වෙනත්

රනිල් ගේ රුව රැගත් සරුංගලයට පොලිස් ගොබ්බයෙකු ගෙන් තහංචි

Spread the love

ජනාධිපති රනිල් රාජපක්ෂගේ රජය ගෙන යන දැඩි මර්දනයට එරෙහිව ඊයේ (27) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සරුංගල් යැවීමේ උත්සවයක් පැවැත්විනි.මේ සඳහා විවිධ විරෝධතා සටන්පාඨ රැගත් සරුංගල් රැසක් ඉදිරිපත් වී තිබුණි.ඉන් එක සරුංගලයක් ජනපති රනිල් රාජපක්ෂගේ රුව ඇතුළත් කොට නිර්මානය කර තිබූ එකකි.එම විරෝධතා බිමට ආ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයකු විසින් ජනපති වරයාගේ රැව ඇතුළත් සරුංගලය යැවීම තහනම් බවත් එය ගුවන් ගත කරන්නේ නම් නඩුපවරන බවටත් එම විරෝධතා කරුවන්ට තර්ජනය කරන ලදී.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව  භුක්ති  විඳින මූලික අයිතිවාසිකම් ගැන මෙලෝ හසරක් නොදන්නා නිළධාරියෙක් බව පැහැදිලිය.
මොහුගේ පැටිකිරිය හො⁣යා බැලුවහොත් මේ පොලිස් නිළධාරියා පොලිස් උප සේවයේ සිට  ස්ථිර පොලිස් සේවාවට අනුයුකත්ත වූ තැනැත්තකු බව අපට සිතා ගත හැකිය.ඒ මන්ද යත් ස්ථිර පොලිස් සේවාවට සම්බන්ධ වූ පොලිස් නිළධාරීන්ට ජනගොෂා නඩු තීන්දුව පිළිබඳව දැනුවත් කරන හෙයිනි.  
ශ්‍රී ලංකා නීති පොතට ඇතුළත් වී ඇති භාෂණය හා ප්‍රකාශණයේ නිදහස සම්බන්ධයෙන් වූ  සුව්ශේෂී නඩු තීන්දුවක් වන්නේ අමරතුංගට එරෙහිව සිරිමල් හා තවත් අය පිළිබඳ ජන ඝෝෂා නඩු තීන්දුවයි.නීතිය ඉගැන්වීමේදී හා මූලික අයිතිවාසිකම් නඩුවලදී මෙම නඩුව අදටත් මූලාශ්‍රයක් ලෙස භාවිතා වෙි.මෙරට නීති වාර්තා 1993 vol 264 හි මෙම තීන්දුව දැක්වේ.ඉංගිරිය ජන ඝෝෂා නඩුව ලෙස ප්‍රචලිත මේ මූලික අයිතිවාසිකම් නඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස තුළ ආණ්ඩුව විවේචනය කිරීම පිළිබඳව පවතින නිදහස ගැන විවරණය වේ.
මිනිසකුගේ මිනිස් අයිතිවාසිකම් ලෙස නිදහසේ ජීවත්වීමේ අයිතිය එහා මෙහා යාමේ අයිතිය මෙන්ම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සැළකේ.මෙහිදී භාෂණයෙන් හා ප්‍රකාශණයෙන් අදහස් පල කිරිමේ අයිතිය මිනිසාට ඇත.මිනිසාට අදහස් පල කිරීමට ඇති අයිතිය දැක්වෙන ජාත්‍යන්තර ප්‍රකාශන ප්‍රධාන වශයෙන් ⁣මෙලෙස දැක් වේ.
1.මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය
2.සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
3.ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
4.මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය
මෙයට අමතරව මෙරට ජනතාව ආවරණය කෙරෙන මූලික අයිතිවාසිකම් ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාවෙි (අ) හි දක්වා තිබේ.මෙහි සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශණය ඇතුළු අදහස් පල කිරීමේ නිදහස ඇත්තේය යන්න සඳහන් වේ.මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියේ අදහස් දැරීම හා ප්‍රකාශනය පිළිබඳ නිදහසේ අයිතිය හැම දෙනාම සතුවීම බාධාවකින් තොරව අදහස් දැරීමේද එසේම දේශසීමා නොසලකා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු සෙවීමේ ලැබීමේ හා බෙදාහැරීමෙි අයිතිය දැක්වේ.
මෙරට භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස තහවුරු කෙරෙන අමරතුංගට එරෙහිව සිරිමල් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු 468/92 හි දැක්වේ.
