රනිල් රාජපක්ෂ ජනපතිවරයා විසින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්න මුදලිගේ ඇතුළු තව දෙදෙනෙකු ත්‍රස්තවාදීන් ලෙස නම් කොට දින අනූවක රැඳවුම් නියෝග ගැනීම සඳහා සැළසුම් කර තිබියදී ඔවුන් මානව හිමිකම් ආරක්ෂකයන් බව සඳහන් කර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්විටරයක් නිකුත් කර තිබේ
එම ට්විටර පණිවිඩය මෙසේය
“මානව හිමිකම් ආරක්ෂකයන් වන වසන්ත මුදලිගේ ,හෂාන් ජීවන්ත, ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මා සැළකිල්ලක් දක්වනවා.ඔවුන් රඳවා තබා ගැනීම සඳහා අත්සන් නොකරන මම ජනපති රනිල්ට බල කර සිටිනවා.
එසේ කළ හොත් එය…….” ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වේවි.”

මේ වන විට රනිල් රාජපක්ෂ ජනපති වරයා ගේ පාර්ශවය විසින් වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනාට රැඳවුමි නියෝග ලබා ගනු ලබන්නේ පොලීසියේ ඉල්ලීමට බවට හැඟවෙන ආකාරයේ අදහසක් සමාජගත කරමින් තිබේ.
ජනපති රනිල් රාජපක්ෂගේ ඒකාධිපති ක්‍රියා කළාපය ජාත්‍යන්තරය තුළ
මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත.එහෙත් ජනපති රනිල් රාජපක්ෂට ඒ ගැන හැඟීමක් නැත.ඔහු සමාජයේ හෘද ස්පදනය හෝ ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ නිවැරිදිව ග්‍රහණය කර ගන්නෙක් නොවේ.නව ලිබරල් වාදයේ සිහින දකින්නකු ලෙස සැළකිය හැකි ජනපතිවරයා සිය අදහස දේශපාලනිකව හා ආර්ථික තලය තුළ ක්‍රියාත්මක කරවීමට හැකියාවක් ඇත්තෙකු නොවන බව ඔහුගේ ඉතිහාසය හදාරන්නෙකුට දැන ගත හැකිය.ඔහු තුළ ජනතා ප්‍රශ්ණ වලට නිවැරිදිව සංවේදී වීමෙි ගතියක් නැත.
ගැමි සමාජය ගැන මෙලෝ හසරක් නොදන්නා රනිල් ජනපතිවරයා යහපාලන බලයට පත් වීමට පෙර පැවැති මැතිවරණ සමයේදී ඈත ගම්වල ජල බිඳක් නොමැතිව දුක් විඳින ජනතාව අමතා ප්‍රකාශ කරන ලද්දේ එම ගම්වලට ඉන්ටර්නෙට් පහසුකම් ලබා දෙන බවය. ඔහුගේ ගතිපැවතුම්වල පවතින උද්දච්ච ස්වභාවය නිසාම කිසිවෙකු ගෙන් අසා විමසන්නට තරමේ නිහතමානීකමක්ද ඔහු තුළ නැත.අඩුම තරමේ නිවසේ රියදුරුගෙන් හෝ ආය අප්පුගෙන් වර්තමාන සමාජය ගැන දැනගැනීමට තරමේ මිත්‍රශීලී ප්‍රවේශයක්ද ඔහුට නැති බව විශ්වාසය. ජාත්‍යන්තරය පිළිබඳව ඔහුගේ නොතකා හැරීමද මේ මෝඩ උද්දච්ච කමේ දිගුවකි.
කෙසේවෙතත් අද රට තුළ මුදා හැර ඇති අර්ධ මිල්ටෙරි පාලනය රනිල් රාජපක්ෂ ජනපතිවරයා ගේ අවශ්‍යතාව මත සිදු වන්නකි. මිල්ටෙරිය හා ත්‍රස්ත නීති යොදා ගැනීම තුළින් රට බය වද්දා සන්සුන්ව තබා ගැනීමට හැකියැයි රනිල් රාජපක්ෂ සිතා ගෙන සිටී.ඔහු එසේ කල්පනා කරන විට ජාත්‍යන්තරය ඔහුගේ අර්ධ මිල්ටෙරි මුදාහැරීම්වලට එරෙහිව මේ වන විට ඉතා බරපතල ආකාරයෙන් පෙල ගැසෙමින් සිටී.එහි ප්‍රතිඵලය සැප්තැම්බර් මාසයේ ඇරඹෙන ජිනීවා සමුළුවේදී දැක ගත හැකි වනු ඇත.
රනිල් රාජපක්ෂගේ දේශපාලනයට හැමදාම කෙලවී ඇත්තේද උද්දච්ච සිතීම හා ගජමිතුරු සක්ක ගල් නිසාය.
ගනන් හදා කියන්නට බැරි නමුත් තව මාස කිහිපයක් ගෙවී යන්නට පෙර රට තුළ බරපතල අර්බුද ගනනාවක් පුපුරා යන බව කිව යුතුය.ඒ පුපුුුරා යාම කවර හැඩයකින් සිදුවන්නේද යන්න ගැන අපට අනාවැකි කියන්නට නොහැකිය.