පත්කළ ජනපති රනිල් රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍යවරියක ලෙස පත් කළ ඩයනා ගමගේට මෙරට පුරවැසි භාවය නොමැති බවද ඇය නීති විරෝධී ලිය කියවිලි ඉදිරිපත් කරමින් මෙරට දේශපාලනයේ නිරතව සිටින බවත් පාහියංගල ආනන්ද හිමි පවසයි.ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු බවද ඇය ද්විත්ව පුරවැසියකු නොවන බවද ඒ හිමියන් තවදුරටත් අනාවරණය කරන ලදී.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ නමින් උප්පැන්න සහතික දෙකක් හා ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවද ඒවා කූඨ ලේඛන බවට හෙළිදරව් වී ඇතැයිද එවැනි වංචනික කාන්තාවකට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ කෙසේදැයි ජනපතිවරයාගෙන් ප්‍රශ්ණ කරන බවද පාහියංගල හිමියන් ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.ශෂි වීරසිංහ මේ හා සමාන වරදක් කොට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ලබා ඇති බවද ඩයනා ගමගේ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපේක්ෂා කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ආනන්ද සාගර හිමි ප්‍රකාශ කරන ලදී.