උණුසුම් පුවත්

ජාතික සත්වයා වූ ⁣දඬු ලේනා ඉන් ඉවත් ⁣කර කොටියා නම් කිරීම රනිල් හාමු ගේ කුමන්ත්‍රණයක්

Spread the love

මෙරට ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬු ලේනා එම නමි කිරීමෙන් ඉවත් කොට ඒ සඳහා දිවියා ජාතික සත්වයා ලෙස නම් කිරීමට සැලසුම් කර ඇතැයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඉතා රහස්‍ය තොරතුරක් ලංකා දවස වෙත වාර්තාවේ.මේ පිළිබඳව ලංකා දවසට තොරතුරු සැපයූ කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිළධාරියකු කියා සිටියේ හදිසියේම ජාතික සත්වයා වෙනස්කිරීමේ අදහස  ඉතා රහසිගත භූ දේශපාලනික මැදිහත්වීමක් මත ජනපති රනිල් රාජපක්ෂගේ වුවමනාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්  සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක දිගුවක් බවය.ආරක්ෂක අමාත්‍යංශය මගින් ඉතා හදිසියේම දෙමල සංවිධාන ගනනාවක තහනම ඉවත් කරන ලද්දේද එම රහසිගත දේශපාලනික න්‍යාය පත්‍රයේම කොටසක් ලෙස බවද එම නිළධාරියා වැඩිදුරටත් පවසන ලදී.

කෙසේවෙතත් දඬු ලේනා ගේ නම ඉවත් කිරීමෙන් පසුව දිවියා ජාතික සත්වයා ලෙස නම් කිරීමට අදහස් කර ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කෙරුවද එය තක්කඩි වසන් කිරීමක් බව අපට විශ්වාසය.මෙරට දිවියන් වර්ග තුනක් සිටී.ඒ අඳුන් දිවියා බලල් දිවියා හා කොල දිවියා වේ. මෙහිදී ඇමතිවරයා මෙරට ජාතික සත්වයා ලෙස නම් කිරීමට සැලසුම් කර ඇත්තේ මේ දිවියන් නොව ලංකාවේ කොටියා බව  ඉන් තහවුරු කර ගත හැකිය.ඇමතිවරයා කොටියා යනුවෙන් මෙහිදී සෘජුව අනාවරණය කිරීමක් නොකරන ලද්දේ මක් නිසාද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතුද නැත.
කොටියා එල්ටීටී සංවිධානයේ ලාංඡනය බව නොදන්නා අයෙකු මෙරට නැත.ජනපති රනිල් රාජපක්ෂගේ ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ හෙංචයින්ගේ අවශ්‍යතාව වී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සතුව පවතින විදේශ වත්කම් මෙරට ආයෝජනය කර ගැනීමය.එහිදී රනිල් රාජපක්ෂ කණ්ඩායම දෙමළ ඩයස්පෝරා වේ සිත් ඇදගන්නා සුළු අදහසක් ලෙස එල්ටීටී ලාංඡනය වූ කොටියා මෙරට ජාතික සත්වයා ලෙස නම් කිරීමට සැළසුම් කර තිබේ.මේ සැළසුම වැඩිදුරටත් දෙමළ ඩයස්පෝරාව නොමග යැවීමට රනිල් රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ රට පාවා දෙන නඩයේ කුමන්ත්‍රණයක් ලෙසද සැළකිය හැකිය.
දෙමළ ඩයස්පෝරාවේ තහනම ඉවත් කොට එම සාමාජිකයන් මෙරට සංවර්ධනය සඳහා දායක කර ගැනීම අප බෙහෙවින් අගය කරන නමුත් රාජ්‍යයේ ස්වාධීනත්වය කෙලසන කුමන්ත්‍රණ වලට හා සිය දේශපාලනික බල ආධිපත්‍යය රැක ගැනීම සදහා රනිල් රාජපක්ෂ කල්ලිය සිදු කරන මෙම පාවා දීම් වලට අපි තරයේ විරුද්ධ වෙමු.මේ සාහසික කුමන්ත්‍රණ අපි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.මෙලෙස ජාතීන් අතර විරසකයක් මතු වන ලෙස විවිධ උපාය උපක්‍රමයන් භාවිතා කොට යම් යම් පාර්ශවයන් රහසේ සතුටු කිරීමට යාමේ අනිටු පල විපාක නිසා මෙරට සමස්ත සමාජයම කම්පනයට ලක් විය හැකි බව අපගේ අදහසයි.එම කම්පන තරංග රට නැවත ජාතිවාදී ආරවුලකට පවා ඇද දැමීමට ඉඩ තිබේ.
පෞද්ගලික බස් සේවාවේ හිටපු බස් කොන්දොස්තරයකු වූ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර යනු ඇමති මාන්දමෙන් පෙළෙන අයෙකි.දේශපාලනික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකරන මොහු වැල යන පැත්තට මැස්ස ගසන්නෙකි.දඬුලේනා ජාතික සත්ව නාමාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කරන ලද්දේ මේ සත්වයාගෙන් සිදුවන වගා හානිය සැළකිල්ලට ගෙන බව ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කරන ලදී.
පරිසර විද්‍යාඥයන්ගේ අදහස අනුව දඬුලේනා යනු මෙරට සත්ව ගහණය තුළ දුලබ සත්වයෙකි.මේ සත්වයා වන ගහනය වර්ධනයට කරන දායකත්වය අති මහත්ය.වඳුරා හා දඬුලේනා වැනි සත්වයන් ගෙඩි සහිත ගසකින් බිමට  දමන ගෙඩි හා ශාඛ කොටස්වලින්  වනන්තරයේ පැල ගහනය වර්ධනය වේ.මෙය  වන ගහනයේ වර්ධනයට හේතුවන ස්වභාවික සත්ව මෙහෙයුමකි.දඬු ලේනා හා වඳුුුරා වගාවන්ට හානි කරන බවට චෝදනා කරන පාර්ශවයන් විසින් එය සිද්ධ වන්නේ  වන සතුන් හැසිරෙන  කැලෑව බලහත්කාරීව කෘෂිකර්මය සඳහා අත් කරගැනීම නිසා මතුවන පාරිසරික අසමතුලිත තාවය නිසා බව කල්පනා නොකරයි.  
ඇමති මහින්ද අමරවීර ⁣පරිසරය ගැන දැනුමක් අවබෝධයක් ඇති අයෙකු නොවේ.කෙසේවෙතත් රනිල් රාජපක්ෂගේ තක්කඩි දේශපාලන වුවමනාව සමාජගත කිරීම සඳහා ඇමති මහින්ද අමරවීර දඬු ලේනා ගෙන් වගා හානි වන බවට ප්‍රකාශ කර බව අපට පැහැදිලිය.
අපට මේ තක්කඩි මහත්වරුන්ට කීමට ඇත්තේ එක දෙයක් පමණය.සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට ඕනෑම අසූචි ගොඩක් රහ විඳින්නට ඔබට අයිතිය ඇත.අප ඒ ගැන ප්‍රශ්ණ නොකරමු.එහෙත් ඔබලා බුදින අසූචි වල අයිසින් ලෙස සැරසීමට මාතෘ භූමියේ ස්වාධීනත්වය අපෙන් උදුරා ගන්නේ නම්  කොන්දේසි විරහිතව අපි ඔබලාට එරෙහිව නැගී සිටින බව දන්වමු.

Spread the love

Leave a Comment

You may also like