රනිල් වික්‍රමසිංහ ඔබටවත් මටවත් මේ ආණ්ඩුව බාරගන්න ජන වරමක් නෑ.අඩුම ගානෙ මට ජන වරමක් තියෙනවා.ඔබට එසේවත් ජන වරමක් නෑ පාර්ලිමේන්තුවෙ වාඩි වෙන්න යැයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කරන ලදී.
පහුගිය මාසෙ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපේ යෝජනාවලිය ඉදිරිපත් කරල තියෙනවා.ඒ යෝජනාවලිය තුළ කරුණු දෙකක් ඇතුලත්.ඉන් පළමු කාරණය තමයි මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුවත් ඉවත් වෙලා අපට බාර දෙනවා නම් අපි අපට කැමති ඇමති මණ්ඩලයක් මේ දෙසීය විසි පහ තුලින්ම පත් කරගෙන ආණ්ඩුව ගෙනියන්න අපි සූදානම්.
කවුරු හරි කියනවානම් අපි ආණ්ඩුව බාර ගන්න බෑ කිව්වාය කියල අපි ඒක කිව්වෙ මැයි 11 වෙනිදා.මෙි ඉන්න ගොඩක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට
තමන්ට වාසි කෑල්ල විතරයිඇහෙන්නෙ.විශේෂයෙන්අගමැතිවරයාට.ඔබතුමා කැමති කෑල්ල ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඇහෙන පුරුද්දක් තිබෙන බව මා කාලාන්තරයක් තිස්සේ දන්නවා.
අපේ දෙවැනි යෝජනාව වුනේ අපේ පලමු යෝජනාවට ඉඩ දෙන්නේ නැති නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් යම් නිශ්චිත වැඩ සටහනක් කාල රාමුවක් ඉදිරිපත් කරනවා නම් අපි විපක්ෂයේ සිට සහය දෙන්න සූදානම් කියලා.ඒත් අපේ මැයි 11 වෙනිදා යෝජනා සංවාදයට ගන්න පෙර රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස පත් වුනා.
මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අප සූදානම් අපට බාර දෙනවානම්.මේ මොහොතේ මම මේ අග්‍රාමාත්‍යය ධූරය බාර ගත්තත් රනිල් වික්‍රමසිංහ ඔබටවත් මටවත් මෙි ආණ්ඩුව බාර ගන්න ජන වරමක් නෑ.අඩුම ගානෙ මට ජන වරමක් තියෙනවා පාර්ලිමේන්තුවෙ වාඩි වෙන්න.ඔබට එහෙමවත් ජන වරමක් නෑ.
එහෙම කෙනෙක් අග්‍රාමාත්‍යය ධුරයේ දින නියමයක් නැතුව අවසන්වන කාල වකවානුවක් නැතුව සිටින එක යුක්ති සහගතද.සාමාන්‍යයෙන් ඔබ මාධ්‍ය වල හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියටයි.නමුත් මම ඔබගෙන් අහනවා ප්‍රජාතන්ත්‍රවාදීී මූලධර්මයන්ට කොහොමද මේක අනුකූල වෙන්නේ.ඔබ වාඩිවූ පුටුවේ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගිටින්න සූදානම් නැතිනම් අන්න ඒකට අපි විරුද්ධයි.
අපි මැතිවරණයක් ඉල්ලන්නෙ ඇයි.මෙි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවර පාලනයක් විතරක් නොවෙයි විශ්වසනීය ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි.මේ ආණ්ඩුවට ස්ථාවර බව ගැන ප්‍රශ්ණයක් නෑ.නමුත් මේ ආණ්ඩුවට විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්ණයයි තියෙන්නෙ.මෙවැනි ආර්ථික අර්බුදයකදී විශ්වසනීයත්වය බිඳ වැටුණු පාලනයකින් අර්බුදයට විසඳුම් සොයන්න බැහැ.