පසු ගිය 09 වනදි නිරායුධ පුද්ගලයන්ට පහර දී මේවනවිටත් එම ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටි 04 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමන් සිටි. ඒ සියල්ලම සිදු වුයේ අරලිය ගහ මැදුරේ සිට පැමිණි පොහොට්ටු ආධාර කරුවන් මයිනා ගමට පහර දි ඉන් අනතුරුව ගෝල්ෆේස් පිටියේ අරගලයට පහර දීම නිසාය.
එසේ පැමිණීම කොයිම වේලාවකදීමවත් පොලිසිය මැදිහත්ව පලනය නොකලේ බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මැර කණ්ඩායමට නායකත්වය දි රැගෙන යාම නිසාය.
ගෝල්ෆේස් අරගලය නිතියානුකූලව ඉවත් කිරීමට බැරි වීම නිසාම මෙම පහරදීම සිදු කොට ඉවත් කිරීමට ගිය බව සැබෑය. එ නිසාම එම පහර දීම සිදු කලේ දේශ බන්දු ගේ ආධාර ,හා ආරක්ෂාව සහිතවය. එ නිසාම මේ පිලිබදව අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණය කලේය . පසුව ඒ පිලිබදව නිතිපති වෙතට වාර්තා කිරීමෙන් පසුව පසු ගිය 23 වන දින පොලිස්පති අමතා වහාම බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශ බන්දුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියෝග කලාය .
ඒත් අද 26 වන දින තෙක්ම පොලිස්පති එසේ නොකරන්නේ කුමණ හේතුවකට දැයි අද කොටුව ප්රධාන මහේස්ත්රාත්යවරයා විමසිය. ඒ නිතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි අතිරේක සොලිසිට ජෙනරාල් වරිය වන අයේෂා දිනසේන මහත්මිය ගේ කරුණු පැහැදිලි කිරීම නිසාය.
මේ පිලිබදව විමසිමේදි දේශබන්දුව ඉවත් නොකරන ලෙසට පොලිස්පතිට කියා ඇත්තේ නාමල් රාජපක්ෂය . එසේම රටට රාජපක්ෂලා ජම්ම තරහක් පෙන්නන්නේ උන්ගේ පැවැත්මට පමණි. එත් සිදුවන්නේ ඒ සියල්ලම ජනාධිපති ගෝඨාභයගේ අනුහසිනි. ඒ නිසාම පොලිස්පති දේශබන්දු ඉවත් නොකර ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පති තිලකරත්නව ඉවත් කලේය.
එසේම වර්තමාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක කාවින්ද විජේසේකරවත් ඉවත්කොට වෙනත් නිලධාරියෙක් ගෙනවීමට දේශබන්දු ඇමති ටිරාන්ට හා ආණ්ඩුව මෙහෙයවන නිස්සංක සේනාධිපතිට දැනුම් දී ඇති බව වාර්තාවී තිබේ.
රට පාලනය වන්නේ එවනි මාෆියාවක් තුලිනි. ඔවුන් නිතිය හෝ අධිකරණය පයිසෙකටවත් මායිම් නොකරනු ඇත.