උණුසුම් පුවත්

ලංකාවේ සුනඛ අධිකරණය ඡ්‍යෙනිපො දේශබන්දුට කඩේ යයි

Spread the love

ගාලු මුවදොර අරගල භූමියට පහර දෙන බව දැන දැනත් ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් එසේ කරන්ට ඉඩ දීමෙන් පොලිස් නිළධාරියකු වශයෙන් රාජකාරිය පක්ෂපාතීව ඉටු කිරීම හා අපරාදයක් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාද නඩු විධාන සංග්‍රහයේ 136වන වගන්තිය ප්‍රකාරව නීතිඥ අචලා සෙනෙවිරත්න විසින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කරන ලදී.

මෙම නඩු කරය කොටුව ⁣මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් පවත්වා⁣ගෙන යාම සම්බන්ධයෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම විරෝධය පිලිගත් මහේස්ත්‍රාත් තිලින ගමගේ එම නඩුව විභාගය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත යොමු කෙරිණි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ රංග දිසානායකය.මෙම මහේස්ත්‍රාත් රංග 2018 වසරේ බැඳුම්කර වංචාවට අදාල නඩු කටයුතු වලින් ඉවත් වූයේ ඔහුගේ බිරිඳ මහ බැංකුවේ සේවය කරන බව ප්‍රකාශ කරමිනි.එහෙත් මේ හා සමාන බැඳුම්කර වංචාවට අදාල තවත් නඩුවකදී විත්තිකරුවන්ට වරෙන්තු නිකුත් කිරීම මොහු විසින් සිදු කළ වාර්තා වී තිබුණි.කෙසේවෙතත් රංග දිසානායක යනු ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ ඔඩොක්කු කුක්කෙකි.බැදුම්කර වංචාවට සම්බන්ධ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් ඇලෝෂියස් ගෙන් මිල මුදල් හා වරප්‍රසාද ලබා ගත් අයෙක් බවද අනාවරණය වී තිබේ

නීතිඥ අචලා සෙනෙවිරත්න ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහිව පැවරූ නඩුව විභාගයට ගැනීම දින ගනනාවකට කල්දැමීමට රංඟ දිසානායක විනිසුරු වරයා කටයුතු කර තිබේ.ඔහු එම නඩුව අනීතිකව කල් දමා ඇත්තේ නීතිඥ අචලා සෙනෙවිරත්න
නඩුව විභාගය සඳහා සිය පාර්ශවය සූදානම් බව අධිකරණය වෙත දන්වා සිටියදීය.

මේ වන විට මෙරට නීතිය ඡ්‍යෙෂඨ ⁣නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සිඳු කර ඇති අපරාද සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවට අපමන සාක්ෂි තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණගමගේ එක් අවස්ථාවක ඡේ⁣නිපො දේශබන්දු කොළඹින් පිටත මාරු කර යවන ලෙසටද පොලිස්පති වරයාට නියෝග කරන ලදී.

එම ⁣නියෝගය පවා මෙතෙක් ක්‍රියාත්මක වී නැත.නීතිය හා අමාත්‍යංශයේ අමාත්‍ය ටිරාන් අලස්ගේ සමීපතම මිතුරා වී ඇත්තේ මේ දේශබන්දුය.මොහු හා ටිරාන් අලස්ගේ අමාත්‍යවරයා විසින් අරගලයට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගැනීම සඳහා රහසිගත නීති විරෝධී පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බවද අනාවරණය වේ.⁣

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව වෙඩි ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඇවන්ගාඩ් ආයතනයට සම්බන්ධ ⁣ලොරිය බණ්ඩාරගම අධිවේ⁣ගී ප්‍රවේශයේදී පරීක්ෂා කිරීමට පොලීසිය විසින් ගත් උත්සාහය වලක්වන ලද්දේ මෙම ඡේනිපො දේශබන්දුය.මෙරට ප්‍රසිද්ද පාතාල අපරාදකාරයකු වන කුඩු සිළිදු ඩුබායි රාජ්‍යයේ සිට ⁣ඡෙනිපො දේශබන්දු හා දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සොයා ගෙන තිබුණි.

 

 

 


Spread the love

Leave a Comment

You may also like