රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව මුලින්ම පක්ෂ පාට නොබලා එකා දෙන්න කෑකෝ ගැසුවත් ඒ ඉතාම හෙමින්ය .මිනිමරුවන් බව දන්න නිසම දෝයි වරෙක රාජපක්ෂලාට විරුද්ධව කට හෙල්ළුවේ නැති සියල්ලම කට ඇරලම උන්ගේ හොරාකෑම ,මිනිමැරුම් ,කොමිස් ගැහිලි කියන්න ගත්තේ ගාළුමුවදොර “අරගලය” නැමති තැනෙදීය.
ලෝකේ කොහේ අරගල බිහිව තිබුණත් ශ්‍රි ලාංකීය අරගලය ඉතාම සුවිශේෂිතය. ඒ කවුරුත් නොදන්න දෙයක් ඒ තුල පෙනීමට ඇති නිසාය. වෙනත් රටවල අරගලයක් යනු සමස්ථ ජාතියෙම පිබිදීමකි. ඒත් අවාසනාවකට ලාංකීය මන්දගාමි යල්පැනගිය අපේ සමජය වෙලි ඇත්තේ කුහකකම හා බඩ බඩ ගෝස්තරවාදීන් ගෙන්ය.
දැන් සිදුව ඇත්තේ රට රාජපක්ෂලාගේ ජුන්ටාවෙන් ගලවාගන්නවා සේම මෙවනි බඩ ගෝස්තර වාදි වාහෙලාගෙන්ද රට ගලවා ගැනීමටය .
ඒ ලාංකීය දේශපාලනය නිසාය. නිසාම බඩ ගෝස්තරවාදින් වු සමහරක් රාජපක්ෂලාට එරෙහිවන්නන් දැකීමට හෝ ඇසීමට කිසිදු ප්‍රියතාවක් නොදක්වති. අන්න ඔවුන් දකින්නේම රාජපක්ෂලාට එරෙහිවන්නන් දේශද්‍රෝහින් හා සමාජවිනාශකාරින් ලෙසටය. එවනි පුද්ගලයන් අද ගෝල්පෙස් අරගලය හදුන්වන නුතන ලුම්පන් නාමය ” චොරවෙලාය ” ඒත් ඇත්තටම සිදුව ඇත්තේ අරගලය නැමති බීජය දැන් රටපුරාම හතු පෙපෙන්නා සේ පිපීමයි.

චොරවී ඇත්තේ රාජපක්ෂ සනුහරයම බව දන්නෝ දනිති. මේ නොනවතින් අරගලය දැන් ලෝකය පුරාවටම ගෙනගොස් හමාරය. ඒ පිලිබදව හෙට සුම් තාක්ෂණය ඔස්සේ විද්වත් කතිකාවක් ගොඩ නැගීමටද නියමිත්ව ඇත. දැන් චොරවී ඇත්තේ රාජපක්ෂලා හා උන්ගේ වරිගයයි ඒ නිසා අරගලය ශක්තිමත්ව හා මුවහත්ව ජුන්ටාව පැන්නීමටත් පැන්නීමෙන් පසුවත් ගෙනයායුතුය.