අරගලයේ පිහිටෙන් ජනාධිපති වු රනිල් දැන් අරගල කරුවන්අත් අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇත්තේ…..” පොලිසියේ වැඩෙ ඔයාලා කලයුතුයි උපරිමයටම , හමුදාවේ උවමනාව හමුදාව කලයුතුයි උපරිමයටම, මගෙන් අහන්න එපා …..උපදෙස් ඒවට අදාල ලේකම්වරු වගකීම ගන්න ඕනි…”... ඒ කියන්නේ එදා අරගලය හොදයි කියු රනිල් රාජපක්ෂ අද කියන කතාව ඒ.
මේ වනවිට වයස 40-30 ත් අතර වයසක් ඇති ඉතාම හොද ශාරීරික පෙනුමක් ඇතිපුද්ගලයන් 03 දෙනෙකු ගේ මෘත ශරීර දිනෙන් දිනම ගෝල්ෆෙස් ආසන්නයට මුහුදෙන් ගොඩ ගසා තිබේ. එම මෘත ශරීර මේ වෙනතුරුත් කිසිදු හදුනා ගැනීමකට ලක් කොට නැත.
ඒ පිලිබදව අප විමසා බැලීමේදි එම මෘත ශරීර මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් කොළඹ ජාතික රෝහලේ තැන්පත් කොට තිබෙන බවට තොරතුරු ලබුණි. ඒත් ඒවා පිලිබදව ජනමාධ්‍ය මගින් කිසිදු ප්‍රචාරයක් ලබාදීමට ඉඩ නොදෙන බවත් ඊට දේශ බන්දු මැදිහත්ව ඒවා නතර කොට ඇති බවත් අපවෙතට උසස් පොලිස් නිලධාරියෙකු හෙලි කලේය.
මේයින් හැගීයන්නේ කුමණ හෝ රහසිගත සැලැස්මක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ තිබෙන බවත්, මේ මරාදමන්නේ අරගලයේ දි පැහැර ගත් අයදැයි දැඩි සැකයක් ඇතිව තිබේ. මේ අත් අඩංගුවට ගැනීම් හා මරාදැමීම් වලට එරෙහි නොවන විපක්ෂයේ සියළු පක්ෂ උන් උන් බලය වෙනුවෙන් කුලල් කාගන්නවා නම් උනුත් යම් දවසක කුණු බක්කියට තල්ලු කලයුතුය.