හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ආරක්ෂාව සැලසීමට කටයුතු කරන්න යැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් පොලිස්පති වරයාට උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.මේ හිටි හැටියේ ශානි අබේසේකරට ආරක්ෂාව සැලසීමට නීතිය හා සාමය අමාත්‍යංශයට සත්ව කරුණාව ඇති වූයේ මක් නිසාද යන්න ගැන අපට නම් මතුවන්නේ බරපතල සැකයකි.මේ වන විට ආණ්ඩුව සිටින්නේ බරපතල අර්බුද ගනනාවකය.අප මෙහිදී ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොදුජන පෙරමුණට මිස පත් කළ ජනපති රනිල් රාජපක්ෂ ගැන නම් නොවේ.රනිල් රාජපක්ෂට මේ දේශපාලන වාතාවරණය තුළ කරන්න පුළුවන් ලබ්බක් නැත.මෙරට තවමත් පාලනය වන්නේ රාජපක්ෂ වරුන්ගේ ඕනෑ එපාකම් අනුවය.එය මහින්ද ගෝඨාභය චමල් ,බැසිල්, හා නාමල් රාජපක්ෂ ගේ නියෝගයන් තුළ සිද්ධ වන්නෙකි.හෙට අනිද්දා වන විට රාජපක්ෂ පවුලට එරෙහිව ඇති නඩු ගණනාවක් විභාගයට ගැනීමට අපේක්ෂිතය.ඒ ඇතැම් නඩු වල විමර්ශන කටයුතු කර ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.අනෙක් පසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නුදුරේදීම සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන බවද නිසැකය.මෙම අපරාධ පරීක්ෂණ වල සියළු තොරතුරු වැඩි වශයෙන් ඇත්තේ ශානි අබේසේකරය ළඟය.මේ ශානි අබේසේකර ඇම දමා බිලි බා ගත හැකි පුද්ගලයෙක් නොවන බවද රාජපක්ෂවරු දනී.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේදී අපරාද පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වශයෙන්ඡ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දුන් ශාක්ෂියේ කොටසක් ඔහුගේ නීතිඥවරයා විසින් ඒ දින වල සිය මුහුණු පොත් ගිනුමේ පල කර තිබුණි.ඒ එම නීතිඥවරයා ජනාධිපති කොමිෂමේදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ප්‍රශ්ණ කරද්දී ඔහු දුන් පිළිතුරුය.ප්‍රශ්ණය /ඔබගේ පදිංචිය කොහේදපිළිතුර/ නාරාහේන්පිට ඇල්විටිගල ෆ්ලැට්ස් ස්වාමීනිප්රශ්ණය/ එය ඔබගේ නිවසක්දපිළිතුර/ මම අවුරුදු විස්සක් පදිංචි වෙලා හිටියා කුලීකාරයෙක් විදියට.ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කුලී ගෙව්වට පස්සෙ මට ඒ ගෙය ගන්න පුළුවන් වුනා ස්වාමීනිප්රශ්ණය/ඒ ගෙදර වර්ග අඩි ප්‍රමාණය කොපමණදපිළිතුර/වර්ග අඩි පන්සීයයි ස්වාමීනිමෙරට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් විඳින සැප සම්පත් හා ඔවුන් සතුව පවතින දේපොළ පිළිබඳව සිතා බලා මෙම පිළිතුරු හා සසඳා බලන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කවර ආකාරයේ රාජ්‍ය නිළධාරියකුද යන්න නිගමනය කළ හැකිය.ශානි අබේසේකර යනු නීතියේ පාලනය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිළධාරියෙකි.එහිදී දේශපාලනපක්ෂ පාතිකම් ඔහුට නොවීය.සමහර මාධ්‍ය ඔහු හැඳින්වූයේ ලංකාවේ ශර්ලොක් හෝම්ස් ලෙසය.මෙරට ප්‍රසිද්ධ අපරාධ නඩු රාශියක විමර්ශන නිළධාරියා වූයේද ඔහුය.මිල්ටෙරි නන්දසේන බලයට පත්වීමත් සමගම ශානි අබේසේකර අත් අඩංගුවට ගැනුනේත් රිමාන්ඩ් කෙරුනේත් ඔහුට බය වී සිටිය වුන්ගේ සැලසුමකටය.ඒ දේශපාලනික බලය සමග මෙරට විවිධ අපරාධ වංචා දූෂණ වලට සම්බන්ධ වූවන්ය.2019 නොවැම්බර් 16 වෙනිදා මෙරට දේශපාලන වෙනසක් ඇතිවූ විගස ප්‍රථමයෙන් පලි ගැනීමට ලක් වූ රාජ්‍ය නිළධාරියා වූයේ ශානි අබේසේකරය.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවේ අධ්‍යක්ෂවරයාගේ සිට ප්‍රාදේශීය පොලිස් නිළධාරියෙකුගේ පෞද්ගලික සහකාර දක්වාය.ඉන්පසු ඔහුගේ වැඩ තහනම් කර බොරු චෝදනාවක් පටලා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි.අත්තනෝමතිකව වැඩ තහනම් කිරීමෙන් පසුව 501දරණ අසාමාන්‍යය දුරකතන අංකයකින් ඔහුට සහ ඔහුගේ පවුලේ අයවළුන්ට මරණීය තර්ජනය කරන ලදී.