උණුසුම් පුවත්

අමාත්‍යංශ ලේකම් වරු පත් කෙරේ

Spread the love

මිල්ටෙරි නන්දසේන අද දින අමාත්‍යංශ සඳහා ලේකම්වරු විසි තුන් දෙනෙක්

පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.මෙම පත්වීම් අතරේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කන් සිටින්නේ ⁣තුන්දෙනකු පමණය.
ඒ මහමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇති රන්ජිත් ප්‍රේමසිරි මහජන ආරක්ෂක අමාත්‍යංශයට පත් කර ඇති එස්. හෙට්ටිආරච්චි හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල්  දයා රත්නා⁣යකය.මෙහිදී මහා මාර්ග අමාත්‍යං⁣ශයේ ලේකම් ලෙස පත් කර ඇති රන්ජිත් ප්‍රේමසිරි යනු පරිපාලන සේවයේ අන්ත දූෂිතයෙකු වේ.බැසිල් රාජපක්ෂගේ හෙංචයියකු වන රන්ජිත් ප්‍රේමසිරි මහමාර්ග අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස මීට ඉහතදීද කටයුතු කළ අය වේ.ඔහු නැවත මහමාර්ග අමාත්‍යංශ⁣ ලේකම් වරයා ලෙස සේවයේ පිහිටුවා ඇත්තේ රාජපක්ෂවරුන්ගේ ගරානාව ඇත්තේ මහමාර්ග ඉඳිකිරීම් කොන්ත්‍රාත්වල  නිසා බව පැහැදිලිය.එය පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දක්වා විහිදී යන දූෂිත ආයෝජනයකි.බැසිල් රාජපක්ෂගේ දේශපාලන අත පෙවීම් තවමත් අවසන් වී නැති බවට හොදම  උදාහරණය මේ මහමාර්ග ලේකම් පත් කිරීමයි.
මෙවර අමාත්‍යංශ ලේකම් වරු පත් කිරිමේදී මෙතෙක් අමාත්‍යංශ ලේකමි වරු ලෙස කටයුතු කළ මේජර් ජනරාල්වරු  ගනනාවක් නැවත පත් කොට නැත.එහිදී කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් දයා රත්නායකගේ  තනතුර පමනක් වෙනසක් කර නැත.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස පත් කර ඇති එම්.එම්.පී.කේ මායාදුන්න මෙරට පරිපාලන සේවයේ ගෞරවයට ලක්ව සිටින නිළධාරියකු ⁣⁣වේ. 

 



Spread the love

Leave a Comment

You may also like