මහබැංකු අධිපති නන්දලාල් ගේ කෙරුවාවත් ගොබ්බ නන්දසේනටම හරියන නිසාම ඔස්ට්‍රේලියාවට ගොස් එක පයිම පැමිණි බව දැන් නම් හොදටම පැහැදිලිය. රාජපක්ෂලාගේ කළුසල්ලි සුදුකරන ධම්මිකලාට, ඇවන්ගාඩ්ලාට ,දිලිත්ලාට , අශෝක පතිරගේට ලැබෙනු මිලියන ගනන් ණය සහණය අපේ දේශිය ව්‍යාපාරිකයන්ට නොදීමේ ආදීනව රටත් ජනතාවත් ඉතාම ලඟදි විදවන එකනම් සහතිකය.
ඒ කුඩා ව්‍යපාරිකයන් සමඟ ගැට ගැසී ඇති ග්‍රාමීය පවුල් විශාල ප්‍රමානයක් ඉදිරියේදි පාරට බසීමට නියමිතය. කුඩා ව්‍යාපාරිකයන් හා ත්‍රිරෝද රියදුරන්ට , තනි ව්‍යාපාරයන් කරන කුඩා ව්‍යාරික ප්‍රජාව පාරට පාරට දැමීමට නන්දලාලුත්, නන්දසේනත් තටමන්නේ උන්ගේ ගජමිතුරන් ගේ මනදොල සැපිරීමටය.
දැන් කලයුත්තේ එකාමෙන් එකට සිට කිසිවෙක් රජයට ණය සතයක්වත් නොගෙවා රට ස්ථාවර භාවයට පත් වනතුරු කල් ගැනීමය. එක්ව ජය ගන්නවාද…? වෙන්ව මිය යනවාද…? යන්න දැන් තීරණය කලයුතුයි.
මේ නිසා “ලංකා දවසේ” අපි කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට කියන්නේ රට ස්ථාවර වනතුරු සතයක්වත් තම වරික නොගෙවන ලෙසයි. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන් ඒ සියල්ලම එකට සිටගත යුතුය. ඒ ධම්මිකලාට, ඇවන්ගාඩ්ලාට ,දිලිත්ලා එක බත් පතකා රටේ සල්ලි කොල්ලකන්නෙ රාජපක්ෂලාගේ අනුහසිනි. ඒ බව සිහියේ තබාගෙන ඔබත් එකට එක්ව කිසිවෙක් ණය ගෙවීම නොකල යුතුයැයි අපේ අදහසයි.