝජනය සඳහා ධනපතියන් සම්බන්ධී කරණය කරන්නේ ඇයගේ ආචාර්ය වරයෙකු ලෙස පෙනී සිටින ඇයගේ සැමියාය.ඇයගේ සැමියාට මේ අයවළුවන් සම්බන්ධීකරණය කර දී ඇත්තේ නාමල් රාජපක්ෂ විසිනි.විශේෂයෙන් කළු මුදල් අතැති පුද්ගලයන් ඉතා රහසිගතව මේ ආයතනය හා සම්බන්ධ කිරීම ඉතා සියුම් සැළසුමකට සිද්ධ වූ දෙයකි.
මෙවැනි තක්කඩි ව්‍යාපාර කිරීමට රාජපක්ෂ පුත්‍රයන් අති දක්ෂයන්ය.මෙම ආයතනයේ තැන්පතු මුදල් රාජපක්ෂ වරුන්ගේ ගිනුම් වලට බැර වෙන අතර තිලිණ ප්‍රියමාලා හා සැමියා ඔවුන්ගේ අතේ නැටවෙන රූකඩ පමණි.තක්කඩි රාජපක්ෂ වරු මෙහිදී තිලිණි ප්‍රියමාලි හරහා රට ප්‍රධාන පෙලේ දේශපාලඥයන් ප්‍රසිද්ධ චීවරධාරීන් ආදී විවිධ අයවළුන් බ්ලැක් මේල් කිරීමද සිදු කර ඇති බවද ලංකා දවස මගින් හෙළි කර ගැණිනි.
රාජපක්ෂ වරුන් හෙට අනිද්දා වනවිට මෙරට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.එහි වියදම මිලියන 8000කි.එම මුදල් තොගය වියදමි කරන ලද්දේ මේ චිත්‍රපට උළෙලේ සම්බන්ධීකාරක වරයා ලෙස පෙනී සිටින ඉසුරු බණ්ඩාරය.නැතහොත් තිලිණි ප්‍රියමාලි ගේ සැමියාය.
කෙසේවෙතත් මෙම ව්‍යාජ මුල්‍ය ව්‍යාපාරයේ මුදල් තැන්පත් කරුවන් බොහෝ දෙනෙකු තිලිණි ප්‍රියමාලිගේ ලිංගික උගුලට හසු කර ගෙන තිබේ.ඒ සඳහා තිලිණි ප්‍රියමාලි යොදා ගෙන ඇත්තේ මෙරට ප්‍රසිද්ධ නිළියන් කිහිප දෙනෙකි.තැන්පත් කරුවන්ට එම නිළියන් සම්බන්ධ කරවා ඔවුන්ගේ සියළු ක්‍රියාකරකම් එනම් දුරකතන කතාබහ ලිංගික එක්වීම් එම නිළියන් ලවා පටිගත කර ළඟ තබා ගැනීම තිලිණි ප්‍රියමාලි විසින් සිදු කර ඇත.එහෙත් මේ සියල්ල සිද්ධ කර ඇත්තේ රාජපක්ෂ මදාවි පුත්‍රයන්ගේ උපදෙස් මතය.
මීට මාස හතකට පෙර කොළඹ ශැංග්‍රිල්ලා හෝටල පරිශ්‍රයේදී මායා ජාල නම් සිනමා නිර්මාණයක මුහුරත් උළෙලක් පැවැත්විනි.එය පවත්වන ලද්දේ ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.මෙම මායා ජාල චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට නියමිතව තිබුණේ තිලිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර අයත් යැයි කියවෙන තිකෝ ෆිල්ම්ස් නම් ආයතනයෙනි.මෙම මුහුරත් උළෙල පැවතා දින මාධ්‍ය වලට ප්‍රකාශයක් කළ ඉසුරු බණ්ඩාර මෙසේ පවසා තිබුණි.
තිකෝ ෆිල්ම්ස් කියන්නේ සමාගම් හයක එකතුවක්.මෙතෙක් අපි මේ සමාගමෙන් වියදම් කළා මිසක් ආදායමක් ලබල නෑ.අපි මේව කරන්නෙ ලාභ ලබන පරමාර්ථයෙන් නොවෙයි.අපි මුල්ම චිත්‍රපටය කරන්නෙ ජීවන් කුමාරණතුංග ගෙ ආරාධනාවකට.දැන් මේ මායාජාල චිත්‍රපටය කරන්නෙ ලංකාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ කර ගනිමින්.අපි මෙම සිනමා උළෙලට ඉන්දියාවේ සුපිරි නිළි මොයිනි රායි (ප්‍රේම දඩයමේ ශිවන්‍යා)පවා ගෙන්වා ගත්තා.ඇය අප ගෙන්වා ගත්තේ ජාත්‍යන්තරය අප සමග සම්බන්ධ බව තේරුම් කර දෙන්න.
