ගෝල්ෆේස් නිරායුද අරගලයට පහරදීමේ නඩුව අද ජුනි (01 ) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැදවීමට නියමිතය. පහර දුන් පුද්ගලයන් අල්ලනවා වෙනුවට පොලිසිය ප්‍රාදේශිය මට්ටමින් ජනතා විමුක්තිපෙරමුණේ ආධාරකරුවන් හා වෙනත් පක්ෂවල ආධාරකරුවන් බිලිබෑම නිසා අරගලය වෙනුවෙන් පෙන් සිටින නිතිඥයන් පසු ගිය දා අධිකරණයට කරුණුවාර්තා කරමින් කියා සිටියේ ගෝල්ෆේස් අරගලයට පහරදුන් හා ඊට ආධාර අනුබල දුන් දේශබන්දු වැනි පුද්ගලයන් තවමත් අත් අඩංගුවට නොගන්න බවයි.
ඒ පිලිබදව විමසු ගරු මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා CID දැඩි දෝෂ දර්ශණයට ලක් කලේය. එ නිසාම හෙට මෙම නඩුවේ කැදවීමට් තිබෙන බැවින් මේ වනවිට ගුරු සංගමයේ වසන්තා හදපාන්ගොඩ නැමති තැනැත්තියක් සමඟ තවත් පුද්ගලයන් 06ක් මීට සුළු මොහොතකට පෙරCID අත් අඩංගුවට පත් විය. එම පුද්ගලයන් හෙට අධිකරණයට ඉදිරිපතිකිරීමට නියමිතය.