රට පවතින ඉන්ධන අර්බුදය විසඳීමට තමන් සද් භාවයෙන් මැදිහත් වූ බවත් තමන්ට ඒ සඳහා සැලසුමක් පැවැති බවත් එය තමන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින විට ඉන්ධන බෙදාහැරීම පිළිබඳව සියළු වගකීම් ජනපති වරයා විසින් ඔහුගේ බල අධිකාරියට පවරා ගත් බවත් බල ශක්ති අමාත්‍යය කාංචන විජේසේකර සිය මිත්‍රයෙකුට පෞද්ගලිකව පැවසූ බව අප හට අනාවරණය වී තිබේ.
ඒ අතරේ ඉන්ධන ගෙන්වීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සිය දැනුවත් බවින් සිදු කළ යුතු බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාට උපදෙස් දුන් බවද වැඩිදුරටත් කාංචන විජේසේකර මන්ත්‍රීවරයා සිය මිතුරා වෙත පවසා තිබේ.මෙම අනාවරණය වීම් වලින් අපට තහවුරු වන්නේ රාජපක්ෂ පවුලේ දූෂිත ජාවාරම් තවමත් අවසන් වී නැති බවය. රාජපක්ෂ වරුන්ට මෙරට පවතින ආර්ථික අර්බුදය විසඳිමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඔවුන් තවමත් පවතින අර්බුදය ආවරණයක් කර ගනිමින් සුපුරුදු ජාවාරම් වල නිරත වන බව මින් තහවුරු වේ.
පසුගිය දින වල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොදු ජන පෙරමුණට සම්බන්ධ ඉන්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් හා සාකච්ඡා පවත්වන ලද බව ජන මාධ්‍ය විසින් කෙරිණි.මොහුගේ මෙි අනියම් මැදිහත් වීම තුළ පවා දැක ගත හැක්කේ ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමේදී දූෂිත ගනුදෙනුවක නිරත වීමට අවශ්‍ය කෙරෙන පදනම සකසා ගැනීමට යැයි සැකයක් මතුවේ.ඒ මන්ද යත් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන්නේද පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නෙක් නිසාය.