ඉසුරු බණ්ඩාර හා තිලිණි ප්‍රියමාලිට සමාගම් හයක් ආරම්භ කිරීමට තරම් මුදල් ආවේ කෙලෙසද යන්න අබිරහසකි.ඒ මන්ද යත් මේ දෙදෙනා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ ක්ෂනිකව නිසාය.තිරයෙන් පිටුපස ඇත්ත කතන්දරය ගැන අදහසක් ගත හැක්කේ මේ ගැට ලිහා ගැනීමෙනි.රාජපක්ෂ මදාවි පුත්‍රයන්ට සල්ලාලකම් සඳහා නිළියන් සපයා ගන්ටත් විවිධ ක්ෂේත්‍රවල ධනවතුන් බ්ලැක් මේල් කොට මුදල් වංචා කිරීමටත් දියත් කළ මේ තක්කඩි ව්‍යාපෘතියේ ඇවුලුම් බිලිය ලෙස සිටියේ තිලිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාරය.දැන් තිලිණි ප්‍රියමාලි මී කතුරට හසු වී තිබේ.පොලීසියෙන් ලැබෙන තොරතුරු අනුව ඇයගේ ගිනුම්වල ඇත්තේ රුපියල් තිස් පන්දාහක පමණය.ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මාසිකව ලක්ෂ 16 දහසයක් ගෙවමින් කාර්යාලයක් පවත්වගෙන ගිය තිලිණි ප්‍රියමාලි ගේ ගිනුමේ තිබුනේ මෙතරම් සුළු මුදලක් නම් මෙහි ආයෝජනය කළ මුදල් ඇත්තේ කා ළඟද යන්න අමුතුවෙන් සිතා ගත යුතු කාරණයක් නොවේ.
කෙසේවෙතත් මදාවිකාර රාජපක්ෂ පුත්‍රයන් දැන් එක ගලෙන් කුරුල්ලන් රාශියක් දඩයම් කර ගෙන තිබේ.ඒ තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කොට සිනමා නිළියන් ගේ පැණි උරා බීමට ගොස් නෝන්ඩි වී සිටින දේශපාලඥයන් රොත්තකගේ මුදල් තොග ගානට වාෂ්ප කර ඔවුන්ගේ ආත්ම ගරුත්වය තුක් නොදකින් කියා නෝන්ඩි කිරීමට තරමේ තුරුම්බු ඔවුන් ළඟ ඇති නිසාය.මේ අතරේ කයිවාරු කාර චීවරධාරීන් දෙතුන් දෙනෙකුද කුජීත කරන්නට පුළුවන් සැර බෙහෙත්ද දැන් ඔවුන් අත තියෙන බව අපට හිතාගන්නට පුළුවන.හෙට අනිද්දාට ඡන්දයක් පැවැත්වුන හොත් මේ පැණියන් සියල්ලම රාජපක්ෂ වන්දනාවේ යන හැටි බලන්නටද හැකි වෙනවා ඇත.
තිලිණි හා ඉසුරු නිශ්පාදනය කරන්නට ගිය චිත්‍රපටයේ නම “මායා ජාල” නම් වේ. සැබැවින්ම ඔවුන්ගේ කෙරුවාවට මේ චිත්‍රපටයේ නම අපූරුවට ගැලපෙන බව නම් කිව යුතුමය.
දැන් ඔවුන් හා සබඳකම් පැවැත්වූ දේශපාලඥයන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ විසිරී තිබේ.මේ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ඉසුරු බණ්ඩාර හා සිටින ඡායාරූපයක්ද වේ.අපට පුදුමය වී ඇත්තේ රටේ විවිධ දූෂිතයන් ගැන එළිදරව් කරන ජවිපෙ වසන්ත සමරසිංහට මෙි තක්කඩි ඉසුරු බණ්ඩාරගේ කෙරුවාව ගැන අදහසක් නොතිබුණ එක ගැනය.