පසුබිම් වූ හේතුව
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවන්ට අදාල කරුණු ගනනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ම විසින් රට පුරා ජනඝොෂාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.මෙහිදී ජනඝෝෂාව ලෙස  සීනු නාද කිරීම, රථවාහන නලා ශබිද කිරීම, බෙර ගැසීම, සාස් පාන් ආදී උපකරණ වලට ගැසීමෙන් ශබ්ද කිරීම ආදිය සිදු කිරීම අදහස් කෙරිණි.
හොරණ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ දයාසේන අමරතුංග මෙම ජනඝෝෂාවට සහභාගි වූයේ බෙරයක් වාදනය කරමිනි.මෙම බෙර වාදනය නතර කරන ලෙසට පොලීසිය දුන් නියෝග නොතකා ඔහු බෙරය වාදනය කළ අතර පොලීසිය විසින් ඔහුට පහර දී බෙරය ⁣මෝල් ගසකින් ගසා කඩා බිඳ දමන ලදී.ඔහු සමග රජයට එරෙහිව එහි විරෝධතාව දැක්වූ පිරිසට ඇතුළුවීම හා පිටවීම වැලැක්වන ආකාරයෙන් පොලීසිය මාර්ගය  හරස් කොට බාධා පැමිනවිනි.
පොලීසියේ මෙම අනීතික මැදිහත් වීමට එරෙහිව ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයාසේන අමරතුංග තමන්ගේ භාෂණය හා ප්‍රකාශනය මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වූයේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.
1993 මාර්තු 8 වන දා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය.එහිදී පොලීසිය සිදු කළ අනීතික මැදිහත් වීමෙන් 14 (1)(අ) වගන්තියෙන් ජනතාවට හිමි මූලික අයිතිය කඩ වී ඇති බව තීරණය කෙරිණි .දේශපාලන පක්ෂ වලට රජය ගන්නා තීරණ වලට හෝ ක්‍රියා මාර්ග වලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක මූලික ලක්ෂණයක් බව  තීන්දුවේ සදහන් කර තිබේ.මෙම විරෝධතාව පිළිබඳ කල් තියා ප්‍රචාරය කිරීම නිසා පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබුණ බව සඳහන් කළ ගරු අධිකරණය වග උත්තරකාර පාර්ශවය වූ පොලීසිය විසින් ඉදිරිපත් කර තිබූ රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීමේ ක්‍රියාදාමයක් පැවතියේ යන ප්‍රකාශය ප්‍රතික්ශේප කර ඇත.
මෙහි සි⁣ටි විරෝධතාකරුවන් කැරැල්ලක් හෝ ප්‍රචන්ඩත්වයක් අපේක්ෂා කර නැති බව අධිකරණයේ අදහස වී ඇති අතර රජයට එරෙහිව සටන් පාඨ කියමින් ඝෝෂා කරමින් සිටි විරෝධතාකරුවන්ට පොලීසිය ප්‍රහාර දියත් කර ඇති බව අධිකරණයේ විනිශ්චයට ලක් වී තිබෙි.එසේ වුවත් පොලිස් ආඥා පනතේ 78/1 වගන්තිය යටතේ ක්‍රියා කිරීමට පොලීසියට අවශ්‍යතාවක් නැති බව මෙහිදී සදහන් කරන අධිකරණය වග උත්තරකාර පොලීසිය හිතා මතාම පෙත්සම්කරුගේ කතනය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව කටයුතු කර ඇති බව අධිකරණය විසින් තීන්දු කර ඇත.එම නිසා පෙත්සම්කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ළංඝනය කිරීමේ වරදට පෙත්සම් කරුට රුපියල් පනස්දහසක වන්දියක් රජය විසින් ගෙවිය යුතු බවටද වැඩිදුටත් නියෝග කෙරිණි.
මෙම තීන්දුවේ සඳහන්ව ඇති විශේෂම  නියෝගය වන්නේ අනාගතයේදී ඒ හා සමාන උල්ලංඝනය කිරීම් සිදු නෙවෙන පරිදි මෙම තීන්දුව සියළුම පොලිස් නිළධාරීන්ගේ දැන ගැනීම සඳහා පොලිස්පතිට උපදෙස් දෙන ලෙසට ඇති සදහන් වේ.  

Spread the love

Leave a Comment

You may also like