පසුගියදා පැවැති විරෝධතා වන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු අනෙක් ශිෂ්‍ය ක්‍රියාකාරීකයන් දෙදෙනා තව දුරටත් ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දෙමින් රැඳවුම් නියෝගයන් ජනපති රනිල් රාජපක්ෂ අත්සන් තබන ලදැයි වාර්තා වේ.
මෙලෙස ත්‍රස්ත විරෝධී පනත උපයෝගී කර ගනිමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් රඳවා තබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ,ඇමනස්ටි ඉන්ට නැෂනල් සංවිධානය, යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන ගනනාවක් හා ඇමරිකාව වැනි රටවල් කිහිපයක්ම මේ වන විටත් කනස්සල්ල පල කර තිබේ.

රනිල් රාජපක්ෂ බළල් අතක් ලෙස යොදවාගෙන රාජපක්සවරුන් විසින් සිදු කරමින් පවතින මෙම යටි බිමි ගත මර්දනය අනීතික ක්‍රියා දාමයක් බව මෙරට බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගේ අදහසයි.මෙරට මානව හිමිකම් කොමිෂමේ සභාපතිවරිය විසින්ද ත්‍රස්ත විරෝධී පනත යොදා ගනිමින් සිදු කරන අත් අඩංගුවට ගැනීම් වහාම නවත්වන ලෙසට පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත.
නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න,ඡේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වැනි පාදඩයන් කණ්ඩායමක් රාජපක්ෂ පවුලේ උපදෙස් මත මෙම මර්දනය සැළසුම් කර ඇති බව පැහැදිලිය.ජනපති රනිල් රාජපක්ෂ රූකඩයක් කර ගනිමින් සිදු කරන මේ සාහසික කුමන්ත්‍රණය වහා නැවැත්වීම සඳහා සියළුම විරුද්ධ පක්ෂ කොන්දේසි විරහිතව එකම වේදිකාවකට ගොඩ විය යුතු බව අපගේ යෝජනාවයි.මේ වන විටත් මෙම මර්දනයට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ මැදිහත් වීම අගය කළ යුතුමය.එහෙත් විපක්ෂයේ ක්‍රියාකාරිත්වය තවමත් ඇත්තේ පසුගාමී වටපිටාවකය.බොහෝ දේශපාලන පක්ෂ ක්‍රියා කරමින් සිටින්නේ බලය ලබා ගැනීමෙි තම තමන් ගේ න්‍යාය පත්‍ර තුළය.එහෙත් මේ හෝරාවේ න්‍යාය පත්‍ර පසෙකින් තැබිය යුතුමය.
එසේ නැති වුනහොත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සඳහා ආයුද එක් රැස් කර ඇති බවත් එම ආයුද සඟවා තිබූ පෙන්වීමට ගිය වසන්ත මුදලිගේ පොලිස් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කොට පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී වෙඩි තබන ලද බවත් එහිදී ඔහු මිය ගිය බවත් කියවෙන හදිසි ප්‍රවෘත්තියක් හෙට අනිද්දාට අසන්නට ලැබිය හැකි බව ස්ථිරය.
මේ අනීතික මර්දනයට එරෙහිව සියළුම විරුදධ පක්ෂ නායකයන් කොන්දේසි විරහිතව එක වේදිකාවට එක් විය යුතු බව අප සඳහන් කරන්නේ මේ අනතුර අත ළඟ නිසාය.අද සියළු විරුද්ධ පක්ෂවල න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතු වන්නේ හිට්ලර් මර්දනයට එරෙහි සක්‍රීය වැඩ පිළිවෙලක් බව අප නැවත නැවතත් සඳහන් කරමු.
රාජපක්ෂ වරුන්ට සිද්ධ වූ දේශපාලනික ප්‍රතික්ෂේප වීම ගැන ඔවුන් තුළ සමාජය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි වෛරයකි.ඒ වෛරය පිට කර ගැනීම සඳහා ඔවුන් යොදා ගෙන ඇත්තේ කමල් ගුනරත්න දේශබන්දු තෙන්නකෝන් ටිරාන් අලස් වැනි පාදඩ වහළුන්ය.සිත් පිත් නැත් සාහසිකයන් වන මේ කණ්ඩායම අමු ගොබ්බයන් පිරිසකි.මොවුන් ගේ සිතීම ඇත්තේ රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපා කම් පිරිමසාලීම මත සිය පැවැත්ම තහවුරු වන බව පමණය.
ජනපති රනිල් රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ සමාජය බිය වද්දා සිය දේශපාලන න්‍යාය පත්‍රය සාර්ථක කරගැනීමටය.එය මෝඩ චූන් එකක් පමනක් බව අපි ලියා තබමු