උණුසුම් පුවත්

නමෝ ….නමෝ…. මාතාවගේ අඳෝනාවක් අසාපල්ලා……

Spread the love

මේ අද රට වැටී ඇති ශෝකාන්ත ප්‍රපාතය කවර ආකාරය දක්වන කඳුළු සටහනකි.මිල්ටෙරි නන්දසේන බලයට පත් වන විට රණක්ෂයට පත් වූ මෙවැනි සෙබළුන් උකසට තැබූ බව අඩුම තරමේ හැට නව ලක්ෂයට අමතක වෙන්නට විදියක් නැත.

එදා රණවිරුවන් යැයි උඩ දැමූ සමාජයට අද වන විට රණක්ෂයට පත් වූ එම සෙබළුන් ගැන මතකයක් නැත.මතකයක් තබා ගන්නට බැරි තරම සමාජය බිමට පාත් වෙලාය.මිල්ටෙරි නන්දසේන ඇතුළු ආණ්ඩුවට නම් කෙසේවත් ඒ ආබාධිත සෙබළුන් ගැන මතක නැත.

මේ සටහන උපුටා ගත්තේ විශ්‍රාමික හමුදා කර්නල් එස්.කරුණාරත්නගේ මුහුණු පොතේ ගිනුමෙනි.ඔහු එහි ලියා ඇත්තේ මෙහෙමය.

“…මේ මා යටතේ 8 වන බළ ඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කර රණක්ෂයට පත් වූ සෙබළෙකි.මොහු 1995/11/10දින යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා දියත් වූ රිවිරැස මෙහෙයුමේදී කොටි කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව බරපතල ලෙස ආබාධිත තත්වයකට පත් වූ අයෙකි.ඔහුගේ වම් අත සහ කකුල අකර්මන්‍යයි.වම් වකුගඩුව සහ අතුනු බහන් කොටස ඉවත් කළ අයෙක්”.

වම් කකුළට බහින රුධිරය ආපසු ඉහලට සංචලනය නොවන නිසා බරවා කකුලක් වගේ මහත් වෙනවා.මේ තත්වයට ප්‍රතිකාර ගැනීමට අත්තනගල්ල සිට නාරාහේන්පිට හමුදා රෝහළ වෙත යන්නට සිදුව තිබෙනවා.ඔහු සතුව කන්වර්ට් කළ ඩීසල් ත්‍රිරෝද රථයක් තියෙනවා.
කරුණාකර මොහුට ඩීසල් ප්‍රමාණයක් දීමට හෝ එක් වරක් හෝ ප්‍රවාහන පහසුකමක් සපයා දීම⁣ට කැමති අය සිටීනම් අමතන්න..

සමරතුංග කරුණාරත්න විශ්‍රාමික හමුදා කර්නල්

මේ අද මෙරට ⁣මහ පොළොවේ වැතිරී ඇති කඳුළකි.ඒ එක කඳුළක් පමණි.එහෙත් දැන් සිවු දෙසින්ම ගලා යන මෙවැනි කඳුළු කතන්දර බෝහෝය.මිල්ටෙරි නන්දසේන ඇතුළු පොදුජන පෙරමුනේ කාලකණ්නියන්ට ඒ ගැන වගේ වගක් නැත.වරද ඇත්තේ එතැනය.  


Spread the love

Leave a Comment

You may also like