සමාජ මාධ්‍යය වල අදහස් ප්‍රකාශ කරන රාජ්‍ය සේවකයන්ට එරෙහිව රජය කටයුතු කරන බවට පසුගියදා බොහෝ මාධ්‍යය වාර්තා කර තිබුණි.එම ප්‍රවෘත්ති වාර්තාවට මූලාශ්‍රය වී තිබුණේ පසුගිය සැප්තැම්බර් 27 දින අංක 04/2022 යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.පී.කේ.මායාදුන්න විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයයි.
මෙම චක්‍රලේඛය ගැන කියවීමට පෙර 2011/ නොවැම්බර් මස 11 වන දින මෙරට සිදුවූ සිදුවීමක් ගැන සිහිපත් කල යුතුව තිබේ.මෙදින සිරස රූපවාහිනියේවිමර්ශන වැඩසටහනට සමන්ති පෑලකැටිය නම් ගුරුවරියක විසින් සිදු කළ අදහස් දැක්වීමේදී ඇයට සිය සේවාව තුළ සිදුවූ අසාධාරණයක් පිළිබඳව අනාවරනය කරන ලදී.මෙම වැඩසටහන විකාශනය වීමෙන් පසුව මෙරට අධ්‍යාපන සේවාවේ බලධරයන්ආයතන සංග්‍රහයේ විධි විධාන උල්ලංඝනය කරන ලදැයි සඳහන් කොට ඇයට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන තිබුණි.සිය ප්‍රධානීන්ගේ අනීතික ක්‍රියා මාර්ග වලට එරෙහිව සමන්ති පෑලකැටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් කඩ කිරීම පිළබඳව නඩුවක් ගොනු කළ අතර ඇය වෙනුවෙන් එහිදී පෙනී සිටියේ ජනාධිපති නීතිඥජේ.සී වැලිඅමුනය.මෙම නඩුව වෙනුවෙන් ඇය හා එක්ව සිටියේ ලංකා ගුරු සංගමය හා එහි ප්‍රධාන ජෝසප් ස්ටාලින් බවත් සඳහන් කළ යුතුය.ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් මේ නඩුවේ තීන්දුව මෙරට රාජ්‍ය සේවයකයන් ගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පවතින නිදහස පිළිබඳව ඉතා පැහැදිලිව විවරණය කර තිබේ.ආයතන සංග්‍රහයේ වගන්ති ඉදිරිපත් කරමින් මූලික අයිතිවාසිකම්සීමා කිරීමේ හැකියාවක් නොමැති බව එම තීන්දුවේ දැක්වේ.රාජ්‍ය සේවකයකු එසේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔහුට හිමි මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි වන්නේ ජාතික ආරක්ෂාව,මහජන සාමය,මහජන සෞඛ්‍යය ආදී නිශ්චිත කාරණා වලදී පමනක් එම තීන්දුවෙන් අවධාරණය කර ඇත.ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම තහවුරු වීම සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය සාධකයක් බවත් එහිදී මහජන අදහස් නූතන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය කෙරෙන නිසා ප්‍රකාශනයේ නිදහස ඉතා වැදගත් බව එම තීන්දුවේ දැක්වේ.මෙම නඩු තීන්දුවේදී හිටපු අගවිනිසුරු ශර්වානන්දගේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඉන් ශ්‍රී ලංකා කෘතියේ 212 පිටුවේ උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) යටතේ තිබෙන අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම පදනම කර ගෙන ඇත්තේ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය හා ඉන්දියානු ව්‍යවස්ථාවේ 19(1)මත බවය.එහිදී තවදුරටත් ඉන්දියාවේ හා ඇමරිකාවේ නඩු තීන්දු කිහිපයක්ද මෙම තීන්දුවේ උපුටා දක්වා ඇත.රජයට එරෙහිව විවේචනය කිරීමේමූලික අයිතිවාසිකම වගකීම් සහගත සහ කරුණුවලින් සමන්විත විවේචන වලට පමනක් පමනක් සීමා නොවන බවත් එම අයිතිය තව කෙනෙකුට හානියක් නොවන තාක් කල් කිසිම පාලනයකට යටත් නොවූ මෝඩ විවේචන වලට පවා හිමිවෙන බව එම තීන්දුවේ සඳහන් වේ.මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.පී.කේ.මායාදුන්න විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දෙවන වගන්තියේ සඳහන් කර ඇත්තේආයතන සංග්‍රහයේ විධි විධාන වලට පටහැනිව රජයේ නිළධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හැකි වරදක් බවය.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා පිට පොට පටලාගෙන ඇත්තේ මෙහිදීය.ආයතන සංග්‍රහයේ මෙම වගන්තියෙන් දක්වා ඇත්තේ රාජ්‍ය සේවකයා සේවය කරන ආයතනයට සම්බන්ධ ප්‍රවෘත්ති ,දුක් ගැනවිලි සහ ඒ සමාන කාරණා ඔහු විසින් මාධ්‍ය වලට දීම නොකළ හැකි බවය.එම චක්‍රලේඛයේ තුන්වන වගන්තියේ සඳහන්ව ඇත්තේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති රාජ්‍ය සේවා නිළධාරීන් ගැනය.ආයතන සංග්‍රහයේ දැක්වෙන ආකාරයට අධිකරණ නිළධාරියකු සන්නද්ධ සේවාවල නිළධරයකු පොලිස් නිළධරයකු හෝ අපරාද නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් රාජකාරි කටයුතු කරන වෙනත් සාම නිළධාරියකු බන්ධනාගාර නිළධාරියකු රාජ්‍ය සේවයේ මාණ්ඩලික හෝ අධීක්ෂණ නිළධරයකු යන අයවළුන් ඒ ගණයට අයත් වේ.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මායාදුන්න විසින් නිකුත් කරන ලද මේ චක්‍රලේඛය පිළිබඳව මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වාර්තා කර තිබුණේ “සමාජ මාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදී” යන ශීර්ෂයෙනි.මෙම ශීර්ෂය රාජ්‍ය සේවකයන් බිය වැද්දීම අරමුණු කරගත්තක් වන්ටත් පුළුවන.එසේත් නොමැති නම් වගකීම් විරහිත ගොබ්බ මාධ්‍ය කරණය ලෙසත් දැක්විය හැකිය.රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛය කර උඩ තබා ගත් පිංගුත්තර මාධ්‍ය වලට ඉන් එහා සිතන්නට නොහැකි බවත් මින් අවධාරණය වේ.වගකීම් සහිත මාධ්‍යයක් නම් මෙම චක්‍රලේඛය පිළිබඳව වාර්තා කළ යුතුව තිබුණේ මාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙරට ලබා දී ඇති නඩු තීන්දු වල දැක්වෙන උපුටනයන් සමගය.
