පසුගිය දිනක අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට
ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීම අනවශ්‍ය බවත් ඔහු මීළඟ නඩු දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමානවත් බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කර ඇත.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙලෙස සැක පිට අත්අඩංගුවට ගන්නා ලද්දේ
2007 වර්ෂයේදී රූපවාහිනී සංස්ථාව තුළ අයුතු ජනරාශියකට සම්බන්ධ වීමේ වරදකටය.අධිකරණය හමුවේ මෙි පිළිබඳව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2007 වර්ෂයේ රූපවාහිනී පරිශ්‍රය තුළ ඇතිවුන කළහකාරී සිදුවීමක් පිළිබඳව තමන් විසින් සිඳු කළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කරන ලද බවත් එහිදී නීතිපති වරයා විසින් මෙහි සැකකරු වන මර්වින් සිල්වා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන ලංකාදීප පුවත්පතට වාර්තාවක් සපයා ඇති නිමන්ති රණසිංහ සඳහන් කර ඇත්තේ කැලණිය ප්‍රදේශයේ හරක් මැරීම නතර කළ මර්වින් සිල්වාට ඇප අවශ්‍ය නැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ප්‍රකාශ කළ බවය.
ලංකාදීප පුවත්පතේ වාර්තාකාරිය මෙය අධිකරණයට අපහාස කිරීමට ලියු විහිළු කතාවක්ද එසේත් නැතහොත් වැරදීමකින් සටහන් කළ දෙයක්ද හෝ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශයක් කර ඇද්ද යන්න ගැන අපි නොදනිමු.
අතිරේක මහේස්ත්‍රාත්වරයා සැබැවින්ම මෙවැනි විහිළුකාර ප්‍රකාශයක් කර ඇති නම් එය ඉතා බරපතලය. තවදුරටත් ඉන් තහවුරු වන්නේ මෙරට අධිකරණය වැටී ඇති අඳුරු ආගාධයයි.එය මෙරට බන්දු සමරසිංහගේ ජෝක් ඇතුළත් විකාර චිත්‍රපටයක දර්ශනයකට සමාන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
විනිසුරු වරයාගේ මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ඉදිරියේදී යම් අපරාදකරුවෙකුට සතර පොහොය සිල් ගන්නා බවට තහවුරු කරමින් අධිකරන විනිශ්චයන්ට බැඳීමක් නොවන ලෙස ඇප කොන්දේසි නොමැතිව ඊළඟ නඩු දිනය වලින් මුදා හරින ලෙසට නීතිඥවරුන්ට විනිසුරුවරුන්ගෙන් ඉල්ලීම් කළ හැකි යැයි අපි විශ්වාස කරමු.
එසේත් නැතිනම් අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මානසික වෛද්‍යවරයෙකුට යොමු කළ යුතු යැයි ලංකා දවස අධිකරණ සේවා කොමිෂම වෙත යෝජනා කර සිටින අතරම විනිසුරුවරයා එවැන්නක් ප්‍රකාශ කර නැතිනම් මෙවැනි අතේ පැලවෙන බොරුවක් වාර්තා කරමින් අධිකරණය හෑල්ලුවට ලක් කළ වාර්තාකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව වැඩිදුරටත් සඳහන් කරමු.