උණුසුම් පුවත්

හමුදාපති ශවින්ද්‍ර ගේ ජීවිතයේ අනතුරේ, ඔහු ඉපයු ධනය පිළිබඳව සොයන්නට හමුදා බුද්ධි අංශ

Spread the love

මේ වෙනවිට මහින්ද රාජපක්ෂලාගේ කොන්ඩම් තියරිය ට ලක් වූ ආසන්නතම පුද්ගලයා වී ඇත්තේ  වර්තමාන හමුදාපති තවත් දින කීපයකින් ඉවත් කිරීමට නියමිත ශවීන්ද්‍ර සිල්වාය.

 ගෝඨාභය අතර ඇතිවූ සම්බන්ධතාවය ගසට පොත්තක් සේ ය. එහෙත් පසුගිය කාලය තුළදී ශවීන්ද්‍ර සිල්වා  ගෝඨාභය රාජපක්ෂට වඩා  විශ්වාස කරන ලබන සහන් නැමැති සාස්තරකරු පසුපස යමින් ඔහු රටේ අගමැති ධූරයට පත්වන බව නිරන්තරයෙන් ම ඔහුගේ බිරිඳ සුජිවා විසින් පැවසීම නිසා රාජපක්ෂ පවුල තරමක් තැති ගැන්මකට පත්ව සිටියේය.

 මේ නිසාම ශවීන්ද්‍ර සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාපති ධූරයෙන් ඉවත් කිරීමට මේ වනවිටත් සූදානම් බව ආරංචි මාර්ග පවසයි. එසේම හමුදාපති ශවින්ද්‍ර සිල්වාගේ ඉවත්වීමත් සමඟම ඔහු මේ වනවිට උපයා ඇති ආදායම පිළිබඳව වහාම වාර්තා කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිද හමුදාව තුළ තිබෙන සියලුම ඔත්තු සේවාවන් දැනුවත් කර ඇති බවද අප හට ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

පසු ගිය දිනක සලේ ගේ රාජ්‍ය බුද්ධි අංශ විසින් රහසිගත ගිනුමින් ලක්ෂ 30 ක් කන්ටේනර් රියදුරනට දුන් බව අපි වාර්තා කලෙමු. මේ වන විට ශවින්ද්‍ර සිල්වා අනාගතයේ තම පවුලට තරජනයක් වේයැයි සිතා ඔහු ඝාතනය කිරීමට වුවත් රාජපක්ෂලා ඉඩ ඇති බවට විශ්වස කල හැකිය.


Spread the love

Leave a Comment

You may also like