උණුසුම් පුවත්

ඇමතිවරයෙකුට අදානි ඩොලර් මිලියන 1.5ක් දුන්නා – අනුර කුමාර දිසානායක

Spread the love

ඉන්දියාවේ අදානි සමාගමට LNG ව්‍යාපෘතිය ලබාදීම වෙනුවෙන් එක් ඇමතිවරුයෙකුට ඩොලර් මිලියන 1.5ක් ලබා දුන් බවට තමන්ට තොරතුරු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අනාවරණය කරයි.

ඔහු මේ බව අනාවරණය කර සිටියේ පසුගිය 10 වෙනිදා කුරුණෑගලදී පැවති “මගේ රට බංකොලොත් කළේ කවුද?” සම්මන්ත්‍රණය අමතමණි.

“අදානි සමාගමට දෙනකොට. ඊයේ, ඒගොල්ලන්ගේ කවයේ ඉන්න කෙනෙක් අපිට තොරතුරු එව්වා, අදානි සමාගමට දෙනකොට සෝලා ව්‍යාපෘතිය ඩොලර් මිලියන එකහමාරක් දුන්නා කියලා ඇමතියෙකුට.

එහෙමයි මේ රටේ ධනය විනාශවෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට ආර්ථික ප්‍රතිපත්තියේ වගේම දේශපාලන ප්‍රතිපත්තියත් හේතුවෙලා තියෙනවා. සමහර අය මේ ආර්ථික අර්බුදය විසඳීමේ මාවත හොයන්නේ ආර්ථික ප්‍රතිපත්තිවලින්. ආර්ථික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි මේ අර්බුදය මෙතෙන්ට ගේන්න ආර්ථික ප්‍රතිපත්තිය හා සමාන ලෙස අපේ රටේ දේශපාලන සංස්කෘතිය බලපෑම් කරල තියෙනවා. ඒක නිසා මේකට විසඳුම් හොයන්න ආර්ථික ප්‍රතිපත්තියේ වගේම දේශපාලන සංස්කෘතියේ වෙනසක් 


Spread the love

Leave a Comment

You may also like