උණුසුම් පුවත්

සහකාර පොලිස් අධිකාරි දෙහිගම ගේ අනුහසින් මහනුවර ගෝඨාගමට පහරදුන් මිනිමරු සංගීත් ද සිල්වා අත් අඩංගුවට ගනු.

Spread the love

මහනුවර ජොර්ජ්. ඊ.ද සිල්වා භූමිය තුල ස්ථාපනය කර තිබු සාමකාමි ජන අරගලයට අවි සහිතව පැමිණි මිනිමැරුම් නඩුවක සැකකරුවෙකු වන සංගීත් ද සිල්වා හා ඔහු සමඟ පැමිණි පාතාල පාහරයන් පහරදි විනාශ කලේය.

ඊට අවශ්‍ය පුර්ණ ආරක්ෂාව ලබාදි ඇත්තේ මහනුවර පොලිස් ස්ථානයේ දිස්ත්‍රික් 1 භාර  සහකාර පොලිස් අධිකාරිවරයෙකු මිනිමරුවන් සමඟ “මචං ” ක්‍රමේට සිටීම නිසාම අද ජනතාවගෙන් පොලිස් නිලධාරින් සමහරක් ඇති නොකියන්න කමින් ඇත. තරු ඔටුනු ගැසුවත් සමහර පුද්ගලයන්ගේ ගති පැවතුම්” බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද නෑරේ” කියනවාට දෙවනි නොවේ. මින් සිදුවන්නේ සමස්ථ පොලිස් සංහතියටම උන්ගේ තුප්පැහි වැඩවලට වන්දි ගෙවීමට් සිදු වීමයි.

පසු ගිය 09 වනදින පොලිස් මුලස්ථානයේ නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පවා පැමිණියේ නිලඇදුම තම කාර් රථයේ ඩිකියේ සගවාගෙනය. ඒත් ඒ අතරම ජනතාව සමඟ සිටින නිරහංකාර නිති ගරුක නිලධාරින් නිලඇදුමින්ම පැමිණියාය. සංගීත සිල්වාව අත් අඩංගුවට නොගත හොත් මහනුවර තවත් විනාශක ගැටුමකට මුල පුරනවා ඇත. එ නිසාම මේ නිනිමරුවා වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලයුතුය. 


Spread the love

Leave a Comment

You may also like