උණුසුම් පුවත්

මිහින්තලයේ නායක හාමුදුරුවන් අගමැතිට ලුණු ඇඹුල් ඇතුව දෙසයි

Spread the love

රටට ආදරයක් තිබේනම් මාස හයක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් මේ එන අරගලය නැවැත්වීමට නොහැකි වනු ඇති බවද මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් අගමැති දිනේෂ් ගුණවර්දන මහතාට පවසන ලදී.

අගමැති දිනේෂ් ගුණවර්දන ආශීර්වාද ලබා ගැනීමට පසුගියදා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ විහාරාධිපති හිමියන් මෙසේ පැවසීය.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීය.
” මේ සියළු කඩා වැටීමි වලට වග කියන්න ඕන අගමැති තුමා වන ඔබතුමා ඇතුළු මේ රට මෙතෙක් පාලනය කළ ඔක්කොම.තාත්තල ,පුතාල,පුතාල ,තාත්තල.ඒ පුතාල තමයි දැන් රට බාරගන්න එන්න හදන්නෙ.ඒත් එහෙම ගන්න පුළුවන්ද.අපි එහෙම දෙනවද.මේ ඔබතුමාලට දෝෂාරෝපණය කරනවා නොවෙයි.⁣එහෙම දෝෂාරෝපණය කරලත් වැඩකුත් නැහැ.සමස්ත රටේ ජනතාවම පාලකයන්ට විරුද්ධයි.
අර අරලියගහ මන්දිරයේ ඉඳල ඇවිත් නිරායුද මිනිසුන්ට ගැහැව්වා.එතැනින් තමයි ගැටුම ඇරඹුනේ.ඊට පස්සෙ ගෙවල් ගිණි තිබ්බා.ඒ ගෙවල් ඇතුළෙ තිබුණ දේවල් දැක්කනේ.ගෑස් ටැංකි විශාල ගනනක් තිබුණා.පොහොර තිබුණා.මේ ඔක්කොම තියෙන්නෙ දේශපාලකයො ගාව.ගොවිතැන් කරන්නෙ, වෙළඳාම් කරන්නෙ,ෂෙඩ් දාන්නෙ, හෝටල් දාන්නෙ,මේ ඔක්කොම කරන්නෙ දේශපාලකයො.සාමාන්‍ය මිනිසුන්ට මොනවත් නැහැ.හැබැයි බදු ගහන කොට සාමාන්‍ය  මිනිසුන්ට තමයි බෙල්ලට තොණ්ඩුව දාන්නෙ.
දැන් බලන්න විහාරස්ථාන වල ලයිටි බිල.මට නම් ගෙවන්න බැහැ.අඳුරෙ ඉන්නවා.ජනපතිතුමා කිව්වනේ ක්‍රිකට් කණ්ඩායම එකමුතුව තරග කළ නිසා දිනුව කියල.නමුත් පාර්ලිමේන්තුවෙ 225එහෙමද.මේ කපේදි පාර්ලිමේන්තුවෙ කට්ටියට එක්සත් වෙන්න බැහැ.
“මිනිස්සු කියන්නෙ වලටත් හෙණ ගහපිය “කියල. දැන් මේ මිහින්තලය පූජා නගරය ගත්තම හැමතැනම පතෝල මැහි වගේ.පාරක් වත් හරියට හදල නැහැ.නගරයෙ නායකයොනේ ඔයාල.තරහ වෙන්න එපා.දැන් මේ ෂෙහාන් සේමසිංහ ඉන්නවා.සීයා, තාත්තා,පුතා හොයල බලල වැඩ කරල නෑ.
මහින්ද මහත්තය 2015 ගියානම් අද මිනිස්සු පිළිරුවක් හදල වඳිනවා.
මොකද වුනේ රජකම් කළත් කළකම් පල දෙනවා.ගෝඨාභය මහත්තට කොහේවත් යන කුණකට කර ගහල අන්තිමට හිටපු කට්ටිය කරපු වැඩ හන්ද රටෙන් තොලොංචි වෙලා යන්ට වුනා.
රටට ආදරයක් තියෙනවනම් මාස හයක් ඇතුළත මහා මැතිවරණයකට යන්න.ඒක මහානායක හාමුදුරු වරුත් කිව්වා.එහෙම නූනොත් හෙම මේ එන අරගලය නවත්වගන්ඩ බැරිවෙයි.
තානාපති සේවයට යන අය තානායම්පති සේවයට යවන්න එපා. තානාපතිවරු තානායම්පති සේවය කරපු බව පේනවා සමහර තැන්වල.අපි අපි වෙන්නෙ නැතුව වෙන එවුන් වෙන්න ගිහින් තමයි රටට මෙහෙම වුනේ.
බල්ලෙක් ගැන හොඳ සටහනක් තියෙනවා.මෙහෙම තිබුණනානම් අපට නැටි .වනල වනලාම කැඩිල මෙලහකට.බල්ල අවංකව හිනා වෙන්නෙ වල්ගෙන්.ඒ නිසා ඌ තරහවෙන්න වලිගෙන් හිනාවෙන්නෙ නැහැ.ඒ නිසා අපි බොරුවට හිනා වෙච්ච ඒව කිව්වොත් නැට්ට තිබුණා නම් මෙලහකටත් කැඩිලා.

 


Spread the love

Leave a Comment

You may also like