උණුසුම් පුවත්

“පොලිස් ලොකු මුදලාලි” ගේ පැමිණීමත් සමගම පොලිස් කුඩු වෙළෙන්දෝ සාක්ෂිකරුවන් තැනින් තැන මරා දමයි

Spread the love

 අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා  ඇති බව මේ වන විට වාර්තා වෙන අතර එම පුද්ගලයා පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්  නැවත රට තුළ විකිණීම පිලිබදව අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට විරුද්ධව සාක්ෂි දුන් සාක්ෂිකරුවන් ගෙන් එක් අයෙකි.

පොලිස් නාකොටික් නිලධාරින් අත් අඩංගුවට පත් වුයේ අත් අඩංගුවට ගත් නඩුභාණ්ඩ වු හෙරෝයින් නැවත “ටයිල් සමන්තට” විකුණා තිබියදි පොලිස් මුලස්ථානය කල වැටලීමකදි හෙලිවු තොරතුරු මත පොලිස් නිලධාරින්  කිලෝ 120කට වඩා හෙරෝයින් විකුණා තිබියදිය. ඒ පිලිබදව පුද්ගලයන් ගනනාවක් තුලින් ලබාගත් සාක්ෂි මත මෙම නඩුව මේ වනවිට මහාධිකරණයේ විභාග වෙමින් පවති.

උපපොලිස් පරීක්ෂක උදාර ,උපපොලිස් පරීක්ෂක සමන් සහ  කොස්තාපල්  වීරසිංහ සමග නිලධාරීන් 14දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහිදී අත්අඩංගුවට පත්වී තිබුණි. තොරතුරු අනුව එම වැටලීම පොලිස් මූලස්ථාන විසින් සිදුකර ලද්දකි.

මේ වන විට ඇප මත සිටින එම  පොලිස් නිලධාරීන් ඔවුන්ට එරෙහිව සාක්ෂි දුන් සියලු පුද්ගලයින් ඝාතනය අරඹා ඇති බව අප වෙත ඉතාම විශ්වසවන්ත තොරතුරු ලැබි තිබේ ඒ අනුව අද පලමු බිල්ල අළුත්ගමදි ගෙන තිබේ . වහාම  එම පුද්ගලයින්ගේ ඇප අවලංගු කොට එම සාක්ෂිකරුවන්ගේ ජීවිත බේරා ගෙන සාධාරණ අධිකරණ තීන්දුවකට වට පිටාව සැලසිය යුතුය.

කලක් මඩකලපුවට වී කඩේවසා දමාසිටි ලොකු මුදලාලිට දේශබන්දු ගේ පිහිටෙන් දැන් ටිරාන් අලස් හරහා පින පැදි නැවතත් කුඩු කඩේ ඇරබීමට මඩකලපුවේ සිට හෙට අනිද්දාම  CI ප්‍රබෝධලාත් නාකොටික් එකට සම්ප්‍රාප්තවෙනු ඇත.

අප ඉතාම වගකීමෙන් හෙලිකරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නැවතත් ලංකාවේ කුඩු තිප්පොලක් බවට පසු ගිය සතියේ සිට වැඩ ඇරඹු බව අපි දනිමු. ඒ ලොකු මුදලාලි ගේ සම්ප්‍රාප්තියත් සමඟම රංග ජීවලා ,උදාරලා,එකව කුඩු බිස්නස් එක යස අගේට කරමින් මිනිමැරීමත් ජයටම ඉස්සරහට සිදුවෙන බව සහතිකය.


Spread the love

Leave a Comment

You may also like