ශානි අබේසේකර වැඩ තහනමකට ලක් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමග ඔහු කළ දුරකතන කතාබහක් මත යැයි කියමිනි.එම චෝදනාව තහවුරු කිරීමට කිසිදු විමර්ශනයක් පවා සිදු නොකෙරිණි.එම පටිගත කරන ලද දුරකතන කතාබහට අදාලව ඔහුට චෝදනා පත්‍රයක්වත් ලබා නොදුන් අතර ප්‍රකාශයක් පවා ලබා ගෙන නොතිබිණි.ඉන්පසුව මොහොමඩ් ශියාම් නැමැති ව්‍යපාරිකයා පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ගනේද්‍ර වාස් ගුණවර්දන සම්බන්ධ කිරීමට ශානි ඇතැම් ආයුද ව්‍යාජ ලෙස හඳුන්වා ඇති බවට අසත්‍ය චෝදනා නගමින් 2020/07/31 දින ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.ඉන්පසු ශානි අබේසේකරට ඇප ලබා ගත හැකි වූයේ අභියාචනාධිකරණයෙනි.ඒ මාස දහයකට වැඩි කාලයක් බන්ධනාගාරයේ සිටීමෙන් අනතුරුවය.ශානි අබේසේකරට ඇප ලබා දෙමින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් මෙලෙස කියා තිබේ“..වරදකරු කරන ලද මිනීමරුවන්ගේ පැහැදිලි සහායකයන්ගේ හා ආධාර කරුවන්ගේ ප්‍රකාශයන් මත සැකකරුට (ශානි අබේසේකර)එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ඇත.චෝදිත වැරදි ක්‍රියා තහවුරු කිරීමට අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට උත්සාහ කර තිබේ.කෙසේ වෙතත් මෙම ස්ථාවරය තහවුරු කිරීමට හෝ බැලූ බැල්මට නඩුවක් ගොඩ නැගීමට හෝ හැකිවන පිළිගත හැකි සාක්ෂි කිසිවක් අධිකරණයේ අවධානයට ඉදිරිපත් කර නොතිබිණි..”ශානි ගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සුදු කරපටි හොර තක්කඩියන් කෙතරම් බය වී සිටයාද යන්න මේ සිද්ධි ගලපා ගැනීමෙන් තහවුරු කර ගත හැකිය.පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරුවේද ශානි අබේසේකරය.මෙහිදී ශානි අබේසේකරට පාස්කු ප්‍රහාරයෙන් පසුව Amercan Federal Bureau Of Investigation හෙවත් එෆ්බීඅයි හරහා සහරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයකුගේ ඉන්ටර්නේට් ප්‍රොටොකෝල් හෙවත් අයිපී ලිපිනයක් දැනගැනීමට හැකිවිය.එහෙත් ඒ හා සම්බන්ධ සැකකාර පුද්ගලයා සහරාන් සමග තම සම්බන්ධය හෙළිදරව් කිරීම ප්‍රතික්ශේප කරන ලදී.ඉන්පසු එවකට ඩීඑම්අයි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා ආරක්ෂක අමාත්‍යංශය එම සැකකාර පුද්ගලයා සීඅයිඩියේ රඳවා තබා ගැනීමෙන් වැලැක්වීය.ඒ එම සැකකරුගේ ක්‍රියාකාරකම් ජාතික රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් බව කියමිනි.පාස්කු ප්‍රහාරයෙන් පසුව ශානි කළ විමර්ශන හරහා මාතලේ වාසය කළ පොඩි සහරාන් නැමැති පුද්ගලයකු සොයා ගත හැකි විය.මෙම පොඩි සහරාන් ප්‍රශ්ණ කරද්දී ඔහු “සොනික්…. සොනික් “නැමති තැනැත්තකු සමග සන්නිවේදන කටයුතු කර ඇති බව අනාවරණය විය.ඉන් අනතුරුව අයිපී ලිපිනය හරහා සොනික් සොනික් ගේ සිම් කාඩ් පත සොයා ගැනිණි.එහි භාවිතා කළ තැනැත්තා වූයේ බණ්ඩාර නම් උප පොලිස් පරීක්ෂක වරයෙකි.මෙම පොලිස් පරීක්ෂක වරයාගෙන් ප්‍රශ්ණ කරද්දී එස්අයිඑස් නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ ශානි අබේසේකර අමතා එම ප්‍රශ්ණ කිරීම නවත්වන ලෙසට උපදෙස් දුන්නේය.ඒ පොඩි සහරාන් හා බණ්ඩාර අතර සම්බන්ධය රහස් මෙහෙයුමක කොටසක් බව ප්‍රකාශ කරමිනි.දැන් ශානි අබේසේකරට හදිසියේම ආරක්ෂාව ලබා දීමට නීතිය හා සාමය අමාත්‍යංශයට හැදී ඇති කඩි කුලප්පුව ගැන අපට සැකයක් හා අවිශ්වාසයක් මතුවෙන්නේ ඉහත සඳහන් කාරණා හා ගලපා ගනිමිනි.මේ ආරක්ෂාව ශානි අබේසේකර ගේ ජීවිතය අනතුරේ දැමීමක් බව අපට හැඟේ.ඒ මන්දයත් රාජපක්ෂ වරු මිනිස් ඝාතනයන් කරන්නේ නීතියේ හිස් තැන් ඉතා මැනවින් සමබර කරගනිමින් නිසාය. තවදුරටත් නීතිය හා සාමය බාර ඇමතිවරයා රාජපක්ෂ මිනීමරුවන්ගේ කොන්ත්‍රාත් කුලී කාරයෙක් බව ඉතිහාසයේ ලියවී ඇති නිසාය.